Chapter 29

1.3K 276 179
                                    

පාන්දර කුකුලා අවදි වෙන ජාමේ හැමෝම පන්සලේ ඉදන් ආපිට හැරිලා ආවෙ කෑකොස්සන් ගහගෙන. නඩේ ඉස්සරහින් යන පිරිමි දෙතුන් දෙනෙක් අතේ තිබුන ගිනි හුල්ල උඩට පහලට වැනුනෙ බොරළු පාර ආලෝකමත් කරගෙන. ඒ වුනත් පස්සහට වෙලා හෙමින් එන ගෑණු ආවෙ අතේ තිබුන විදුලි පන්දම් පත්තු කරගෙන.
පෙරහැර අවසන් වුන නිසා හැමෝම පන්සලේ ඉදන් ගෙවල් වලට යන වෙලේ අජේගෙ පවුලෙ අය පෝලිමට දක්කද්දි මාදවට පෙනුනෙ මුලු ගමක්ම ඇවිදිනවා වගෙයි.

සිලම්බු සද්ද කර කර යන අජේයි මංජුයි නිසා 'ඇත්ගාලෙ ඇත්තු' යනවා වගෙයි පෙනුනෙ. ඊට පස්සහින් බෙරෙත් ඉනේ බැදන් හෙමිහිට එන අජේගෙ අප්පච්චි ඉදලා හිටලා බෙරේ තැලුවෙ තරුණ වුන්ගෙ අඩව් වලට රුකුල් දීලා. සුදූ කියලා හදුන්වපු කෙනත් නිල ඇදුමෙන්ම වැඩ ඇරිලා එන අතරමගදි ඒ අයට එකතු වුන නිසා ලොකූ කියලා හදුන්නපු වැඩිමහල් තරුණයා විතරයි කලිසමයි කමිසෙයි ඇදන් හිටියෙ. පෙම්වතියත් එක්ක කදේට වැටිලා හෙමින් එන ලොකූ ඇරෙන්න අනිත් හැම එකාලම පාර මැද්දෙ ඝෝශා කරේ තාර පාර දිගේ පාන්දරට වාහන යන්නෙ නෑ කියලා දැනන් හිටිය නිසයි.

දෙවෙනියි තුන්වෙනියි නම් එනකම්ම කන් කෙදිරි ගෑවෙ අත පය රිදෙනවා කියලයි. ඒ නිසා අජේගෙ අප්පච්චි වුනු පලියප්පෙරුම මහ හයියෙන් කෑගැහුවෙ බෙරේ තල තල.
"අනේ ඉතින් තොපි ගෑණු වගේනෙ බන්. කසයක් තලලා කන් කෙදිරි ගානවනෙ."

"අප්පච්චි දන්නෙ නෑනෙ මේකෙ අමාරුව. මේ තඩි කස උස්සගෙන හිටියත් ඇති උරහිස් අමාරුව එන්න."

"අනේ පලයන් බන් යන්න තොපෙ මහලොකු කසේ !"
පලියප්පෙරුම කියනවා ඇහිලා එකපාරටම හැම එකාලගෙ අතරෙම මහ විවාදයක් ඇති වෙන්න ගත්තෙ කාගෙ රාජකාරියද වඩාත්ම අමාරු කියලා හොයාගන්න ගිහිල්ලයි.

ඒ වුනත් අජෙයි මංජුයි ඉස්සරහින් ගියේ පොඩි වුන් වගේ ලාවුළු ඇහිද ඇහිද. ඒ දෙන්නා බාලම වුන් නිසා වැඩිහිටියොන්ගෙ කතා මැද්දට අජෙයි මංජුයි කට ගහන්න ගියේ කලාතුරකින්. චූටියි, සුදුයි දෙන්නා මාදවට වඩා වයසින් බාල වුනත් මාදවට ඒ ගැන අමතක වෙලයි තිබුනෙ. අජේ අයියා කියලා කතා කරපු හැම කෙනාටම මාදවත් අයියා කියලා කතා කරේ ඒ අයගෙ මුහුකුරා ගිය පෙනුම නිසා තමන්ට වඩා ඒ අය වැඩිමහල් පෙනුමට පෙනුන නිසයි. ඒ නිසා හැමෝම හිතන් හිටියෙ මාදවත් අජේගෙ සම වයසෙ වෙන්න ඇති කියලයි.

ලාවුළු | boy love | ongoingHikayelerin yaşadığı yer. Şimdi keşfedin