"ඈ බං උඹ දැන් රස්සාවට යන්නැද්ද?"
"යනවා යනවා අනේ "
"යනවනම් කවද්ද යන්නෙ සුදු පුතේ, දැන් දවස් කීයක් උබ ගෙදර හිටියද?"
"ඇයි දැන් මං ගෙදර හිටියාම හොද නැද්ද අම්මාට ? අම්මගෙත් මාර තියරි තමා තියෙන්නෙ"
"දැන් මොකක්ද මගේ, උබ කියන ඔය තියරිය?"
"තියරිය තමා කලින් රස්සාවක් හොයාගන්නවා කිවුවාම ඒකේක කතා කිවුවා, දැන් ඒකට ගියේ නැති වුනාම තව කතා"
"ඉතිං ඇත්තනෙ බං , මං කියන කතා "
"ඔව් ඔව් අම්මා කියන හැමදේම ඇත්තනේ"
"එකට එක කියාගෙන එන්නනම් පුළුවන් නේද උබට මොනවා නැතත් "
"අඤේ අම්මේ....."
"අඤේ අම්මේ තමා ඈ සුදූ උබව රස්සාවෙන් අස් වත් ක- -
"අනේ නෑ අප්පාහ්.... මං මේ පොඩි නිවාඩුවක් ගත්තා එච්චර යි"
"මරු නිවාඩු ගැනිලිනේ යකෝ,උබේ තාත්තා ද ඔච්චර උබට නිවාඩු දෙන්නේ?"
"අනේ අම්මේ ඔයත් එක වෙලාවකට මල ඇණයක්නේ....නෑ නෑ අනේ මාසෙකට දවස් පහක් ඕනෙම කෙනෙක්ට නිවාඩු දාන්න පුළුවන්"
"ඉතිං සුදු පුතේ උබ දැන් අහවල් එහෙකටද නිවාඩු දැම්මේ? "
"අඤේ අප්පාහ්.... මං නිවාඩු දැම්මේ....මේ.... මං නිවාඩු දැම්මේ පාඩම් කරන්න "
"පාඩම් කරන්නද...හා...හා..."
"වයි වයි අම්මේ "
"නෑ නෑ නිකං නිකං "
"අම්මා එක අතකට සතුටු වෙන්න ඕනි මං ගෙදර ඉන්න නිසා "
"ඒ මොකද බං "
"මේ වගේ පැල වලට සාත්තු කරන්නෙ කවුද මං නැත්නම් "
"අප්පේ උබ නැත්නම් මේ වැඩ මීට කලින් කෙරුනේ නෑනේ... අනේ මගේ කට! මේ අවුරුදු ගානටම වත්තෙ මල් පැලේකට වතුර නොදාපු එකා අද මගේ කටේ බලේට ඇවිත් පැලේකට වතුර දාලා කියන කතා ටික..."
"අඤේ අම්මේ ඒම නෑ හරිද "
"අනේ අනේ අවුරුදු විසි ගානකුත් වෙලා හුරතලේ නම් තව අඩු වෙලා නෑ නේද උබේ..."
YOU ARE READING
අපේ කතන්දරේ | BL
Non-Fiction"ඇයි මට ආදරේ හිතුනේ?" "අනේ මන්දා" අයියාගේ "අනේ මන්දා" කියන වචනෙ ඇතුලේ කියා ගන්න බැරි තරම් දේවල් තියෙනවා කියලා මම දන්නවා.