නෙලා ගැනුමට නොහැකිවූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය..
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවක හිරකිරීමය..
ඇස්පනාපිට බිඳුනු හීනෙක ලොවට රහසින් සැරිසැරීමය..
ඇස්පනාපිට බිඳුනු හීනෙක ලොවට රහසින් සැරිසැරීමය..
හිත්පුරා හිඳිනට වරම් නැති සොඳුරු සයනෙක නිදිවැරීමය..
අනේ ඉතිං උරගයා ගැන මට වෙලාවකට පොඩි දුකකුත් දැනෙන් නැත්තෙම නෑ......අනේ ඉතිං ඔය සින්දු කෑලී කියන්නේ මටනේ.......
ටිකක් රෑ වෙනකන් පාඩම් කරලා ෆ්බී පැත්තේ නිකමට ඔළුව දාලා එන්න යද්දී අහම්බෙන් සර් ගෙ සින්දුව දැක්කේ....වෙන වැඩකුත් නැති එකේ ඉතිං මං සින්දුව ඇහුවා.....
තව කොච්චර කාලයක් යයිද දන්නෑ මෙයාට හිත හදාගන්න.....එතකන්ම මට මේ වගේ නානාප්‍රකාර සින්දු අහන්න වෙයි හැබැයි...... කමක් නෑ ඉතිං ඔය සින්දු කියලා පිටකරනවා ඇත්තේ හිතේ දුකනේ......මට තේරෙනවා උරගස්......
වෙනදට යූටියුබ් පැත්තේ ගිහින් සින්දුවක් අහ අහා නිදාගත්ත මං, දැන් මොන එහෙකටද මන්දා සර් ෆ්බී දාන සින්දු සේව් කරන් ඉදලා අහන්නේ..... හේතුවක් නෑ ඇත්තටම.... සමහරවිට, සර් කියන්නේ මං ආස සින්දු නිසා ඒවා අහන්න ඕනෙවට සේව් කරන් ඉන්නවා.... එච්චරයි.....
නැත්නම් මට ආසාවක් නෑ ඔය උරගයකාගෙ කටහඩ අහන්නවත්....විකාර......
______________________________________
දවල්ට කාලා මං ආපහු කවුන්ටරේ වැඩ....අද වැඩ කරන අය ගොඩක් වගේ අඩුයි.... ඉතිං වෙනදට එක කවුන්ටරේකට දෙන්නෙක් හිටියට අද කවුන්ටර් දෙක තුනක,තනි කෙනෙක් විතරයි වැඩ කරන්නේ.... මටත් එහෙමයි.... කස්ටමර්ගේ බිල් එක දාලා බඩු ටිකත් පැක් කරලා දෙනවා කියන්නේ සෙල්ලම් නෑ...ඒක කරලා ඉවර වෙලා අනිත් පැත්ත හැරෙද්දී තව කස්ටමර්ලා පහක් හයක් පෝලිමේ........
YOU ARE READING
අපේ කතන්දරේ | BL
Saggistica"ඇයි මට ආදරේ හිතුනේ?" "අනේ මන්දා" අයියාගේ "අනේ මන්දා" කියන වචනෙ ඇතුලේ කියා ගන්න බැරි තරම් දේවල් තියෙනවා කියලා මම දන්නවා.