33 කොටස

35 1 0
                                    

කට්ටිය කාල බීල සේරම කරල ඉවර වෙලා ලෑස්ති උනේ හරි හමන් විදිහට සිංදුවක් දෙකක් කියන්න. මන් පස්සට පොඩ්ඩක් නිදහස් වෙන්න ඉඩ දීල ආපහු ඉදගත්තෙ කොටේ හැඩේටම පස්සත් හරි ගැහිල ගානක් නැති ගානට තිබ්බ හින්ද. පස්ස ශේප්... අශ්වින් අයියත් මන් වගේම නැගිටල ආපහු ඉදගත්ත. එයාටත් මට වගේම ඇති වගේ.. චරිත් අයිය අශ්වින් අයියගෙ කැමරාවත් එක්ක ලග තිබ්බ බඩු අයිනකින් තියල දැන් සෑහෙන වෙලා... අයිනෙන් බඩු සේරමත් එක්ක පරිස්සමට තියල තියෙනවා....කට්ටිය බලන් ඉන්නෙ අශ්වින් අයිය සිංදුවක් කියනකන් . මන් බලන් ඉන්නෙ එයාගෙ දිලිසෙන මූන දිහා.... මගෙ අශ්වින් අයිය..... අශ්වින් අයිය ගිටාර් එක හරියට අල්ලගෙන කෝඩ්ස් වගයක් ප්ලේ කරන්න ගත්තා.... මන් ආසම සින්දුවක්.... අනේ...... එයාගෙ සින්දු කියද්දි ගැඹුරු වෙන වොයිස් එක මාව අමු පිස්සෙක් කරනවා...... මන් ඇස් දෙක පියාගෙන ඇහෙන මුහුදු රලේ සද්දෙත් එක්ක කලවන් වෙලා මුහුදු හුලගට ගහගෙන යන අශ්වින් අයියගෙ කටහඩ අහන් හිටියා.... මුහුදෙ සද්දෙ මගෙ කනව ඇහෙන ඒ කටහඩට බාදාවක් වගේ මට දැනුනෙ නෑ .........

මතක අතරේ පාවෙනා නුබ සිතුවමක් මවා..........
ආයෙ නුබ් මගෙමයි කියන්න ආදරෙයි මෙමා නම්
මා ලගින් සින පා කීව ඒ කාරනාවෙන්
බෑ රිදුම් දවයි මා සගවනා මතකයෙන් මා..........

සිතුවම් හදේ මැවි මැවී ...
නුබෙ දෑසෙ මා නැවතුනී...
රුව කෝ මගේ සිතැදුනී...
ප්‍රේමී..................
මතකෙට ඒ මෙපමනී...
නුබ ඈත යන බව දනී...
කිමදෝ නොදැන හඩමී...
ලදුනී.......................

මන් හෙමින් ඇස් ඇරියෙ අශ්වින් අයියගෙ වොයිස් එක ටිකකට නතර වෙලා දිගින් දිගටම ඇහෙන ගිටාර් එකේ සද්දෙට කන් යොමු කරගෙන... ඇයි???!!! ඇයි ඒ ඒම බලන් ඉන්නෙ..... එයාට කෝඩ්ස් ප්ලේ කරන්න ගිටාර් එක දිහා බලන්න ඕනෙ නැද්ද එතකොට. ඕනෙ නෑ වගේ නේද. ඒ ඇස් එක එල්ලෙ බලන් ඉන්නෙ මන් දිහා... මන්- මන්- මට...... මට තේරෙන්නෙ නෑ ..... ඒ තියෙන්නෙ ඒ නුහුරු හැගීම තමයි...... කවදාවත් ඒ ඇස් අස්සෙ මන් දැකපු නැති මේ දවස් ටිකේ වැඩිපුරම දැකපු හැගීම.... ඒක මොකක්ද..... මට පැහැදිලි නෑ ඒක.... මට ඒ ඇස්වල තියෙන හැගීම කියවන්න තේරෙන්නෙ නෑ ......... ඒක අපහසු නොවුනත් නුහුරුයි... මන් ඇහිපිල්ලම් ගහන්නෙ නැතුව ඒ දිහා බලන් හිටියේ මොනවා කරන්නද කියල හිතාගන්න බැරුව..... දිගටම ප්ලේ වෙන අශ්වින් අයියගෙ කෝඩ්ස් අස්සෙන් එයා මන් දිහා බලන් ඉන්නව... මට අහක බැලුවොත් එයාත් අහක බලයි කියල හිතෙන තරමට මට අහක බලන්න ලෝබයි.... මන් ඒ ඇස් අස්සෙ හිරවෙලා..... වටේ ඉන්න අය හෙමීට මුමුනන සද්දයි,මුහුදෙන් එන සද්දෙයි මට නෑහෙන ගානට ඇහෙන්නෙ අශ්වින් අයියගෙ ගිටාර් එකේ ලස්සන කෝඩ්ස් එක්ක ඒ ඇස්වලින් කියන දේ තේරුන් ගන්න දගලද්දි.. මට හොදටම විශ්වාසයි .ඒ මූනෙ තියෙන්නෙ වෙනද නොදකින් දෙයක්... ඒත්- අශ්වින් අයිය ආයෙම සිංදුව පටන් ගත්ත.. මන් සාමාන්‍යයෙන් ලොකු උන ඇස් දෙකකින් එයා දිහා බලන් හිටිය. සෑහෙන වෙලාවකට පස්සෙ සැරින් සැරේ වදින ඇහිපිල්ලමක් ඇරෙන්න අපි අතරට කිසිම බාධාවක් නෑ.....

cinderella Where stories live. Discover now