මේ මොකෙක්ද මේ?????
"Helloow......"
"සර්......කවුද?"
"Oh....hoo....ඔයා ෆොටෝස්වලින් දැකලා තිබුණට අදනේ මේ ළගට දැක්කේ"
"...................."
මට මේ මනුස්සයා කියන මෙළෝ අණ්ඩර දෙමලයක් තේරෙන්නෑ.....
මං ඉතිං කන්පියුස් උන්ගා බුන්ගා වෙලා බලන් ඉන්නවා මෙතන මේ මොකක්ද වෙන්නෙ කියලා....
"කොහෙද බං යන්නේ! I was searching for you all the time, ආහ්! Hi "
පොඩ්ඩක් ඉන්න , පොඩ්ඩක් ඉන්න මට මෙතන වෙන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න කරුණාකරලා......
මං මේ එකපාරටම මගේ ඉස්සරහට කඩන් පාත් වුණ මනුස්සයා කියන දේවල් අහගෙන උඩ බිම බැලුවා..... ඇයි අනේ මෙයා මේ මාව කාලයක් තිස්සෙ දන්න කෙනෙක් වගේ කියවනකොට උඩ බිම නොබැලෙන එක වැරැද්දක් ද?
එතකොටම වගේ හුරුපුරුදු කටහඩක් ඈත තියා ඇහෙනවා ඇහෙනවා වගේ දැනුණා....
මං ඉතිං බෙල්ල හරෝලා බලද්දී අපි ළගට ඈත තියා ඇවිත් තියෙන්නෙ,
සර්!!!!!
සර් මේ වෙලාවෙ මෙතන?
සර් ඒ කතා කලේ මෙයාට නේද?
සර් අපි ළගටම ආවට පස්සෙයි මං ඉන්නවා දැක්කේ....
දැන් තමා හිතේ කන්පියුස් උන්ගා බුන්ගා ගතිය ටිකක් හරි ගියේ......
මං ඉතිං වෙනදා වගේම මගේ මල් මල් හිනාව සර් එක්ක දැම්මා......
"Look what I found here , උබේ choice නම් superb ඈ "
මොනවා කියෝනවද මන්දා.......මිනිස්සුත් බලනවා..... අනිත් සර් කිව්ව කතාවට උරගස් රැව්වා රැවිල්ලක් දැවිලා අළු වෙලා පිච්චිලා යන්නම.....
"ආ.....ගෙහාන් මේ , මගේ best friend "
"ආහ්......හා...හා..."
"I'm කෙවිඳු , කෙවිඳු දම්සිත් ජයවර්ධන , nice to meet you brother in law"
YOU ARE READING
අපේ කතන්දරේ | BL
Sachbücher"ඇයි මට ආදරේ හිතුනේ?" "අනේ මන්දා" අයියාගේ "අනේ මන්දා" කියන වචනෙ ඇතුලේ කියා ගන්න බැරි තරම් දේවල් තියෙනවා කියලා මම දන්නවා.