" බබාලගෙ බ්ලෑන්ක් එකක් තිබ්බ තැන පුරවගෙන වගේ."
මන් ෂෙනුත්වත් වඩාගෙන අනිත්පැත්ත හැරෙද්දි හියගෙන හිටපු අශ්වින් අයිය දිහා ලාවට ඇස් ලොකු කරන් බැලුවත් ආයෙත් ඇස් හීනි උනේ ඉබේටමයි. ෆලෝ කරලා!!! අම්මට කියනව මන් හරිද. හුම්! දැන් නම් ඉතින් මූන දෙන්නත් මොකද්ද වගේ. එයා ඉස්සරහ වෙන්න තියෙන සේරම දේවල් වෙලානෙ තියෙන්නෙ. අශ්වින් අයිය මන් දිහාවට වැලි මලුව දිගේ ඇවිදන් ආවා. මන් පොඩ්ඩව වඩාගෙන අපි පැත්තට එන අශ්වින් අයිය දිහා බලන් හිටිය. අශ්වින් අයිය ලස්සන හිනාවක් එක්ක ඇවිත් නතර උනේ ෂෙනූගෙ අතකින් අල්ලන්. මෙන්න කොල්ල හිනා වෙනව. හරියට කලින් ඉදන් දන්න කෙනෙක් දැක්ක වගේ හිනාවෙනවා. අනේ.... ඒකට නම් අපි දෙන්නටම එකපාරට හිනා ගියා. හරි හුරතල්නෙ අනේ.
" කෝමද චූටි පැටියෝ... කොහෙද මේ යන්නේ.... ම්ම්..... "
"............"
" ඉතින් කෝ බබාගෙ තාත්තා."
හහ්! සීරියස්ලී! තාත්තා! යො අශ්වින් අකලංක මට කියල බඩට පාරක් කන්නැතුව ඉදපිය. මන් ඇස් හීනි කරල කටත් පොඩ්ඩක් ඇද කරා. මේ සෙල්ලන් දාන්නෙ කලින් වෙච්චි දේවල් ආයෙ මතක් වෙනකන් විතරයි ඉතින්.
" බබාගෙ තාත්තා ඇති බබාගෙ අම්මත් එක්ක."
" එතකොට ඔයා? "
" මන් බබාගෙ පුංචි අම්මා."
" ඕඕ.... හරි හරි.එහෙනම් කෝ බබාලගෙ පුංචි තාත්තා."
" මොකක්! පිස්සුද අයියේ.?"
යකාගෙ තාත්තෙක්නෙ ඌ. පුංචි තාත්තා. ශික්. ආ මේ ඒපාර මෙයත් තරහ පිරිමහන්න යනව වගේ. අපි අහුවෙයි ඕවට පුතා. මන් අශ්වින් අයියට රවද්දි එයා හිනාවෙනවා. ඇයි මූ මෙච්චර හිනා වෙන්නෙ. ෂෙනුතගෙ අතින් අල්ලගෙන හෙමීට අපි ලගට ඇවිල්ල මගෙ කන් ගාවට කිට්ටු උනා. පොඩි එකාට හිනා. මන් දෙලොව රත් වෙලා ඉන්නෙ අපේ කවුරුහරි දැන් එයි දැන් එයි කියල. එහෙම උනොත් මාව මේ පවුල් සංස්ථාවෙන් නෙරපනවා මේ ඉන්න විදිහට.
" හිනාවෙද්දි වගේම රවද්දිත් ලස්සනයි."
" ........... "
" මොකෝ සද්ද නැත්තේ... කෝ ඔය කට.... ම්ම්ම්.... පුංචිගෙ කට ශට් උනා නේදෙ පැටියෝ. "
YOU ARE READING
cinderella
Fantasyමේක සින්ඩරෙල්ලගෙ කතාව නම් නෙවේ. සින්ඩරෙල්ල වගෙ ලස්සන සින්ඩි කියන දගකාර ගෑනු ලමයගෙ කතාව. පාරෙදි අහම්බෙන් ඇගේ හැප්පුන ඒ කන්නාඩි දාන ලස්සන පිරිමි ලමයගෙ හැමදේම උන ඒ කෙල්ලගෙ කතාව.