"මල්ලී"
අඩ්ඩෙහ් තිලිණි......මට මේ ප්‍රශ්නෙ සම්පුර්ණයෙන්ම අමතක වෙලා තිබ්බේ, මේ ටිකේ වුන දේවල් එක්ක.....අප්පා.....අද මොන මරාලයක් ද දන්නෑ...
"ආ අක්කේ "
"මල්ලිත් එක්ක මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද?"
"ඇයි අක්කේ "
"මට සමාවෙන්න මල්ලී..... එදා මම කලේ ලොකු වැරද්දක්..."
"ආ....ඒක....ඒකට කමක් නෑ අක්කේ "
"ඒත් මල්ලී මම ඒ කරපු කියපු දේවල් ගැන පසුතැවෙනවා "
"මිනිසුන් අතින්නේ වැරදි වෙන්නෙ අක්කේ, කමක් නෑ "
"තැන්කියු මල්ලී....ඔයා හරි හොදයි "
"හිකිස්"
"මල්ලී ගිය සතියෙම ආවේ නැති එකට මම හෙන අවුලින් හිටියේ "
"අයියෝ...මට උණක් හැදුනනේ...ඒකයි ආවේ නැත්තේ "
"මං හිතුවේ එදා සිද්ධියට අවුලින්වත් කියලා... මට හුගක් මං ගැන ලැජ්ජා හිතුණා මල්ලී ඒකෙන්"
"වුණ දේ වුණා අල්ලලා දාන්න අක්කේ "
අමෝර් අමෝර් ඒකත් ඔයින් ගියා මදැයි..... පුදුමයි ඒත් ඇත්තයි....
"හ්ම්......මේ මල්ලී..."
"ඕ අක්කේ"
"මේ... congratulations මල්ලී"
"හෑ.....Congratulations? ඒ මොකටද? "
"ඔයාටයි ඔයාගේ පාට්නර්ටයි...."
"පාට්නර්?මොන- -ආ....හා...හා...තැන්කූ තැන්කූ"
"ඔය දෙන්නා නියමෙට මැචින්"
"තැන්කූ - - ඈ....අපි දෙන්නා??? අක්කා කොහොමද එයාව දැකලවත් නැතුව- - -
"සන්ජු සර් මල්ලිට නියමෙට ගැලපෙනවා "
"ක්කැහැ...ක්කැහැ...මොකක්???"
"මොකෝ ඔයාට කැස්සද මල්ලී?"
"ආහ්.. නෑ.... මේ.... ඔව්! කැස්ස "
"බෙහෙත් ගන්න මේ දවස්වල වයිරස් ලෙඩ හැමතැනම "
"ආ...හා...හා... මේ අර මොකක්ද අක්කා කිවුවේ?"
"ආ...ආ....බය වෙන්නෙපා මම ඕවා කාටවත් කියන්නෑ....ප්‍රොමිස් "
"නෑ... මං...මො..ක..ට....බය වෙන්නද..."
YOU ARE READING
අපේ කතන්දරේ | BL
Kurgu Olmayan"ඇයි මට ආදරේ හිතුනේ?" "අනේ මන්දා" අයියාගේ "අනේ මන්දා" කියන වචනෙ ඇතුලේ කියා ගන්න බැරි තරම් දේවල් තියෙනවා කියලා මම දන්නවා.