Chapter 22

199 25 56
                                    

මේ බලහන්කො! මූට මක් වෙලාද???

                    "සර් හොදින් ද?"

                   "කැම්පස් එහෙම ගියාද?"



සීන් විතරයි...... වෙනදා මං එක මැසේජ් එකක් දැම්මත් මට රිප්ලයි දහයක් විතර දාන මනුස්සයා අද සීන් විතරයි...පුහ් මදැයි මගේ මනුස්සයකමට දුක සැප අහන්න ගියා......අනික මං නිසානේ එයා කොහොමත් දුකින් ඉන්නේ...මට ඉතිං ඒක හිතට හරි නෑ... මං නිසා කවුරු වුනත් දුකින් ඉන්නවාට මම නම් කැමති නෑ.....

එදා රෑ දැක්කායින් පස්සෙ අද වෙනකන් දැක්කෙත් නෑ.... දැන් සති කීයක්ද....මෙයා මං නිසා සුයිසයිඩ්වත් - - නෑ නෑ... මාත් මොනවා හිතනවද මන්දා.... සුයි සයිඩ් කරගත්ත නම් කොහොමද දන්නෑ ෆ්බී එකේ එහෙම වැළලෙන්නේ..... අනේ අනේ මාත් මොනවා හිතනවද මන්දා.....

එක අතකට මට මොකෝ...මට රිප්ලයි කරත් එකයි නැතත් එකයි...මට පුකද.....

එහෙමයි කියලා ඉතිං මනුස්සයෙක් කතා කලාම සීන් විතරක් කරලා ඉන්න එක හරි නෑ...ඒවා කැතම කැත වැඩ....මේකා දැන් කඩේ පැත්ත පළාතේ එන්නෙත් නෑ...හුහ් ඔහොම දෙයක් වුන පලියට තරහකාරයෝ වගේ වෙන්න ඕනි නෑනේ...අපිට පුළුවන් යාළුවෝ වගේ ඉන්න.... ඒකට මං බලන්න එපෑ මට අරකි බූට් එකක් තියලා සම්බන්ධෙ නතර කලා වුනත් අදටත් පාරේ දැක්කොත් අපි හිනාවෙලා කතා කරනවා.... එහෙමයි අපි....හුහ්.....

______________________________________

"ගිහාන් මල්ලී"

"ඇයි අයියේ"

"ආ මෙන්න මේ කොලේ ෆොටෝ එකක් ඇරන් , සර්ට දාපන්කෝ"

"මොන සර්ටද?මට බෑ..."

"සන්ජු සර්ට බං, ලොකු සර් දාන්න කිවුවේ.... මොකක්ද....බං "

"උබ දාපන්කෝ මොකටද මට වද දෙන්නේ? අනික මං ළග නම්බර් එකක්වත් නෑ"

"ආ එහෙනම් නම්බර් එක හොයාගෙන දාපන් ඈ..."


"මොන හුත්- - - මේ මෙහෙ වරෙන්! මට බෑ......."


මුන් සේරම මටම වද දෙන හැටි....මොන පකක්ද මන්දා.... ඇයි අර රජිතයාට ෆෝන් එකක් නැද්ද මට දාන්න කියන්නේ..... හුත්ත.....

අපේ කතන්දරේ | BLWhere stories live. Discover now