" ආව්! රිදෙනවා... "
" රිදෙනව තමයි ඉතින් ඉන්න පොඩ්ඩක්..."
" එක්කො ඔයා යන්න. අරුන් එයිනෙ තව ටිකකින්."
" ආහා... ආස ඇති මාව යවල නර්ස් එකෙන් එහෙම ඉද්දි සික්ස්පැක් පෙන්නම් ඉන්න. අනේ බලන්නම ඇගනෙ ඕක. කටවහගෙන දානව ඔය අත. හෙමීට... "
" බයින්න එපා ඉතින්.... "
" බයින්නෙ නෑ. කවුද බැන්නෙ... ?"
" ඔය බයිනවනේ... "
කවදා කපු කටුද මේව. ටීශර්ට් එකක් ඇදගන්න බැරි කොල්ලො දැකල නැත්‍තන් මෙන්න බලාගන්න. මන් එද්දි හනි කකුලෙන් බැලන්ස් වෙලා ඔලුවෙන් ඇස් දෙක විතරක් පේන ගානට දාගෙන අත දාගන්න බැරුව දගලනවා. මටත් ඉතින් අයිය කෙනෙක් ඉන්නවනේ... ඒ හින්ද මට උඩට ටීශර්ට් එකක් නැතුව ඉන්න කොල්ලො කියන්නෙ අරුමයක් නෙවේ. ඒත් ඒ ඇග දැකල හික් ගෑවුනා . බලන්නම වටින් ඇගක් තමයි ඒක ඩෝන්ට් කෙයා කිව්වට. බැරි වෙලාවත් නර්ස් කෙනෙක් එහෙම ආව නම් එහෙම ඇදන් වැටෙනව. හහ්! එව්ව කොහෙද.. ඒම කාටවත් පෙන්නන්න බෑ.... ඉතින් කවුරු හරි එන්න කලින් ඇදන් ගිහිල්ල ඇදෙන් ඉන්දල යන්තන් ඔලුවෙන් පහලට ටීශර්ට් එක පන්නගත්තා. දැන් අත දාගන්න බැරුව දගලනවා. මොනව කරත් කොල්ලගෙ ඇග නම් සෝයි හොදේ... දැක්කම කම්න හිතෙනව වගේ එකක් තියෙනව. ඊයෙ මැරෙන්න වැටිල හිටපු එකා නේද මේ... අමාරුවෙන් රිදෙන්නෙ නැති වෙන්න දගලල දගලල අතක් පන්නගන්න කොටම එකපාරට දොරත් ඇරගෙන කාමරේට අයියල කඩන් පැන්න. අපි දෙන්නම ෆ්‍රීස්... අරුන් එතනම ෆ්‍රීස්... අශ්වින් අයිය එක අතක් විතරක් ඇදුම අස්සට දාගෙන අනිත් අතින් එලියෙන් අල්ල.. මන් එයාගෙ ඇදුමෙන් අල්ලන් ඒ අස්සෙ අගේ බාගයක් එලියෙ... අපි දෙන්න එකපාරට මූනට මූන බලාගත්තෙ හිතුවෙවත් නැති විදිහට. මන් ඇස් ලොකු කරල සද්ද නැතුව ඉන්න කියල කියල මුකුත් උනේ නැති ගානට ආයෙත් අශ්වින් අයියගෙ ඇදුමෙන්ම අල්ලන් අයියල පැත්තට හැරුනා. අපි වැරැද්දක් කරේ නෑනෙ.. හුම්!
" මෙන්න මේක අන්දන්න අනේ. මේ සමයම එක්ක බෑ.... "
" කෝ ඉන්න... මොන මගුලක්ද අශ්වින් කරන්නේ.... කෙල්ලො ඉද්දි ඇදුන් ගලවන්නේ... "
YOU ARE READING
cinderella
Fantasíaමේක සින්ඩරෙල්ලගෙ කතාව නම් නෙවේ. සින්ඩරෙල්ල වගෙ ලස්සන සින්ඩි කියන දගකාර ගෑනු ලමයගෙ කතාව. පාරෙදි අහම්බෙන් ඇගේ හැප්පුන ඒ කන්නාඩි දාන ලස්සන පිරිමි ලමයගෙ හැමදේම උන ඒ කෙල්ලගෙ කතාව.