25 කොටස

30 1 0
                                    

" ඔයාට තියෙන හීන මොනවද සිසූ."

" හීන..හීන කියල ලොකූ දේවල් මගෙ ඔලුවෙ නම් නෑ.මට ඕනෙ මගේ අනාගතේ ලස්සන කරගන්න,මන් කැමති ජොබ් එකක් කරන්න,මගෙ පවුලෙ අයට එයාල කැමති විදිහෙ ජීවිතයක් දෙන්නයි මට ඕනෙ."

" ඔයාට තියෙන්නෙ හරි අහිංසක බලාපොරොත්තු ටිකක්නෙ.මට ඒ වගේ දෙයක් ගැන හිතන්න බෑනෙ.හැමෝම කිව්වට මට හැමදේම තියෙනව
මට නම් හිතෙන්නෙ මන් කවුරුත් නැති කිසිම දෙයක් නැති අසරනයෙක් වගේ."

" මන් ඉන්නෙ..."

" ............."

" තව ගොඩක් අය ඉන්නවනෙ අනේ."

" මන් දන්නව සිසූ....මට ඒ ඇති......"

පොඩ්ඩක් දුරදිග ගිය වැඩී වගේ....හිතල කිව්ව නෙවේ කියවුනා.ඇත්තනෙ ඉතින් කිව්වෙ.මන් ඉන්නව.මන් එයාව දාල කොහේවත් යන්නෙ නෑ.එයාගෙ වචන වලින් මාව නොමග යවන්නයි ඔය හදන්නෙ.මන් අහුවෙයි ඕවට.එව්ව හදේ ඥාව්.ඒත් එයා ඒම කියද්දි නම් මාව හිරිවැටිල යනවා.හීන!!!! ඔයාව මගේ කරගන්න එක මට හීනයක්ම විතරයි.

" ආආ....හරි මට තව හීනයක් තියෙනව.මට දැන් මතක් උනේ"

" ම්ම් මොකද්ද."

" මන් ආසයි ලොකූ වත්තකට."

" වත්තකට කියන්නෙ."

" දැන් ඔයා හිතන්නකො ලොකූ ඉඩමක හැම ජාතියකම වගේ ගස් හිටවල, ලොකූ රූස්ස ගස්කොලන් මැද්දෙ මල්වලින් නෑවිච්ච බිමක්, පෙන්නන මානෙක කොල පාට දර්ශනයක්, හුස්ම ගන්න පවා ආස හිතෙන තැනක්.ඒ මැද්දෙන් බංකුවක් ඉදගෙන ගෙවන දවසක්....ඔය මොකද ඒ ගැන හිතන්නෙ."

" ඕ මයි ගෝඩ්.මට ඒ කියපු විදිහටත් ආස හිතුන ඒම තැනකට යන්න.ඉතින් ඔයාට පුලුවන්නෙ ඒක කරන්න."

" ඔව් මන් ඒක කොහොම හරි කරනව.ඒක මවාගද්දි පවා මට මාර සතුටක් දැනෙනව.ගස්කොලන් එක්ක ගෙවන ජීවිතයක් කොච්චර නිස්කලන්ක වෙයිද."

" මටත් ඒ ආසාව තියෙනව.නිස්ලකන්ක තැනක ජීවත් වෙන්න.ඔයා ඒම තැනක් හැදුවම මාටත් එන්න පුලුවන් නේ.."

" අනිවාරෙන්ම.ඔයාට නොදෙන දෙයක් තියෙනවද අනේ මන්."

අශ්වින් අයියට පන උනත් දෙනව ඒයි.අපි දෙන්නගෙ කෝල් එක කොච්චර වෙලා තිබ්බද කියන්න හරිහමන් මතකයක් තිබ්බෙ නෑ.සෑහෙන වෙලාවක කෝල් එකකට පස්සෙ බලද්දි පැය එකයි විනාඩි දහයකටත් වැඩී කියල වැටිල තියෙනව.එච්චර වෙලා කතා කරාද.මට දැනුනෙවත් නෑනෙ.එයා එක්ක ඉද්දි වෙලාව යනව දැනෙන්නෙ නෑ කියන්නෙ ඒක තමයි.එයාට පාලු හිතුනම මාව මතක් වෙලා...අනේ....එය පව්.එයා වෙන කාටවත් මෙහෙම කෝල් කරනවද දන්නෙ නෑ නේ.ගන්නව ඇති ඉතින් නේ.මන් බලන් ඉන්නෙ නෑනෙ. අනේ මට සතුටුයි....එයා මට කෝල් කරපු එකටත් වඩා පාලු හිතුනම කතා කරපු එකට.ආආආආආහ්!! ආදරෙයි!!!!!!!හුග වෙලාවක් මනෝ පාරක ඉදල හදත් එක්ක මලසමයන් කියවල ඇදේම වැටික කලුවරේ ඉද්දි නින්දත් ගිහිල්ල.ආපහු ඇහැරුනේ උදේවෙලා.යකෝ පාන්දර පහයි හතලිස් පහයි වෙලාව.මෙච්චර කලින්!කලින් නින්ද ගිය හින්ද කලින්ම ඇහැරිලා.අම්ම රෙද්දත් පොරෝල ගිහිල්ල.ඒත් උදේ බලද්දි රෙද්ද කැලේ...ඒකෙ අගිස්සක් යන්තන් ඇදේ අයිනෙන් පේනව.නියමෙට නිදියල වගේ.මොනව උනත් සැප නින්ද.දැන් නම් මන් කාලෙකින් රතු උනේ නෑ.පාලනය වෙලාද,නැත්තන් රතු වෙන්න දේවල් උනේ නැද්ද මන්ද.කමන්නෑ මොකක්හරි මන් බෙරි ගෙඩියක් උනේ නෑනෙ ඒ ඇති.

cinderella Where stories live. Discover now