Chapter 26

160 22 34
                                    

"ගිහාන්"





"සර්?"





"කෝ අද තිලිණි ඇවිත් නැද්ද?"






"නෑ සර් අද නිවාඩු දාලා....."






"ආ.... ඒකත් එහෙමද....කවුද තිලිණි නැති දවසට මෙතන ෆයිල් ටික චෙක් කරන්නෙ?"






"ගිය මාසේ නම් මම බැලුවේ සර්?"






"බැලුවා කිවුවේ? කවුන්ටර් ටිකේ සේරම බිල්ස් ටික හදලා තියේද?දවසේ ආදායම් ගාන දාලා?"






"ඔව් සර් , තිලිණි අක්කා මට ඒ වැඩ කරන හැටි කියා දුන්නා මං කෝකටත් ඔෆිස් එකේ සමීර අයියාටත් දෙනවා ආපහු චෙක් කරන්න"






"සමීරයත් අද නෑ නේද?"






"දැක්කේ නෑ සර් අද දවසටවත්.....ඇවිත් නැතුව ඇති සමහරවිට "






"ම්........බලනවා ගිහාන් මුන් අදම නිවාඩු දාලානේ"







"ඇයි සර්, මොකක් හරි ප්‍රශ්නයක්ද?"







"ඔව් බං , අද පොඩි සර් එක්ක කොළඹ ස්ටෝර්ස් බලන්න යන්න ඕනේ දවස,මොක කරන්නත් මේ සමීරයවත් තිලිණිවත් ඇවිත් නෑනේ ෂික්!"









"ආ...... එහෙමද සර් "








"මං ඔය ෆයිල් වල වැඩ බලන්නෑ බං, ඒක නිසා වෙනදට සමීරහරි තිලිණි හරි මාත් එක්ක එක්කන් යනවා ෂික්!"






"මං එන්නද සර්?"







"තමුසෙට පුළුවන් ද ගිහාන්?"







"ඔව් සර් ඉතිං,මාත් ඔව්වා බලලා තියේනේ, සර්ට ඕනෙනම් මං එන්නම් නැත්නම් ඉතිං - - -






"හා හා වරෙන්, නැත්නම් මට කරගන්න දෙයක් නැති වෙනවා"






"හරි සර් "





"තව ටිකකින් පහල කාර් පාර්ක් එකට එනවා, සර් එක්ක යන්"






"හරි සර් "








මටත් හොද වැඩේ ඉල්ලන් කන්න යනවට...කවුද හිතුවේ තට්ටයා ගත් කටටම එන්න කියයි කියලා....ඌ කෙලින්ම නොකිවුවට මොකද,මගේ කටින් වචනයක් ගන්නකන් තමා ඔය කෙකර බබා හිටියේ....










අපේ කතන්දරේ | BLWhere stories live. Discover now