Chapter 35

1.4K 271 371
                                    

ඈතින් පොඩි අය අකුරු කියන සද්දෙ අහගෙන ඉස්කෝලෙ පිට්ටනියෙ වල් සුද්ද කරන තරුණයො දෙන්නා මොහොතකට වැඩේ නතර කරේ පිට්ටනියෙ කෙලවර ගලකින් වාඩි වෙලා. වෙන වැඩකුත් තිබුනෙ නැති නිසා වැහි කාලෙදි පිට්ටනියෙ වැවිලා තිබුන වල් සුද්ද කරන අදහසින් අජෙයි මංජුයි ඉස්කෝලෙට ආවෙ මාදව පස්සෙ පඩි ලැබුනම ඒ අයට සල්ලි ගෙවන්නම් කියපු නිසයි.

භාග්‍යයා ගොඩනැගිල්ලෙ එක පැත්තක පුන්චිම එවුන්ට අකුරු කියලා දෙන වෙලේ මාදව ගොඩනැගිල්ලෙ මෙහා පැත්තට වෙලා අනිත් ලොකු එවුන්ට පාඩමක් කියෙව්වා. ඉස්කෝලෙ ගොඩනැගිල්ලෙ ජනේලෙන් පෙනුනෙ දෙපැත්තට වෙලා උගන්නන ගුරුවරු දෙන්නා විතරයි. වල් කපන තරුණයො දෙන්නා ගල උඩ වාඩි වෙලා විඩා ඇර ඇර බලාගෙන හිටියෙ තම තමන්ගෙ හිතා ගත්තු ඉස්කෝලෙ ගුරුවරයා හෝ ගුරුවරිය දිහා.

"උඹ ඇත්තටම ඉස්කෝලෙ මහත්තයට කැමතියි කිව්වද ?"
මංජු අන්තිමේ නිශ්ශබ්දතාවය බිදින ගමන් කියනවා ඇහිලා අජේ හැරිලා බැලුවා.
"ඔව්. මන් කෙලින්ම ඇහුවා මට කැමතිද කියලා"

"එයා මොකද කිව්වෙ ?"

" 'නෑ !' කිව්වා දෙපාරක් හිතන්නෙ බලන්නෙ නැතුව"
අජේ කියනවා ඇහිලා මංජු බලාගෙන හිටියෙ අජේ තව මොනාහරි කියනකම්.
"එයා හා කියනකම්ම මන් එයාගෙන් අහනවා. එක්කො එයාට එපා වෙයි එහෙම නැත්තන් මට එපා වෙයි."
අජේ කියනවා ඇහිලා මංජු ලොකු හුස්මක් අරන් පහතට දැම්මෙ අත් දෙක බැදගෙන.

"උඹ නවත්තන්න එපා. කවදහරි ඉස්කෝලෙ මහත්තයා අනුකම්පාව පැත්තක දාලා තොගෙ මොලේ වරිගෙ පීල්ලෙ දාලා හෝදලා ගනී. එදාට උඹටත් තේරෙයි උඹෙ මොලේ වටේට පුස් කාලා තිබුනෙයි කියලා"
මංජු කිව්වත් අජේට ඒ වගක් ඇහුනෙ නෑ. ඈතින්ම එන චූන් පාන් සද්දෙ ඇහිලා අජේ ගිහින් මාදවට පේන දිහාකින් ඉස්කෝල ගොඩනැගිල්ලට එලියෙන් හිටගත්තු නිසා මාදව පාඩම අතරමග නතර කරලා එලියට ආවා.

"ඔයාල ගෙදර යන්නද යන්නෙ මේ තරම් ඉක්මනට ? මුළු පිට්ටනියම උදුළු ගෑවද ?"

"නෑ අපි යන්න නෙවෙයි ලෑස්ති වුනේ. කීයක් හරි දෙන්නකො. චූන් පාන් එනවා"
අජේ හිගන්නා වගේ අත දිග ඇරලා ඉල්ලනවා ඇහිලා මාදව සාක්කුවට අත දාලා රුපියල් පන්සීයක් අරගෙන අජේ අතට දුන්න නිසා අජේ පඩිපෙල දිගේ දුවන දිහා මාදව බලාගෙන හිටියෙ ඉර අව්වෙන් බැටකන ඇස් දෙක පුන්චි කරන්. ඒ පස්සෙන් මංජුත් යනවා දැකලා මාදව කෑගැහුවා.

ලාවුළු | boy love | ongoingWhere stories live. Discover now