Chapter 1

673 34 2
                                    

"මෙහෙ වරෙන් ඔය ගුබ්බෑයමට රිංගන් නැතුව"

දඩස්....

අම්මගෙන් බැනුම් අහන 132568589 වතාව. මට නම් මුළු ජීවිතේම එපා වෙලා ඉන්නේ. ආආආආ...... ම් ආ මම ගෙහාන්. ගෙහාන් කියුවාට කවුරුත් ඒ නම හරියට කියන් නෑ අනේ.... ඉතිං කියන්නේ ගිහාන් කියලා ඒක හරීරී... අවුල් ඒත් ඉතිං මක් කොරන්නද කරබාගෙන ඉන්නවා. අනික ඔව් ඇත්ත ඇත්ත මගේ නියපොත්තෙ ඉදන් ලොකුකම. ඇත්තටම කියුවොත් ඒ මගේ හැටි ඒත් මිනිස්සු කියන්නේ එහෙම. උන්ටත් ඕන එකක් හිතා ගන්න ඇරලා මං මගේ පාඩුවේ ඉන්නවා. මට හරි හමන් යාලුවෙක් වත් නෑ. ඇත්තටම කිව්වොත් යාලුවෝ ආශ්‍රය කරන්න මං කැමති නෑ. උන්ට මාව සෙට් නෑ මට උන්ව සෙට් නෑ තිත්ත වුනත් ඇත්ත ඒකයි.මට ඕනේ තනියම ඉන්න, මගේ පාඩුවේ. බැදීම් ඇති කරගන්න මං ආස නෑ. අනේ මන්දා මං අනිත් අයට වඩා වෙනස්.හූම්.. ඒ වගේම දැන් සිංගල්. කෙනෙක් හිටියා ඒත් එයා ගියා. ගියේ නෑ ඇත්තටම අපි ලවු එක නතර කරා . ඒකට හේතුව එයාලගේ ගෙදරින් මට කැමති නෑ. ඒගොල්ලෝ හොයන්නෙ සල්ලි තියෙන කොල්ලෙක්. ඔව් අපිට එච්චර සල්ලියක් නෑ. අපි සාමාන්‍යය පවුලක්. මං නිසා එයාට ගෙදරින් හුඟක් ප්‍රශ්න. ඒ නිසාම තමා අපි කතා වෙලා ඒක නැවැත්තුවේ. මං තැනකට ආව දවසට ආපහු පටන් ගමු කියුවා. ඒත් ඉතිං කවුද දන්නෙ ඒවා එහෙම වෙන්න කොච්චර කාලයක් යයිද කියලා. අනික එයා මං වෙනුවෙන් බලන් ඉදිවිද එච්චර කාලයක්? එයා වෙනුවෙන් බලන් ඉදිවිද එච්චර කාලයක්? එයා කොහොම කලත් මං එයා වෙනුවෙන් හැමදාම වුනත් බලං ඉන්නවා. එයා මට නොලැබුනත් මං හිත හදාගෙන සදාකාලිකවම තනියම ඉන්න දැන් ඉදන් තීරණය කරලයි ඉන්නේ. ආපහු ලවු නම් ඕනි නෑ, විභාගේ වුනත් දෙපාරක් කෙලවුනේ ඒකේ පොඩි පොඩි අතුරු ඵල නිසානේ. 

"සුදු පුතා..."

මව්තුමිය කාමරේට ඇවිත්.

" මොකද ළමයෝ මේ මට කේන්ති ගියානේ ඉතිං කෝ කෝ මේ අලි බබාගේ කෝලම් මට බලන්න වුණානේ අම්මපා "

"මං තරහයි හුහ්"

"අනේ ළමයෝ මට කේන්ති ගියානේ ඇරත් ඇයි මේ ගෙදර එකෙක්ටවත් කියන දේ see more...

ඔය අම්මා බනින්නේ මට ඇතුළු නිවැසියන්ට නිවැසියන් කියුවට ඉන්නේ තාත්තායි මායි හි.. හි.. එකා යකානේ. උදේම අම්මයි මායි රණ්ඩුවක් අනේ.රණ්ඩුවක් නැත්නම් අපි දෙන්නාට කහනවා කහනවා වගේ.තාත්තට නම් ගානක් නෑ. එයා ප්‍රවෘත්ති බලනවා.ගේ ගිනිගත්තත් තාත්තා ටී වී බලන එක නතර කරන්නෙ නම් නෑ. මං රස්සාවක් හොයාගන්නද අහපු පාර තමා අම්මා වලිය ආරම්භ කළේ.තුන්වෙනි පාර විභාගේ කරනවාටත් බැනුම් අහලා ඉන්නේ මේ.. AL Maths කරන එකෙක් වුනාම හතර පාර පස් පාර විභාගේ කරන්න ඕනි ගැම්මට. මොකෝ ඕක ලිවුව ගමන් පාස් වෙන්න මං පයිතගරස් මහත්තයා වෑ.අපේ අම්මා නම් හිතන්නේ එහෙම.මං ඒකට mk?

අපේ කතන්දරේ | BLWhere stories live. Discover now