43 කොටස (අවසානය)

317 50 32
                                    

"අද මොන අඩව්වක් අල්ලලද ආවේ."

හොරෙන් හොරෙන් ගේ ඇතුලට අඩිය තියන ලොකු කොල්ලෝ දෙන්නාගෙන් යුගාන් ඇහුවේ කොල්ලෝ දෙන්නා ඉද්ද ගැහුවා වගේ එක තැන නතර වෙද්දී.

"හේ හේ ලොකූ තාත්තී මුකුත් නෑ." යසිරුගේ කොල්ලා බෙල්ලත් කස කස කියද්දී යුගාන් නම් බලන් හිටියේ 'අපි නම් ඕවට තැම්බෙයි වගේ බැල්මකින්'

"xxx එකේ නෙලීශයට ගැහුවා." ගහෙන් ගෙඩි එන්න වගේ විවේග් කියද්දී තියේශ්ගේ කටත් බාගෙට ඇරුනා. ඇයි ඉතින් කතා කර ගත්තේ මොනා ඇහුවත් කට හොල්ලන්නේ නෑ කියන්නනේ.

"හේතුව?"

"ඌ අපේ බබීට කරදර කරා. බබීට ක්ලාස් යන්න නෑ මූ ඒ හැම තැනකම ඉන්නවා. ලයින් දානවා නම් කමකුත් නෑ. ඒත් වද දෙනවා. ඉතින් ගැහුවා" 

යුගාන්ගේ එකට යා වෙලා තිබ්බ ඇහි බැමි පොඩ්ඩක් ලිහිල් උනා.

"ම්ම්... හැබැයි කැම්පස් යන කොල්ලෝ දෙන්නෙක් අවුරුදු 18ක් වත් නැති කොල්ලෙක්ට ගහනවා කියන එක සාදාරණ නෑ. අතින් පයින් ප්‍රශ්න විසදන්න කලින් මුලින් සාමකාමීව ප්‍රශ්නේ විසදන්න බලන්න."

"හරි ඩෑඩ්" 

"ම්ම්ම්... දැන් පල දෙන්නත් එක්කම උඩට. තාත්තී දැන් එනවා ඇති. ලොකු පුතාගේ හපන් කම් දැක්කොත් ඒ මනුස්සයට නැති ප්‍රෙශරුත් නගී." 

"පුහ් මෙයැයි බලන්නකෝ. තාත්තිව මං බලා ගන්නම් අනේ. චූටී මහත්තයව මට වැඩි නෑ."

"ලොකු පුතා!! දෙනවා බොට මං දැං" යුගාන් ගහන්න වගේ අත ඉස්සුවත් හරි විවේග්ගෙයි තියේශ් ගෙයි හෙවනැල්ලක්වත් හොයා ගන්න නෑ.

............................................................................

වොශ් එකක් දාගෙන එලියට ආපූ තියේශ් දක්කේ විවේග් ඇද විට්ටමට හේත්තූ වෙලා එක අතක් ඔලුව පිටි පස්සෙන් තියාගෙන ඇස් දෙකත් පියාගෙන ඉන්න හැටි. ටවල් එක රැක් එකෙන් දාපූ තියේශ් ඊට පස්සේ කෙලින්ම ගියේ විවේග් ගාවට.

"ශාක්‍ය"

"ම්ම්...."

"ඔලුව රිදෙනවද?"

"ම්ම් ටිකක්." ලාවට වගේ ඇස් ඇරපූ විවේග් තියේශ් දිහා බලලා කිව්ව.

අපි අපේWhere stories live. Discover now