Chapter 5

255 24 2
                                    

සල්ලි තමා ජීවිතේ..... මං වැරදි ද? පිස්සු කොහෙ වරදින්නද මං හරි නැත්නම් මං මෙච්චර සතුටින් ඉන්නෙ මොකටද... ම්.. අද තමා ඔව් අද තමා දවස, මගේ දවස අනේ....

හරි සතුටුයි යකුනේ, ඉස් ඉස්සෙල්ලාම කියලා මගේ මහන්සියෙන් හම්බ කරපු සල්ලි අතට එන දවස... හි..හී..අද පඩි දවස............ පුදුම තරම් සතුටෙන් ඉන්නේ මං... බලන්න ඉතිං කට්ට කාගෙන ජීවිතේ ඉස්සරහට යද්දී ටික ටික සතුටු වෙන්න පුළුවන් හැටි...

භාගයක් ගෙදෙට්ට දෙනවා. ඉතුරු භාගේ මට අද මං යන්නෙ උඩින් ගැම්මට,හවස තේ වෙලාවෙන් පස්සෙ මැනේජර් සර් ඔෆිස් එකට එන්න කියලා තමා හැමෝටම නම ගහපු ලියුම් කවරෙ ගානෙ දුන්නේ, ඒ සතුටට මැනේජර් සර්ව බදාගෙන ඉම්බෙ නැති ටික විතරයි. ලියුම් කවරෙ අතට ඇරන් මං කෙලින්ම ගියේ යට තියෙන කැබින් එකට සල්ලි ටිකත් ගනන් කරලා සතුටට සින්දුවකුත් කිය කිය පොඩි ඩාන්ස් පාරක් දැම්මේ ආතල් එක වැඩි හින්දා, නැටුමක් දැම්මට බලන්න කවුරුත් ඇත්තෙත් නෑනේ....

"චන්ද්‍රපාල.........හුත්තෝ....පාලු පැලේ......

"ක්හ්ම් ක්හ්ම්"

"මොන හුත්...."

ලල් එකට ඩාන්ස් පාරක් දාලා ඉන්න නැති හැටියක්. කක්කල් කැස්සක් හැදිලා කහින එකාව බලන්න හැරුනාම තමා මට පොලොව පලාගෙන යන්න හිතුනේ..

"ස... සර්...මේ..."

මීට වැඩිය හොඳයි see more... ලැජ්ජාව බාල්දියෙන් එකයි මගෙ නැටුම දැක්කද දන්නෙ නෑ,වෙන එකෙක් දැක්ක නම් කමක් නෑ ඒත් මේ උරගයාම?? කුමක් දෝ මේ පාපේ ලෙනේ විසීමේ සෙතදෝ...

"හර්ෂණව දැක්කද?"

"න්..නෑ... ස...ර්...."

"හ්ම්..මිනිහාව දැක්කොත් ඔෆිස් එකට එන්න කියන්න "

"හ්....හා..හා.."

"හ්ම්....කර කර හිටිය වැඩේ දිගටම කරන් යන්න මං යනවා"

අනේ අප්පා... වයි වයි මෙහෙම... උරගයා ඒක කිවුව නම් විතරක් කමක් නෑ ඒත් මේකා හිනා වුණා.. සම්පූර්ණ හිනාවක් නොවෙන කට කොනේ හිනාවක්. මූට එක අතකට හිනාවෙන්න පුලුවන් කියලා දැනගත්ත එකත් හොදයි.... ඒත් ඉතිං ඔහොම චාටර් කරන්න ඕනැවෑ.... මුගේ කැටයම් තමා මට අල්ලන් නැත්තේ...

අපේ කතන්දරේ | BLWhere stories live. Discover now