Chapter 17

260 29 53
                                    

'ගෙදර ආවද?'

'ඇයි reply කරන් නැත්තේ'

'මොකක්ද වෙලා තියෙන්නෙ '

'මාත් එක්ක තරහද?'

'ගෙහාන්?'

*Two missed calls*



මොන විකාරයක් ද දෙයියනේ මේ මනුස්සයා ට වෙලා තියෙන්නෙ!!!? මූ හිතන් ඉන්නේ මං උගේ කෙල්ල කියලා ද මෙහෙම විනාඩියෙන් විනාඩිය ට මැසේජ් දදා වද දෙන්නේ?? ඇයි අනේ මහ විකාරයක් නේ......අනික තමන්ගේ කඩේ වැඩ කරන සේවකයෙක්ට මොන බොස්ද මෙහෙම මැසේජ් දාන්නේ? තරහද අහයි , අරක අහයි,මේක අහයි .....විකාර......

එක දවසක් නම් කමක් නෑ...මේක දැන් පුරුද්දකට ගිහින්නේ....යාලු ෆිට් එකට කරත් මං ආස නෑ මෙහෙම.....ඒ නිසා මං දැන් දවස් ගානක් තිස්සෙ උරගයකා එවන මැසේජ්, කෝල්ස් ආන්සවර් කලේ නෑ.... කඩේ වැඩකට කතා කළත් එහෙම තමා ඇයි සනාෂ් ඉන්නේ...මොකටද මට විතරක් සේරම කියන්නේ........

මං ෆෝන් එකත් ඕෆ් කරලා රෑට පාඩම් නොකරම නිදා ගත්තා.....බලන්න ඉතිං වෙනදට රෑ නිදා ගනිද්දී සින්දුවක් අහනවා අද ඒකත් නෑ මේ උරගයා නිසා.......

_______________________________________

"මේ බං!"

"ඕ...."

"අද තොග බඩු ටික අස්කරන්න මට එන්න කියුවා...ඒ නිසා කවුන්ටරේ ඉන්න වෙන් නෑ"

"ආ...හා හා උබ එහෙනම් පලයන්"

"හා... මේ!"

"ම්....."

"අද සමහරවිට රෑ වෙයි ගෙදර එද්දි "

"ඈ? ඒ කියන්නෙ මට තනියම ද ගෙදර යන්න වෙන්නේ?"

"එච්චර රෑ වෙන එකක් නම් නෑ....ඇයි මොකෝ උබ බයද තනියම යන්න?"

"ආපෝ පිස්සුද පුහ්...."

"ආ ඒකනේ....නෑ නෑ මට උබ එක්ක එන්න පුළුවන් වෙයි "

"හාකෝ...ඒනම් මං පල්ලෙහා ගේට් එක ගාවට එන්නද?"

"එපා එපා මහ රෑ එතනට යන්න...උබ main ගේට් එක ගාවට හිටහන් "

"හරේ...."

කැෂියර් එකේ වැඩට ආවා වුනත් මේ වගේ කඩේ හැමදේකටම කවුරු වුනත් උදව් වෙනවා...සෙනග වැඩි දවසක් නම් එහෙම කරන්නෑ ඒත් සාමාන්‍ය දවස්වලට එහෙමයි...සනාෂ්ටත් අද ඒ වගේ තොග බඩු කෑල්ලට වැඩ දීලා... මට නම් අද එන්න කියුවේ නෑ මොකද හැමෝම ගියාම කවුන්ටරේ ඉන්න එකෙක් නැති වෙනවානේ....

අපේ කතන්දරේ | BLWhere stories live. Discover now