"ඔයා මෙතනට කැමති නේ?"
කැමතිදත් කියලා අහනවා... දෙයියනේ මෙතනට එයි කියලා මං කීයටවත් හිතුවේ නැහැ.....
බීච් එක.......
මං ආසම තැන......
ඒකත් හවසක.....
දෙයියනේ...මට හරි සතුටුයි.....
මේ වගේ වෙලාවක,ආසම තැනක,ආසම කෙනෙත් එක්ක ඉන්න එක මගේ හීනයක්....
හරි හරි අන්තිම එක නෑ තමයි ඒත් කමක් ඤෑ......
ආසම කෙනෙක් දැන් මෙතන නැති වුනත් ඉතුරු ටික හරි තියෙන එකම මදෑ අනේ.....
අනික මං මෙහෙම එලියට ආවෙම කොච්චර කාලෙකින්ද......
මට නම් දැන් මෙතන නටන්න තරම් සතුටුයි.....
"ලස්සනයි"
"ආහ්!?"
"නෑ......බීච් එක! මේ වෙලාවට ල...ස්සන...යි නේද?"
අඤේ අඤේ ඉතිං.....ඕකට කලබල වෙන්න ඕනෙවෑ අනේ...ඕනම මෝඩයෙක්ට තේරෙනවා මෙතන මේ වගේ වෙලාවට ලස්සනයි කියලා....
"ඔව්.... මං හිතුවේ නෑ අපි මෙතනට එයි කියලා "
"ම්......ඔයාට සතුටුද?"
"ඔව් සර් ගොඩක් සතුටුයි.... කාලෙකින් මෙහෙම එලියට ආවේ "
සර් මං දිහා බලලා හිනා වෙලා මගේ කොණ්ඩේ ඇවිස්සුවා.......
මාත් ඉතිං මොනවත් නොකියා හිනා වුණා....
"එන්න මෙතනින් වාඩි වෙමු"
"මෙතන බිම?"
"ඔව්, ඇයි ඔයා කැමති නැත්නම් අපි වෙන තැනක වාඩි - - -
"නෑ නෑ මං කැමැතියි "
"හ්ම්....."
"......................."
ඇත්තටම මට ටිකක් පුදුමයි....සර් කොච්චර සරල මනුස්සයෙක් ද කියලා වෙලාවකට හිතෙනවා..... ඇයි ඉතිං ඔච්චර සල්ලිකාරයෙක් වෙලත් මෙහෙම බීච් එකකට ඇවිත් මේ වැල්ලෙ වාඩි වෙයි ඈ......
YOU ARE READING
අපේ කතන්දරේ | BL
Non-Fiction"ඇයි මට ආදරේ හිතුනේ?" "අනේ මන්දා" අයියාගේ "අනේ මන්දා" කියන වචනෙ ඇතුලේ කියා ගන්න බැරි තරම් දේවල් තියෙනවා කියලා මම දන්නවා.