Tatoo

4.9K 393 97
                                    

නළලෙන් පෙරන දාඩිය අතින් පිහදදා කෙරුමා Tshirt විකුණන්න ෆුල් ට්‍රයි එකක් දෙනව. මං විනාඩි පහක් විතර මුගෙ මේ වැඩේ දිහා බලාගෙන ඉඳල ගත්ත උට කෝල් එකක්.පෝන් එක දිහා ටික වෙලාවක් බයවෙලා වගේ බලාගෙන හිටපු ඌ කෝල් එක ආන්සර් කරල පෝන් එක කනේ තියාගත්ත.....

"ස්... සොරි සර්...!! කලින් පොඩි බිස්නස් එකක් ආවා.මගෙ අතින් කෝල් එක කට් වෙලා. සල්ලි තිබ්බෙ නෑ ආයෙ සර්ට ගන්න......!!! "

"මං ඒක ගැන දැන් උඹෙන් මොකුත්ම ඇහුවද ....??? "

"න්... නෑ සර්...!! "

"එහෙනං අදින් පස්සෙ මං අහනදේට විතරක් උත්තර දෙන්න උඹ පුරුදු වෙයන්....!! තේරුනාද .....??? "

"ඔව් සර් තේරුනා...!!! "

"එහෙනං.... ඩෝබි ගෑණි වගේ දැන් ඔය වනාගෙන ඉන්න රෙදි වැල අකුලගෙන කෙලින්ම වරෙන් උඹේ ඉස්සරහින් තියෙන කළුපාට බෙන්ස් එක
ගාවට...!! "

මං ඒක කිව්ව විතරයි අරූ පුකේ ඇණයක් ඇනුන වගේ නැගිටපු විදිහට මට හිනත් ගියා....දඩිබිඩියෙ Tshirt ටික අතට ගත්ත ඌ බයෙන් බයෙන් මං හිටපු කාර් එක ගාවට ඇවිත් මං ඉන්න පැත්තෙන් හිටගත්ත.මං ෂටර් එක පාත් කරල කෙලින්ම ඉස්සරහ බලාගෙන හිටිය ඌ දිහා නොබල........

"සර් ...!!! "

"නැගපන් කාර් එකට.....!!! "

"සර් මට විනාඩි තුනක් දෙන්න පුළුවන් ද මේ ඇඳුම්ටික කඩේට දීල එන්න..?? "

"උඹට මං දැන් මොකක්ද කිව්වෙ අර්ජුන්....??? "

"අනේ සර් මට හොරෙක් වෙන්න බෑ මේවා අරං ගිහිල්ලා....!!! සර් මාව මැරුවත් කමක්නෑ මං මේ ටික දීල එන්නං....!!! ඒ ආවහම මට ඕනෙ දෙයක් කරන්න......!!!! "

ඌ එහෙම කියල මං ඒ පැත්ත බලන්නත් කලින්ම පාරෙන් එහා පැත්තට පැනල ඒ පැත්තෙ තිබ්බ ලොකු රෙදි කඩයක් ගාවට ගියා.ඒකෙ හිටපු මුදලාලියට ඉතුරු Tshirt ටික දීල ඒ මිනිහ දීපු රුපියල් තුන්සීයකුත් අරගෙන ආයෙ මං ගාවට එන්න උට විනාඩි තුනක් ගියේ නෑ.........!!!

"සර් මං ආවා....!!! "

"නැගපන් එහෙනං..... ඉස්සරහින් නෙවෙයි බූරුවො පිටිපස්සෙන් නැගපන්.....!!! "

මූ කාර් එක අනික් පැත්තෙන් ඇවිත් ඉස්සරහ සීට් එකේ ඉඳගන්න හදද්දි මං උට සද්දෙ දාලා පිටිපස්සට යැව්වා......

මාංචු Where stories live. Discover now