35 කොටස

31 1 0
                                    

" හරි දැන් ඔයාට මොනවද පේන්නැත්තෙ?"

" මට හැමදේම පේනව අනේ පොඩ්ඩක් දුර පේනව අඩුයි. "

" ආ ඉතින් ඒ කියන්නෙ දුර පෙන්නෙ නෑ."

" නැත්තෙ නෑ අනේ.... පේනව.හැබැයි පේනව පොඩ්ඩක් අඩුයි... එච්චරයි."

" පේනව අඩුයි කියන්නෙ පේන්නෑ කියලන එක තමයි."

" නවත්තපියව් ඕක දෙන්නම! "

අශ්වින් අයියව අවුස්සල ගන්න ආතල් එක වෙනම ලෙවල් එකක්... චරිත් අයියලගෙ ගෙදර සෙටියට වෙලා අශ්වින් අයියගෙ කන්නාඩි දෙක දාගෙන එයාවම අවුස්සන ගමන් මේ ඉන්නෙ... මුකුත් පේන්නෑනෙ අනේ...... දුර තියා ලගවත් පේන්නෙ නෑ...... අපරාදෙ කියන්න බෑ බැනුම්කුත් අහගෙන ඉන්නෙ.. මන් කන්නාඩි දාගෙන පිස්සෙක් වගේ හතරවටේ කැරකෙන හැටි බලන අශ්වින් අයිය මගෙ එහා පැත්‍තෙ ඉදන් හිනා වෙවී ඉන්නව... මන් ඇයි මේ ආවෙ කියලවත් දන්නෙ නෑ. උන් ආව අම්මගෙන් ඇහුව එක්කන් ආව... මාව මෙයාල එක්ක එවන්න තරම් අම්මට දැන් එයාලව හොදටම ශුවර්.දැන් ඉතින් අවුරුද්දකටත් වැඩීනෙ. මගෙ ආදරේටත් වසරකට වැඩී දැන්... ම්ම්ම්......... ඒකපාර්ශවිකව ආදරේ...... !!
ඇයි දැන් මාව මේ එක්කන් ආවෙ ඇහුවම නිකන්ලු.... කමක් නෑ මාත් ගෙදර නිකන් ඉන්න එකනෙ... ඇත්තටම මට තාම බයයි. අශ්වින් අයිය එයාලගෙ ඔෆිස් එකට ගිහින් ඇවිල්ල දැන් සති දෙක තුනක් වෙනව... දැන් සේරන බිස්නස් එයාගෙ නමටයි තියෙන්නේ... එයාලගෙ ඇක්සිඩන්ට් එක ප්ලෑන් එකක් නම් ඒක කරන්න තියෙන එකම හේතුවත් මේ බිස්නස් නම් ඒක කරපු අය මේ කොල්ලට මොනව හරි කරන්නත් දෙපාරක් හිතන්නෙ නෑ.....  ඒකෙ බැරෑරුම් කම එයාට තේරෙන්නෙ නෑ. මන් අශ්වින් අයියට කියල කියලම අයියලටත් මේ විස්තර සේරම පැහැදිලි කරා... එයාල හරි මේ වෙලාවෙ අශ්වින් අයිය පිටිපස්සෙන් ඉන්න එක මට ලොකු සැනසීමක්.... මොකද මට මෙතනදි කරන්න පුලුවන් දෙයක් නැති තරම්....

" මන් කිව්ව මට දැන්ම මේව බාරගන්න බෑ කියල. මන් ඉගෙනගෙන ඉවර උනාට පස්සෙ බලමු කිව්ව..... "

" ඒක හොදයි බන්. කොහොමත් උබට දැන්ම ඒකට ඇගිලි ගහන්නත් බෑනෙ නේද."

" ඇත්තටම මට මේව ඕනෙ නෑ බන්. ඒත් තාත්තාට ඕනෙ උනේ මන් ඒක කරනව දකින්න. ඉතින් එයා නැත්ත එයාගෙ බලාපොරොත්තුව හරි මන් ඉශ්ට කරන්න ඕනෙ හින්දයි මන් මේ වැඩේට මැදිහත් වෙන්න තීරනය කරේ...නැතුව මට මේවට කිසිම ආසාවක් නෑ බන්... මට ඕනෙ නිදහසේ ඉන්න විතරයි. "

cinderella Where stories live. Discover now