" සිසූ............!"
" මොකද "
" කවුද මේ? ආ.. මේ නංගි ඔයා දැක්කද ලස්සන ගෑනු ලමයෙක් සින්ඩරෙල්ල වගේ ගවුමක් ඇදපු."
" ඔව් ඇයි අයියෙ."
" අනේ බලන්නකො නංගි. එයා මට කිව්ව කොහෙවත් යන්නැතුව මෙතනම ඉන්න කියල. උබට මතකයි නේද දනුශ්කයා! කිව්ව නේද "
" ඔව් ඔව් කිව්ව."
" දැන් කෝ.. කෝ...ඉතින් එයා නෑ. එයා පේන්න නෑනේඒඒහ්!.......... ආහ්හාහා සිසූ.."
" පොඩ්ඩක් හොදට ඇස් ඇරල බලපන්කො මයෙ අම්මන කැටේ.. "
" මන් ඇස් ඇරන් තමයි ඉන්... නෙ.. ඇයි උ-බ-...ආආආ සිසූ.... මේ ඉන්නෙ අනේ ඔයා.. කොහෙද ගියේ! "
" මන් මෙතනමයි හිටියෙ."
ලස්සන පාටියෙ අවසානය මුස්පේන්තු කරා අර කොහෙවත් යන එකියක්. මගේ ඩ්‍රින්ක් එකට කලවන් ඒවගෙ ප්‍රතිඵල තමයි ඉතින් මේ. ඒ ටික බීල අශ්වින් අයිය මෙහෙම පිස්සු නටනව නම් මන් බිව්වනම් කොහොම තියෙයිද කියල මට හිතාගන්නත් බෑ. කොල්ලට වැදිල. මට දැන් පොලු පාරක් දෙන්නත් හිතෙනව. ඒත් කිව්ට් නෙ මෙයා. අවුට් ගිහිල්ලත් හොයන්නෙ මාව. කට්ටියට නෝට් වෙන්න කලින් අශ්වින් අයියව එලියට එක්කන් ඇවිල්ල එලියෙ ටේබල් එකකින් ඉන්දල තිබ්බ. ඩීසන් එකට ඉන්න එකාව කොහෙවත් යන එකියක් හින්ද චාටර් වෙන්න දෙන්න බෑනේ. අපි හයදෙනා අශ්වින් අයියව ඉන්දවල එයා දිහා බලන් හිටිය. මට හිනා යන්නත් එනව. පිස්සු කියවනව. අනේ පව්.
" මේ ඇයි අයියෙ මේ. එක ග්ලාස් එකක් බිව්ව කියල මෙහෙම වෙනවද."
" මෙහෙමයි. ඒකෙ ගද නැති උනාට හොදම එකක් වගේ. ඒ නැතත්.... මුට බොන්න බෑ."
" සීරියස්ලි! "
" ඒකි ඒ බීම එකෙන් බාගයක්ම අයින් කරා. ඉතුරු බාගෙම පිරෙව්වෙ ඒවගෙන්."
" ඒකනෙ ඉතින් මූ මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක්."
" අඩෝ ඇතුලෙ මොනව වෙනවද දන්නෑ බන්. ගිහින් බලපන්කො පොඩ්ඩක්. කෙල්ලො ටික විතරයි."
" දනුශ්ක අයියෙ. ඔයයි යෙනුක අයියයි හරි ගිහින් බලන්නකො ඇතුල. තව කවුරු කවුරු මෙහෙම ඉන්නවද දන්නෑ.. අනේ යන්නකො."
YOU ARE READING
cinderella
Fantasyමේක සින්ඩරෙල්ලගෙ කතාව නම් නෙවේ. සින්ඩරෙල්ල වගෙ ලස්සන සින්ඩි කියන දගකාර ගෑනු ලමයගෙ කතාව. පාරෙදි අහම්බෙන් ඇගේ හැප්පුන ඒ කන්නාඩි දාන ලස්සන පිරිමි ලමයගෙ හැමදේම උන ඒ කෙල්ලගෙ කතාව.