28 කොටස

29 0 0
                                    

හවස් වරුවෙ අපි කට්ටිය හැමෝම වෑන් එකේ එලියට බැස්සෙ ලොකු රවුමක් ගහන්න.මට නම් මෙහෙ පාරක් දිගේ ගියත් ඇති....මන් කැමති මිනිස්සු අඩු පැති වල ඇවිදින්න්.ඇත්තටම කිව්වොත් අශ්වින් අයියත් ආස ඒකට.එයා හින්ද නෙවේ මන් ඒකට ආස උනේ...ඒත් එයාගෙයි මගෙයි කැමැත්ත ගොඩක් වෙලාවට එක වගේ....අපි දෙන්න හිතුවටත් වඩා ලන් වෙන්න ඒක ලොකු හේතුවක් උනා....මන් එයාට කැමති වෙන්නත් ඒක එහෙම්මම වෙන්න ඇති.ඉස්සෙල්ලාම හෝර්ට්න්තැන්නෙ ඇයි ඇවිදල හුලගෙ යන්න ගිය නෙතුලිවත් අමාරුවෙන් අල්ලගෙන අපි ටවුන් එකෙත් ඇවිද්ද.නෙතුලිට එහෙම යන්න දෙන්න බෑනෙ.සපෝට් එකට ආව නම් ඉවර වෙනකන් ඉන්න ඕනෙනෙ.නුවරඑළියේ හෙළ බොජුන් එකෙන් පැනි වලල්ලක් කන්නත් අපි අමතක කරේ නෑ.ඒව රසයි අනේ....අශ්වින් අයිය වන්ඩුවක් දැකල ජීවිතේට වන්ඩු දැකල නැති එකෙක් වගේ හැසිරුන හින්ද එයාට වන්ඩුවකුත් කවල අපි අපේ ජර්නි එක ආපහු පටන්ගත්තා.සීතල ටික ටික වැඩි වෙනව.දරාගන්න බැරි තරම් නෑ.ඒත් ඇගට දැනෙන සීතලක් තියෙනව.ශෝක් ඉතින්.නුවරඑළියේ ආවෙ සීතලේ ඉන්න තමයි මන්....ආ තව අශ්වින් අයිය එක්ක කාලෙ ගත කරන්න.

මන් මේ කරන දේ හරිද වැරදිද කියන්න නම් මන් දන්නෙ නෑ.අවසානය මොනවගේද කියලවත් දන්නෙ නැති මේ ගමනෙ මට ඕනෙ අශ්වින් අයිය එක්ක ලස්සන මතක ටිකක් එකතු කරගන්න. ඒ යන ගමනෙ අතරමග එයත් එක්ක ලස්සනට හැඩ කරන්න.ඒත් ගමනාන්තයේදි එයා මාත් එක්ක ඉදීද නැද්ද කියන්න මන් දන්නෙ නෑ.මොකද....එයා මට අයිති නෑ.ඒත් කවදහරි ඒ ලස්සන මතක ගැන හිතල හරි මට පොඩි හරි සතුටක් ලබන්න පුලුවන් වෙයි.එයා.මන් ගැන මන් මේ හිතන විදිහට හිතන දවසක් ආවොත් අන්න එදාට මේ ගමනෙ අවසානයත් ලස්සන වෙයි කියල මට විශ්වාස කරන්න පුලුවන්.දනුශ්ක අයියගෙ ලව්ලි තාත්තිත් අපිව තියෙන තරම් ලස්සන තැන් හොය හොය එක්කන් ගියා.තව දවස් දෙකක් තියෙනවනෙ.ඒ හින්ද අපි අනිත් දවස්වලට යන්නත් තැන් ඉතුරු කරගත්තා....ගමන රසවිදින්න ඕනෙනෙ.

මිනී ඔලුවකුයි කටුස්සෙකුයි
පොලගගෙ දලකුයි නාගයෙකුයි
රස වෙන්නට රට ඉදි ටිකකුයි
නෑ නෑ නාරන් බික් තුනකුයි

වැඩී වැඩී එකක් හොදටෝම ඇති

රටකජු ටිකකුත් පොතු ගාල
පොතු ටික දානව මද කාල
හොද හැටි පදමට හැදිගාල

cinderella Where stories live. Discover now