කවුද මේ වැටකොළු පතෝලේ........
මං මේ වැඩ කරන ගමන් බලාගෙන ඉන්නෙ ඇවිදින වැටකොළු පතෝලයක් දිහා...හැටි විතරක්....ලෝක රූප සුන්දරී කියලද දන්නෑ හිතාගෙන ඉන්නේ...අනික හූ ඊස් දිස් මෙයා අනේ.......කවුද මේ??කවුද???
නෑ ඉතිං මට ඇත්තවශයෙන්ම අදාල නෑ තමයි
ඒත් ,
දැවෙන ප්‍රශ්නයක්නෙ අනේ.......
මොනවා නැතත්,
එදා උරගස්ගෙ ඇගට ඇලීගෙන හිටිය කාන්දම් කෑල්ල කියලනම් මට හොඳට මීටර්....
එතකොට ඇයි දැන් මෙයා මෙහෙ? බඩු ගන්නද ? ඔව් ඉතිං කඩේකට එන්නේ මොනාහරි ගන්නනෙ , වෙන මොකටද......
ම්..........
හරි ඉතිං කඩෙන් බඩු ගන්න ආවනම්, ඇයි කිසිම දෙයක් නොගෙන ලොකු සර් එක්ක කැකිරි පල පලා ඉන්නේ ? කඩේ අයිතිකාරි වගේනේ......
හරි හරි බලමුකෝ බලමුකෝ , මං හොයාගන්නම් කවුද මේ වැටකොළු පතෝලේ කියලා.....
"මේහ් ගෙහානෝ මේ , මේ !"
"ඇයි බං?"
"අඩෝ අඩෝ රණ්ඩුවක් යකෝ රණ්ඩුවක්"
"හෑ..... කොහෙද? වලියක්ද ? ගහගන්නවද?යමන් බලන්න"
"අම්මපා වුබර්ටත් ඉතිං වලියක් නම්....."
"යන්කෝ අනේ... මං ආසනේ ඒවා බලන්න"
"වුබර් හිතනවා වගේ වලියක් නෙමේ , අර කාංවනා- -
"ආප්පෝ.... කාංචනාගේ වක්කඩ කට ඇවිස්සිලාද...... එහෙනම් වැඩක් නෑ, උබ කිවුව විදිහට මං හිතුවේ මේ කවුරු හරි ගහගන්නවා කියලා..."
"මේකෙ එකෙක් එහෙම ගහගන්න ගියොත්, අනිත් දවසේ ගෙදර නැවතිලා ඉන්න තමයි..."
"හූම්...ආ මේ ඇයි අද මක් වෙලාද අරකිටද? "
"ලොක්කා බැනලලු "
"ඈ...."
"ලොක්කා බැනලා තියෙන එක සාධාරණයි තමයි බං බලන් ගියාම...ඒකිට අද අර තොග කෑල්ලෙ වැඩ බලන්න කියලා, මේකි ලොක්කා එක්ක කට ගහන් ගිහින් ඒකට"
YOU ARE READING
අපේ කතන්දරේ | BL
Non-Fiction"ඇයි මට ආදරේ හිතුනේ?" "අනේ මන්දා" අයියාගේ "අනේ මන්දා" කියන වචනෙ ඇතුලේ කියා ගන්න බැරි තරම් දේවල් තියෙනවා කියලා මම දන්නවා.