60 කොටස

30 1 0
                                    

අශ්වින් අයිය දැන් යන්න ලෑස්ති වෙනව ඇති. හෙට හවසනෙ ෆ්ලයිට් එක තියෙනව කිව්වෙ. මන් ගෙදර මුල්ලකට ගුලි වෙලා කල්පනාවක. මොනවද කල්පනා කරන්න ඕනෙ කියල හිතාගන්න බැරුව කල්පනා කර කර ඉද්දි එක එක මගුල් ඔලුවට එනවා... මේක හරි කරදරයක් උනානේ... අශ්වින් අයියගෙ මතකෙන් ගැලවෙන්න මේ යටි හිත කියන මාන්දන්කාරය ඉඩ දෙන්නෙම නෑ....  ඌ එක එක වීඩියෝස් ප්ලේ කරල මාව අඩවනවා... තෝ මගෙද නැත්නම් වෙන එකෙක්ගෙ යටි හිතද.... මටවත් මගෙ පාලනයක් නැති වෙලා... මට හැගීම් පාලනය කරගන්න එක සෑහෙන අමාරු උනා මේ ගෙවුන පැය ගානට. සුපුරුදු විදිහට මන් ගෙදර තනියම. අශ්වින් අයියට කෝල් කරන්න හිතුනත් ගන්න හයියක් නෑ... දකුණු අතේ මැද ඇගිල්ලෙ තියෙන හීනි සිල්ව මුද්ද ඇගිල්ලෙ තියාගෙනම කරකෝ කරකෝ මෙලෝ සද්දයක් නැති ගෙදර බිමින් ඉදගෙන ජනෙල්ලෙන් එලිය බලන් හිටියා.... එයා යයි නේද ඉතින්... මට ඉන්න පුලුවන් වෙයිද එයාව නොදැක. මන් හිතන්නෑ පුලුවන් කියලා...  එයා එක්ක ගෙවපු හැම මොහොතක්ම මගේ හිතේ ගැඹුරුම තැන හැංගිලා තියෙනවා... ඒව මකන්න බෑ... දවස ගෙවිල ගියේ හරි හෙමින් උනාට මන් ප්‍රාර්ථනා කරේ ඉක්මනට අද දවස ඉවර නොවේවා කියල. ඒත් මන් හිතුවටත් වඩා ඉක්මනට දවස ඉවර උනා... අශ්වින් අයියට අම්මව යන්න කලින් අන්තිම පාරට හම්බවෙන්න ඕනෙ කියල දනුශ්ක අයිය මට කෝල් කරා.. ඇයි එයාට කතා කරන්න බැරිද මට... මට මෙච්චර දුකක් දීල තව කතා නොකරත් ඉන්නෙ හරියට මන් වැරැද්දක් කරා වගේනෙ.

මගෙ කීමට අම්ම එදා ගෙදරට වෙලා හිටියෙ අශ්වින් අයිය රට යනව කියල කිව්වම ඒකටත් පුදුම වෙලා. අම්ම අහන්නෙ ඇයි හදිස්සියෙම මෙහෙම යන්නෙ කියල. මන් මොනව කියන්නද. එයාගෙ බිස්නස් හතුරො එයාගෙ කියල ඉන්න හැමෝටම මරණ තර්ජන කරපු හින්ද එයාල වෙනුවෙන් රටින් යනව කියන්නද... අම්මට උනත් මන් ඉන්නෙ සෑහෙන අවුලෙන් කියල තේරෙනව.  ඒත් එයා එක වචනයක් වත් ඇහුවෙ නෑ. ඒ ඇයි කියල මට ඉතින් ලොකූ ප්‍රශ්නයක් නෑ ඊට වඩා ලොකු ප්‍රශ්නයක් හිතේ තියෙන හින්ද... අයියලගෙ වාහන දෙක ඇවිල්ල අපේ මිදුලෙ නැවැත්තුවම මගෙ හිත ආයෙත් කඩන් වැටුන. එයාව දකින්න වෙන්නෙ තව පැය කීපයක් විතරයි... දැන් නම් අඩන්න තියාගන්න එපා සිසූ... අම්ම ඉස්සරහ නම් අඩන්න එපා...  අශ්වින් අයියව දැකපු ගමන් එයාගෙන් ඇහැ අහකට ගන්න බැරුව ගියා.. ලස්සනයි... ලා නිල් කාගෝ එකට යට කරපු කලු පාට ටීශර්ට් එක උඩින් අත් දිග ශර්ට් එකක් දාල... රවුන් කන්නාඩි දෙක... නලල වැහෙන්න තරන් දිග කෑලි වැටිච්ච කොන්ඩෙ... දිලිසෙන ඇස්.... මට ඇඩෙන්න එන්නෙ ඇයි ආපහු... වෙනද මෙයාව මෙහෙම දැක්කම කන්න වගේ බලන් හිටියට ඇයි අද මන් කදුලු පුරවගන්නෙ... ඇස්පිල්ලම් ගහල කදුලු නවත්තගත්තා.
අපෙ අම්මගෙ පුතාට පස්සෙ එයා කැමතිම පුතාලගෙන් ඔයා ආදරේම කෙනා යන්න යනවලු අම්මේ...! අයියල සේරමල්ල ඇවිල්ල සාලෙ ඉදගෙන අම්ම එක්ක කතාවක්...මන් කාමරේ ඇතුලට ගිහිල්ල හිටියා. ඇහෙනවනෙ ඉතින් කියවන ඒවත්..

cinderella Where stories live. Discover now