66 කොටස

30 1 0
                                    

කලබලේට වැටිච්ච හැදි ටිකත් අහුලලා රැක් එකත් මේසෙ උඩින් තියලා බිත්තියටත් හේත්තු වෙලා මන් මේ තාමත් කල්පනා කරන්නෙ ඇයි චීෆ් මට ඉන්න කියල ගියේ කියලා. මන් එතන පිස්සු නැටුවද. නෑ නේ... චීෆ් එනවද බලන්න මන් දොරේ වීදුරුවෙන් ශේප් එකේ එබුනම තාම එයා කට්ටිය එක්ක කතාවක්. ඒත් එක්කම මගෙ ඇහැ ආපහු ගියේ අශ්වින් අයියට. එක නලල අත ගගා ඉන්නව. ඒ දකිද්දි ආයෙත් නලලෙන් එන ලා රිදිල්ලට මාත් නලලට අත තියාගත්තෙ මේ දකින් දේවල් හින්ද ආයෙත් අඩු වෙච්චි ඔලුවෙ කැක්කුම වැඩි වේගන එද්දි. කවදාවත් නැතුව හොටෙල් එකේ දෙන්නෙක්ගෙ හිනාවක් මට දුකක් ගෙනාව. ඒ වීදුරුවෙන් එයා දිහා බලන් ඉද්දි එකපාරට මන් දිහාට හැරුන ඒ හීනි ඇස් දැකල මන් ඉක්මනට පහලට නැවුනා. දැක්ක එයා. කමක් නෑ මට මොකද. ආහ්හ්!! දැන් නම් ඔලුව පුපුරන්න වගේ. ඊයෙත් ලාවට වගේ තිබ්බ ඔලුවෙ කැක්කුම වැඩි වේගන එද්දි මන් ගිහින් පුටුවෙන් ඉදගත්තේ ඔලුවත් දනිස් දෙක උඩ ගහගෙන. එහෙම ඉද්දි දොර ඇරෙන සද්දෙට මන් ඔලුව උස්සන් බල ආයෙත් නැගිට්ටා.

" අදට වැඩ ඉවරයි නේද."

" නෑ චීෆ් තව වෙලා තියෙනවනේ."

" ම්ම්ම්... කමක් නෑ අද ලීව් එකක් දාල ගෙදර යන්න. "

" චීෆ්? "

" ඔව් ඒක තමයි කිව්වෙ. මේන් චෙෆ්ල තුන්දෙනාම නැතුව වැඩේ දුවන්න අමාරු උනාට අද ලොකු ක්‍රවුඩ් එකක් නෑනේ. අනික තමයි ඕන තරන් අය ඉන්නවනේ."

" ඒත් -"

" යන්න දරුවෝ... ඔහොම ඔලුව ගහන් මේ වැඩ කරන්න බෑ. දැන් යන්න."

" සොරී චීෆ්. තැන්කිව්. "

චීෆ්ටත් හිනාවක් දාල මන් ඇදුම් මාරු කරගන්න යන්න හදද්දි ආයෙත් එයා කතා කරා.

" මොන වැඩේ කරන්නත් ඔහොම කලබල වෙලා නම් බෑ ලමයා! විශේෂෙන් පිරිමි ලමයි ඉස්සරහ."

මන් එච්චර අවුලෙන් හිටියද. ලෙඩ පාටයි වගේ පේන්න තරම්. චීෆ්ට හිනා වෙලා මන් මටම හිනා වෙවී ඇතුලට දිව්වෙ මීට වසර ගනනාවකට පෙර මගෙ යාලුවොත් මට ඕක කිව්ව නේද කියල මතක් වෙලා. කොල්ලො ඉස්සරහ ඉස්සර කලබලයි තමයි. ඒත් මේ යකා ඉස්සරහ මගේ හෘදස්පන්දන අදිවේගී මාර්ගයකට පිවිසෙනව වගේ එකක් තියෙනවා. ඉන්න! කලින් යමක් මගහැරුනද. මිසිස් පෙරේරා මොකද්ද ඒ කිව්වෙ? ඔයා කිව්වෙ මේ දුව ගැනද!!!? එයාල මන් ගැන අහල තියෙනව ඒ කියන්නෙ. කොහොමද. එයා කියල ඒ කියන්නේ. නෑහ්. එයාගෙ හොදම යාලුවොනෙ අපි. හිටපු! ඒක හින්ද ඉතින් කියල ඇති. මන් ඇදුම් මාරු කරන් එලියට යන්න කලින් බැලුවෙ කට්ටිය කොහෙද කියලා. ගිහිල්ලා! ඇති යන්තන් කියල මටම කියාගෙන එලියට බැහැල කාපාර්ක් එකට යද්දි මන් ගැස්සුනත් ආයෙත් අදාල නෑ වගේ ඉස්සරහට ගියා. කලු පාට සිවික් එකට හේත්තු වෙලා ඇගිල්ලෙන් යතුර කරකව කව අශ්වින් අයිය මන් එයාව පාස් කරන දිහා බලන් හිටියා. මන් දැක්කෙ නෑ වගේ ඉස්සරහට ගියත් එක තප්පරෙන් මගේ අතින් අල්ලලා මාව ඇදල එයා ලගට ගත්තා. ක්ශනිකව ක්‍රියාත්මක වෙලා මාත් අත ගසල දාල පස්සට උනේ එයාට රවන ගමන්.

cinderella Where stories live. Discover now