63 කොටස

29 1 0
                                    

ලා හිරිකඩේ ඉර බැහැගන යද්දි මන් හෙමීට තේ වත්ත දිගේ ආයෙත් බංගලෝ එක පැත්තට ඇවිදන් ආවා... හිරිකඩ වැස්සකට හැරෙන පාටක් නෑ... ඒත් තරමක් තදට ගහන හිරිකඩ මගේ ඇහිපිල්ලම් වලත් රැදිලා තියෙනවා මටම පේනවා... පාලුයි. මේ පාර පුරා පිස්සු නැටුවෙ එක කොල්ලෙක් එක්ක... ලස්සන මොහොතවල් විදින්න කියල කියල දුන්නෙ මෙතනදි... පොඩි එකෙක් වගෙ කෑගගහ මගේ අතින් අල්ලන් නටපු කොල්ලව කොහොම අමතක කරන්නද... කොච්චර උත්සාහ කරත් ඒක බොරු මහන්සියක් විතරක් උනා... මට දැන් හරි මහන්සී එයා ගැනම හිතලා. ඉතින් නොහිත ඉන්න හැදුවත් හැමතැනම තියෙන්නෙ අපි දෙන්නගෙ මතක විතරයි...  මන් වැඩි වෙලා නොගෙන බංගලාවට අඩිය ඉක්මන් කරේ දැනටමත් නහයට දැනෙන බර ගතිය හින්දා. ඊට පස්සෙ තව මගුලක් වෙනව ආයෙ අසනීප වෙන්න නම් බෑ... ඒ පාර දිගේ අඩිය ඉක්මන් කරාට යන්නත් ලෝබයි... ඉර බැහැල ගිහිල්ල අදුර හැම තැනක්ම බාගෙට බාගෙයක් වහගෙන යනවා... මීදුම පේන නොපෙනෙන ගානට...

" හච්චිස්!! "

හරි බඩු හරි... පලමු හච්චිම පිටවී අවසන් දෙවන හච්චිම ස්ථානගත කරා... ඔව්.. දෙකයී.. මන් ආයෙත් තුන්වෙනි හච්චිමට කලින් බංගලෝ එකට දිව්ව... කට්ටියම ගාඩ්න් එකේ... කට්ටිය කියන්නෙ අයියලා... මේ පාර ආවෙ අපි පස්දෙනායි ඇන්ටී අන්කලුයි විතරයිනේ. මන් එයාල ලගට ජසියෙ සාක්කු දෙකට අත් ඔබාගෙන ගෑටුවා. හැම එකාම නහයෙන් උඩට අදිනවා. ඒක දැකල මගේ කට කොනින් හිනාවකුත් ඇදුනා... ඒත් එක්කම තුන්වෙනි හච්චිමත් ස්ථානගත වෙලා හච්චිස් ගාල පිටවෙද්දි හැමෝම මන් දිහා බැලුවා...  මන් හිනාවෙලා ඉදගෙන හිටපු චරිත් අයිය ලගින් ඉදගත්තා... සීතයී... එතනින් ඉදහනිද්දිම චරිත් අයියටත් හච්චිමක් ගියා... හරි අද සේරටම හරි. මගේ අත එලියට ඇදලා එයා සීතලේ හින්ද චරිත් අයියගෙ අත උඩින් තිබ්බා... තාමත් මගෙ අත ලාවට රස්නෙයි... මෙච්චර වෙලා ගුලි කරන් ඉදල හිරි වැටිලත් වගේ...

" මේ ඔයාගෙ අත රස්නෙ. උණද ආයේ? "

" කෝ දෙන්න බලන්න. "

යෙනුක අයිය මගේ අත ඇදල අත තියල බැලුවා. මුන්ට හොද කරන්න ගියාමත් මට ලෙඩ කියල පැත්තකට කරනවා.මට හොද වැඩේ...

cinderella Where stories live. Discover now