"කොහොමද? මේක තමයි අපි අලුතින්ම open කරන branch එක"
"ෂාහ්..මරුනේ......."
"ඇත්තටම හොඳද? "
"හොඳද කියලත් අහනවා,සුපිරිනේ.....මේක main එකටත් වඩා ලොකුද මන්දා...."
"හ්ම්....ඒකට වඩා ටිකක් විතර ලොකුයි...යමුද ටිකක් ඇවිදලා බලන්න "
"හා....කෝ කවුරුත් පේන්න නෑනේ.... අපි දෙන්නා විතරයිද"
"වැඩ කරන අය මේ ටිකේ නිවාඩු , ඒගොල්ලොත් එක දිගටම වැඩ කලානේ......"
"ආ............හොඳට ඉඩ තියෙනවා සර්....ඒක නෙමේ මේ ටිකේ මොනවත් නැද්ද?"
"තාම නම් idea එකක් නෑ ඒ ගැන "
"කොහෙද ප්ලාස්ටික් බඩු, පොඩි ළමයින්ට සෙල්ලම් බඩු වගේ දේවල් දැන් තියෙන්නෙ? මෙතනට ඒවා දාන්න පුළුවන් නේ....ඉඩත් තියෙන එකේ...."
"ආහ්! මට ඒ දේවල් වලට තැනක් වෙන් කරන්නවත් මතක වුණේ නැහැනේ ගෙහාන්...."
"අයියෝ අයියෝ මං ඉන්නම එපෑ සර්ටත් මේවා කියන්න.....නේද?"
"ඔව් නේ....ඔයා ඉන්නම ඕනෙනේ.....ඒකනේ මං එක්කන් ආවෙත්....තව බලන්න ඉස්සරහට ගිහින් "
"මේ ටික නම් ගානට තියේ.....අතනද යෝගට් එහෙම දාන ෆ්රිජ් තියෙන්නෙ?"
"ඔව් එතන අවුල්ද?"
"නෑ නෑ , එතන තියෙන එක හොඳා....ලේසිත්නේ"
"ම්....ගොඩක් ලොකුවට වෙනස් කලේ නැහැ main එකේ තියෙන plan එකටමයි සේරම organize කලේ මම "
"හූම් අවුලක් නෑ ඉතිං, ලස්සනයි පිලිවෙලයි"
"ම්?"
"ඕ.... මං මොකටද ඉතිං සර්ට බොරු කියන්නෙ....ඒක නෙමේ සර් මට කලින් තියාම කිවුවෙත් නෑ හැබැයි මේ ගැන"
"Sorry , වැඩේ ඉවර කරලම කියන්න හිටියේ "
"ම්හුහ් කමක් නෑ , කමක් නෑ "
"තරහද ?"
"නෑ සර් පිස්සුද "
YOU ARE READING
අපේ කතන්දරේ | BL
Non-Fiction"ඇයි මට ආදරේ හිතුනේ?" "අනේ මන්දා" අයියාගේ "අනේ මන්දා" කියන වචනෙ ඇතුලේ කියා ගන්න බැරි තරම් දේවල් තියෙනවා කියලා මම දන්නවා.