මාසෙක නිවාඩුවකට පස්සෙ සුපුරුදු පරිදි ඉස්කෝලෙ ආවත් මහ මුස්පේන්තු හැගීමක් ආවෙ අවුරුද්දෙ මැදදි අලුත් වාරයක් පටන් ගත්ත හින්ද වෙන්න ඇති.දකුනු කකුල පෙරට තියල ගේට්ටුවෙන් ඇතුලට ගිය මට කිසිම දෙයක් ආගන්තුක උනේ නෑ.පුරුදු නැනේ නුපුරුදු පන්තියක් හොයගෙන් මං ඉස්සරහට ගියා.
" පොතේ හැටියට මේක තමයි හෝල් එක "
මට ඒක ශුවර් උනේ දන්න කියන හැමෝම වගේ ඒ හෝල් එකට ගිය හින්දයි.පඩිපෙළ නැගල දෙවනි තට්ටුවට යද්දිම ඈතින් පොඩියට ගහපු බෝඩ් එකක මන් හොයපු දේ තිබ්බා.
" ෆයිනලි ඉට්ස් ලෙවන් ජී "
මං කොරිඩෝව දිගේ පන්තියට ගියා.පන්තියට ඇතුලු වෙන්න කලින්ම වෙන යාලුවෙක් එක්ක කතා කරකර හිටපු මගෙ එකී දැකල අමුතු ව්හිල් එකක් ආව.
" අම්මට බොක්ක "
මාව දැකල කුලප්පු වෙච්ච අස්ස පැටියෙක වගේ පැන පැන නෙතූ මං ලගට දුවගෙන ආවා.ඒ තමයි නෙතුලි තූර්යා විජේසිංහ.මගෙ හොදම යාලුවා.කොටින්ම කියනව නම් මගෙ වම් මොලේ පිටිපස්සෙ කෑල්ල වගේ.ඕකි මගේ කියල නොදන්න දෙයක් නැති තරම්.
" අනේ මගේ වස්තු කැටේ උබ ආවද.මන් හිතුව අදත් පරක්කු වෙයි කියලා.පුදුමයි අද කලින් ඇවිල්ලා."
ඒම කියල මට හෙන බලු හිනාවක් දැම්ම.
" පලයන්කො යන්න."
ඉදල ඉදල පලවෙනි දවසෙ කලින් ආවම එනව කුනු කතා කියන්න.ගෙම්බා.කතාවෙන් කතාවෙන් පන්තිය එලියෙ ඉද්දිම සයිලන් බෙල් එක ගැහුවා.අපි දෙන්න පටස් ගාලා පන්තියට පැනගෙන සයිලන් උනා.
" මේ නංගි,සයිලන් බෙල් එක ගැහුව ඇහුනෙ නැද්ද ?"
බැජ් දෙකක් ගහගත්ත ඇවිදින මල හොල්මනක් උදේ පාන්දරම දෑසට දර්ශනය උනා.අපි දෙන්නම සද්ද නැතුව ඉදල ගිහින් ඉදගත්තා.ඒ ප්‍රිෆෙට් අක්ක යනකන් ඉදල හැමදාමත් වගේ ඒකට බනින්න ගත්තා.
" අර ගෑනිට මොන මගුලක් වෙලාද මන්ද.ඇයි වදේ.රෙද්ද."
" හරි හරි බන්,ඇති දැන්.සන්සුන් වෙලා ඉදපන්."
හතර දෙනෙක් ඉන්න පෝලිමේ මට එහා පැත්තෙ මගේ අනිත් වකුගඩු දෙක ඉන්නව දැකල තිබ්බ චිල් එක ඩබල් වුනා.අපේ සෙට් එකේ හතරදෙනයි.නෙතුලි,වර්ශ සහේල ඇන්ඩ් මී.වර්ශයි සහේලී ඉතින් කොයි වෙලෙත් ගෑනී මිනිහයි වගේ.මමයි නෙතුයි වගේ තමයි.ගාථ කියල ඉවර වෙලා පොඩ්ඩක් අපිට පන්තිය හුරු වේගන එද්දිම තැඹිලි පාට දිලිසෙන දෙයක් කොරිඩෝව දිගේ පන්තියට ඇතුලු උනා.
YOU ARE READING
cinderella
Fantasyමේක සින්ඩරෙල්ලගෙ කතාව නම් නෙවේ. සින්ඩරෙල්ල වගෙ ලස්සන සින්ඩි කියන දගකාර ගෑනු ලමයගෙ කතාව. පාරෙදි අහම්බෙන් ඇගේ හැප්පුන ඒ කන්නාඩි දාන ලස්සන පිරිමි ලමයගෙ හැමදේම උන ඒ කෙල්ලගෙ කතාව.