"මට මොනවද ගෙනාවේ නුවරඑළි ගිහින්?"
මංවත් මොනවත් නොගෙන උබට දෙයක් ගන්න තරම් මට කැහිල්ලක් නෑ අක්කේ..ඇයි උබේ මහ ලොකු වෙන්ඩ බොයීපෙන් මොකුත් දුන් නැද්ද ඉතිං....උගෙත් මහ අමුතු තියරිනෙ තියෙන්නෙ මේකිට කැමති වෙලත් තාම කියන් නැතුව මක් කරනවද මං අහන්නේ...ඌ අහන දවසට පෙරහැර ගිහින් තියේ, ඇයි ඉතිං මේකි කොයි වෙලෙත් මගෙ පස්සෙනෙ..
"අමතක වුණානේ අක්කේ"
බලන්න එපැයි මේ සිරියාවන්ත මූණ කජු ලෙල්ලක් වුණ හැටි ඒක කියද්දී...
"ඇත්තට ම මාව අමතක වුණාද ඔයාට"
තිලිණි වුබර් මොකටද එන්න හදන්නේ...එහාට වියන් මගේ යකා අවුස්සන් නැතුව...මේකි හෙමින් හෙමින් මගේ ඇගට එනවා...මේ හුණ්ඩු කැබින් එක ඇතුලේ එහාට මෙහාට හැරෙන්න ඉකුත් නෑ...
"අක්කේ එහාට වෙන්න!"
"බෑ "
"අක්- - -
"ගෙහාන්!!"
"ස..සර්?? "
"තමුසෙලාට ලව් කරන්නද අපි මෙතන පඩි ගෙවන්නේ ආහ්!?"
"ස..ර් එ..හෙම- - "
"ගෙහාන් දැන්ම මගේ ඔෆිස් එකට එනවා!!"
මොන හුයන්නක්ද මේ.... අහක ඉන්න මටමනේ මෙහෙම පරිප්පු සෙට් වෙන්නේ...අනේ අම්මේ සුදු පුතාගේ රස්සාව ලෙෆ්ට් වෙන්නයි යන්නේ.. මේ මනුස්සයාට කේන්ති ගියාම මූණ බලන්නත් බය හිතෙනවා...මාව ආරක්සා කරන්න උඩ ඉන්න දෙයියනේ....
"ස..සර්..."
සර් මං ආවත් මගේ දිහා බැලුවෙ නෑ... කේන්තියට සර්ගෙ මුළු මූණම රතු වෙලා මෙතනට පේනවා...බෙල්ල දිගේ තියෙන නහර ටිකත් ඉලිප්පිලා... තියෙන නපුරු පාට!
"ස්ටොක් ටික බලන්න කොළඹ යන්න ඕනි ගිහින් වාහනේට නගිනවා!"
"ස.. සර් - -
"සර් සර් තමයි අයිසේ මොකද!"
අනේ මිනිහෝ උබ ඕවා කරන්න වෙනදට මැනේජරයාවනෙ එක්කන් යන්නේ, ඒත් අද අහවල් රෙද්දකටද මාව එක්කන් යන්නේ එකත් කැෂියර් කොල්ලෙක්ව???
"සර් මං නෙ- -
"මං දැන් තමුන් කියන විදිහටද මෙතන වැඩ කරන්න ඕනෙ ආහ්??"
YOU ARE READING
අපේ කතන්දරේ | BL
Non-Fiction"ඇයි මට ආදරේ හිතුනේ?" "අනේ මන්දා" අයියාගේ "අනේ මන්දා" කියන වචනෙ ඇතුලේ කියා ගන්න බැරි තරම් දේවල් තියෙනවා කියලා මම දන්නවා.