ඇතුලට අඩිය තියද්දිම ලොකු අකුවෙන් ගහල තිබ්බ අපි දෙන්නගෙ නම් දෙක දැක්ක ගමන් මගේ හිත පිරිල ගියා... ඉතින් දිස්නෙ දෙන්න තරම් ලස්සන මංගල්‍යයක් මන් වෙනුවෙන් ඇතුලෙ බලන් ඉද්දි මන් තාත්තාගෙ අත අස්සෙන් අත දාල අල්ලගත්තා. බෙර හඩ මැද්දෙන් තාත්තගෙ අතින් අල්ලන් ඉස්සරහට යද්දි මොන තරම් ලස්සන වෙඩින් එකේ උනත් මගේ ඇහැ ගත්ත පලවෙනිම දේ උනේ පෝරුව උඩ ඉන්න ලස්සන නිලමෙ කොල්ල. අම්මෝ නිලමේ... මගෙනේ.... ඉතින් තාත්තා මාව එක්කන් ගියේ පුදුම ආඩම්බරේකින්. හරියට ලෝකයක් දිනපු තමන්ගෙ එකම දූව හැමෝටම පෙන්නන්න වගේ... ඔව් මන් දින්නා... දිනන්න ඕනෙ හැමදේම දින්නා... ජීවිතේ වගේම මගේ ආදරෙත් මන් දින්නා... ඉතින් තාත්තාගෙ අතින් තද කරල අල්ලන් ලොකූ තෙත් උන හිනාවකින් මන් තාත්තා දිහා බලන් ඉස්සරහට ගියා... ඉස්සරහට ගිහින් තාත්තා මගේ අත අශ්වින් අයියට බාර දෙන්න කලින් තාත්තා මාව අඩවන්න හිතාගෙනමද කොහෙද මගේ අතත් ඉබලා නලලටත් හාදුවක් දීලා මගේ ආභරනවලින් හැඩ වුන අත අශ්වින් අයියගෙ අත උඩින් තිබ්බා... ඒ වෙලාවෙ එයාගෙ ඇස්වල ඇදුනේ වචනෙන් කියන්න බැරි හැගීම් ගොඩක්... තමන්ගෙ සතුට තමන්ගෙ අතට බාර දුන්න වගේ සතුටක්. ඉතින් ඒ ලස්සන හිනාවට හිනාවකින්ම සංග්‍රහ කරලා මන් අඩියක් ඉස්සරහට තිබ්බා... ඒත් වැඩි වෙලාවක් නොයා මගේ ඇස් තෙත් වෙන්න ගත්තේ දවස් ගානක් තිස්සෙ මන්ම කියපු වචන බොරුවක් ගානට දාලා... මොකද අම්මගේ ඒ ආදරෙන් පිරිල උතුරන බැල්ම ඉස්සරහ ඇහෙන දේවල් දරාගන්න අමාරුයි... ඉතින් ඒ අස්සෙන් මගේ ආවදානෙ ගත්තෙ නෙතූ... අන්න ආනවද... අනේ මගේ කෙල්ල.. මන් වෙනුවෙන් ඕන දේකදි අඩපු මගෙ ගෑනි අද මාව වෙන කෙනෙක්ට අයිති වෙන විදිහ බලාගෙන සතුටට හිනාවෙවී කදුලු පුරෝගන්නවා. ඉතින් ඒ මූන දැක්කම මේ වෙලාවෙ කොහෙත්ම හිනාවක් එන්න විදිහක් නෑ තවත් බදාගෙන අඩනව මිසක්... ඒත් එක්කම වටේ ඉදන් බලන් ඉන්න මගෙ යාලුවො... අවුරුදු ගානකට පස්සෙ දකින් ලස්සන මූනූ... ඒ අස්සෙ උනුවෙන නෙතූගෙ වගේ හිනාවල් දෙකක් මන් දැක්කා. මන් හෙව්වා.. වර්ශයි සහේලියි... එයාලගෙ සහකරුවන් දෙන්න එක්ක මන් දිහා බලන් ඉන්නෙ හරි ලස්සන විදිහට. ඉතින් මට තවත් සතුටුයි.
YOU ARE READING
cinderella
Fantasyමේක සින්ඩරෙල්ලගෙ කතාව නම් නෙවේ. සින්ඩරෙල්ල වගෙ ලස්සන සින්ඩි කියන දගකාර ගෑනු ලමයගෙ කතාව. පාරෙදි අහම්බෙන් ඇගේ හැප්පුන ඒ කන්නාඩි දාන ලස්සන පිරිමි ලමයගෙ හැමදේම උන ඒ කෙල්ලගෙ කතාව.