32 කොටස

33 0 0
                                    

" තාම ඇග රස්නෙයිද..."

" ටිකක් විතර.... ඊයෙ තරම් නෑ...දෙන්නටම අඩුයි."

" අම්බෝ ලොකු දෙයක්.... අනේ අපේ පොඩි උන දෙන්න පව් අප්පා....."

හීනෙන් වගේ කන ලග ඉදන් මුමුනන්  සද්දයකට මගෙ ඇස් දෙක ඇරුන... කොහද මේ ඉන්නේ ?.....දැන් වෙලාව කීයද ?.... චරිත් අයිය මගෙ නලලට අත තියන් ඉද්දි මන් නැගිට්ට.. සීතලයිනෙ. කව්ද මේ ?...ආ.... මේ අශ්වින් අයියනේ.... මූ කොහොමද කොහෙන් හරි ගිහින් අන්තිමට මගේ ලගින්ම නතර වෙන්නෙ.....සැක සහිතයි!!! එක්කො හිතන්න ඕනෙ නෑ . අශ්වින් අයිය මගෙ ඔඩොක්කුවෙ ඔලුව තියාගෙන සෙටියෙ දිගට නිදාගෙම ඉන්නව...ආ හරි මට මතකයි... එයාමනෙ ඇවිල්ල නිදාගත්තෙ. හරි හරි .... ඊයෙ රෑ අපි දෙන්නට පොඩ්ඩක් අසනීප උනානේ.... මට වඩා මේ මගෙ ඔඩොකුවෙ නිදාගෙන ඉන්න පොඩි එකාට. සීතලේ වෙව්ල වෙව්ල හිටිය... මම මටම සෑහෙන්න දොස් කියාගත්තා මට පොඩ්ඩක් සිහියෙන් ඉන්න බැරි වෙච්ච එක ගැන.එයාව අරන් ඉක්මනට එන්නෙ නැතුව නැටුවනෙ....මන් එයාට උපදෙස් දුන්නට මාත් දැන් වැරැද්ද මගේ පිට දාගෙන දගලනවනෙ...කමක් නෑ මේ හිතේ වේදනාවට කියවෙන දේවල්නෙ ....

" ආආආ..... සොරි නංගි.ඔයා ඔහොම නිදාගන්න..."

" නෑ කමක් නෑ..."

චරිත් අයිය ආයෙම මගෙ ලගට ඇවිල්ල ඔලුව අතගාල පොඩ්ඩක් ඇගිලි ඔලුවෙ වයිබ්‍රේට් කරා..ආආආආව් සනීපයි.. ඇසුත් පියවෙනව...... 
නංගී... එයාල නංගී කියද්දි මන් ආසයි.. අයියල ගොඩක්ම කියන්නෙ සිසූ ,බන් ,උබ. මන් ඒවටත් ආසයි... ඒත් එයාල නංගි කියද්දි අමුතු හැගීමක් එනව..ප්‍රශ්නයක් උනාම තමයි මුන්ගෙ කටින් නංගි කියල පිටවෙන්නෙ..අශ්වින් අයිය අහීංසක විදිහට මගේ ඔඩොක්කුවෙ ඔලුව තියාගෙන නිදි.. මන් එයාගෙ කම්මුලට අත තියන් බලන් හිටිය.දැන් රස්නෙ නෑ .. ලාවට විතරයි රස්නේ... ඇති යන්තන්.. එයාගෙ ඇස්පිල්ලම් චූටී. කම්මුලේ සිනිදු.. ඔයා ඇයි අනේ මෙච්චර හුරතල්.... රෝස කැලෙන්ද අම්ම ඔයාව අරන් ආවේ. ඈ බබෝ.... මගේ රෝස කැලෙන් අරන් ආව පූස් පැටිය..... මන් අශ්වින් අයියගෙ කම්මුලට අත තියාගෙන් බලන් ඉද්දි නෙතුලි ශේප් එකේ ඇවිල්ල මගෙ අත කෙනිත්තුව..ආව් යකො මොන මගුල-ක්-ද ක-ර-න්-නෙ...... !!! අප්පටසිරි... මට ඉන්න තැන අමතක උනානෙ... මන් කෑගහන්නත් හදල ආපහු නැවැත්තුවෙ අයියල මට එහාපැත්තෙ කතාවක ඉන්නව දැකල .හොද වෙලාවට කෙනිත්තුවෙ.... මන් තොලත් හපාගෙන ඇස් දෙක ලොකු කරල නෙතූ දිහා බැලුවම ඒකි මට රැව්ව.. මොන හිතකින් රැව්වද මන්ද.සුනඛය..

cinderella Where stories live. Discover now