" නංගි ඔයාවත් කියන්නකො එයාට මුරන්න්ඩු නොවී යන්න එන්න කියල. කොච්චර කිව්වට බෑ කියනවනෙ."
" මන් කිව්වට අහයිද ඉතින්. දෙන්නකො බලන්න."
" හෙලෝ..... "
" ආච්චිඅම්මේ.... මොකද්ද අනේ ඩොක්ට ලගට ගිහින් එන්නකො අයියත් එක්ක. ඇයි අනේ බෑ කියන්නෙ. "
" මට එහෙමට අසනීපයක් නෑ දුව. මේ පොඩි කැස්සකට මෙච්චර කලබල වෙන්න දෙයක් නෑනෙ. ඒක මේ දරුවට කියල දෙන්න."
" අනේ මන් නම් දන්නෑ අනේ ඔය දෙන්න එක්ක මේක කරන්න බෑ. ඒත් බෙහෙත් ටිකක් ගත්තනම් හොදයි නේද."
" හරි හරි මන් බේත් ටිකක් ගන්නම්කෝ. මේ ලමයින්ගෙන් තියෙන්නෙ පුදුම කරදරයක්නෙ අනේ."
" අන්න හොද ලමය.ආදරෙයි.
" මන් කොහොමහරි ආච්චිඅම්මව එකන් යන්නම් සිසූ... ඔයා මොකෝ කරන්නෙ. "
මොනව කරන්නද ඉතින් ඔයා එක්ක කතා කරනව මිසක්. පාඩන් කරල පොඩ්ඩක් නිකන් ඉද්දි අශ්වින් අයිය ගැන මතක් උනාම එයාම කෝල් කරනව. මේව තමයි දෛවය කියන්නෙ. ආච්චිඅම්ම එක්කන් බේත් ගන්න යනව කියල අශ්වින් අයිය කට් කරා. ඉතින් මන් ආපහු පොතට බැස්ස.දැන් ඉතින් හවස් වෙලානෙ. ඉස්කෝලෙත් නිවාඩු දැන්. හෙට අවුරුදු. මේ පාර හොදට අවුරුදු කයි වගේ. අම්ම කැවුම් හදල, කොකිස් හදල, මුන් කැවුන් හදල, දැන් නම් රෙදි හෝදනවද කොහෙ.....හි.හී.... තාත්ත යන්න කලින් සමරන අන්තිම අවුරුද්දනෙ. තාත්තත් ගෙදර අද.මන් පාඩන් කරද්දි කොයි වෙලෙත් ඇවිල්ල මොනවහරි ඕනෙද. මොනවද කරන්නෙ කියල බලල යනව. එයා ඔයා එයාගෙ සුදු දූට ආදරෙයි නේ... තාත්ත එක්ක හුරතල් වෙන එක වෙනම එකක්. හැබැයි ඔය අපේ කොට බැල්ලි තාත්තා එක්ක හුරතල් වෙන්න ගියාම මාව මතකත් නෑ. බලු මායන්..... ඔය අස්සෙන් පරන කපල් එකේ ආදරනීය සීනුත් යනව. එයාල ආදරේට කියන්නෙ හුගක්ම ඒයි කියල. මාත් අරයට කියනවනෙ ඒයි කියල... ආව්!!
" ඒයි....දැන් අපි යනවද නෑගන්."
" යන්න ඕනෙද. මට නම් ඕන එකක්."
" මන් නම් කියන්නෙ අම්මෙ මේපාර ඕනෙ නෑ. අපි හැමපාරම යනවනෙ කෑම බීම උස්සන්. ඉතින් මේ පාර ගෙදරට වෙලා හිටියොත් මොකද, වෙනසකටත් එක්ක හොදයිනෙ නේද."
YOU ARE READING
cinderella
Fantasyමේක සින්ඩරෙල්ලගෙ කතාව නම් නෙවේ. සින්ඩරෙල්ල වගෙ ලස්සන සින්ඩි කියන දගකාර ගෑනු ලමයගෙ කතාව. පාරෙදි අහම්බෙන් ඇගේ හැප්පුන ඒ කන්නාඩි දාන ලස්සන පිරිමි ලමයගෙ හැමදේම උන ඒ කෙල්ලගෙ කතාව.