" අශ්වින් තෘත් ඕ ඩෙයා?"
" ඩෙයා"
" මො!? හයියෝ! "
සේරටම කලින් දනුශ්ක අයිය අහපු දේට අශ්වින් අයිය ඩෙයා කියල කියද්දි මන් එයා දිහා හැරිල බැලුවෙ තප්පරෙනුත් පහෙන් පංගුවක් යන්නත් කලින්. ඉතින් ඉබේටම මට ඔලුවෙ අත ගැහල හිතින් කියන්න ගිය වචනෙ කටිනුත් කියවුනා. මුට ලැජ්ජාවක් කියල එකක් නැති හැටි. යකෝ ඩෙයා කියන නාමයක් තියා ඒ ලගින් යන හෙවනැල්ලක් දිහාවත් බලයිද මේ ඉස්සරහ ඉන්න උන් ටික ඉන්න තැනක. මුට මුල අමතක වෙලා වගේ මට පේන්නෙ. ඉතින් අශ්වින් අයිය දිහා ඇස් හීනි කරල බැලුවම එයා දත් තිස්දෙකම දාල මෝඩ පහේ හිනාවක් දුන්න. හොම්බ තලන්න හිතෙන්නෙ ඔය වෙලාවට තමයි. මන් අශ්වින් අයියට රවපු විදිහට වටේ ඉන්න කට්ටියට ඉබේටම හිනාව පැන්නා. මොකද එයාල තමයි ඊලගට වෙන්න යන දේ දන්නෙ. ඉතින් අශ්වින් අයියගෙන් ඇස් අයින් කරල මන් ඇස් හැරෙව්වෙ ඩෙයා එක දෙන්න ඉන්න දනුශ්ක අයිය දිහාවට. ආයෙත් අර අහිංසක බැල්ම දැම්ම.
" අනේ බබා ඔයා ඔය අහිංසක බැල්ම දැම්මට මේ පාර නම් දනුශ්ක අයිය ඕවට අහුවෙන්නෙ නෑ හොදේ. "
ඉතින් මන් කට ඇදල කරල ආයෙත් අශ්වින් අයියට රැව්ව. එයත් ඒ කරපු දේ ගැන දැන් පසුතැවෙනවා කියල පේනවා. මොකද මෙච්චර වෙලා දෛවයේ සරදම කැරකිලා කැරකිලා අපි දිහාටම පස් පාරකට වැඩිය ආවා. ඉතින් ඒ අහපු දේවල් එක්ක ඩෙයා කියල කියන්න හිතෙන එකත් සාදාරනයි. ඉතින් දැන් ගත්ත නම් කරපන් කියල හිතින් බැන බැන මන් අතුත් බැදන් ඉදගෙන බලන් හිටියා. දනුශ්ක අයියගෙ ඒ බැල්මෙන් මට එක එක ජාතියෙ ගොඩක් දේවල් හිතුනා.
" අශ්වින් එහෙනම් රෙඩී නේ.."
" නෑ.."
" එහෙනම් තවත් හොදයි... ආහ් සිසූ.... අපි කැමතී මේ ඩෙයා එකට කලින් ඔයාගෙ හිතේ මේ වෙලාවෙ තියෙන හැගීම දැනගන්න."
" මගෙද?."
" හ්ම්."
" මට හිතෙනවා අන්තර්ජාතික මට්ටමෙන් කෙලවෙන්නයි යන්නෙ කියල.. එච්චරයි.."
ඒ කියද්දි හැමෝම හිනා උනත් මන් කට ඇද කරන් වැඩෙ අනමින් ඉන්න පුද්ගලයට රැව්ව.
YOU ARE READING
cinderella
Fantasyමේක සින්ඩරෙල්ලගෙ කතාව නම් නෙවේ. සින්ඩරෙල්ල වගෙ ලස්සන සින්ඩි කියන දගකාර ගෑනු ලමයගෙ කතාව. පාරෙදි අහම්බෙන් ඇගේ හැප්පුන ඒ කන්නාඩි දාන ලස්සන පිරිමි ලමයගෙ හැමදේම උන ඒ කෙල්ලගෙ කතාව.