61 කොටස

29 2 0
                                    

හැමෝම ඒ ඒ අය තෝරගත්‍ත පාත් වලින් එයාලගෙ හීන පස්සෙන් ගියා. නෙතූ ජපුර කැම්පස් ගියා. වර්ශා පේරාදෙනි කැම්පස් ගියා. සහේලි මොරටුව කැම්පස් එකට ගියා. මන් හොටෙල් ස්කූල් ගියා. ඔව් මන් කැමති මගේ හීනෙට යන්න මන් ගැලපෙනම පාර තෝරගත්තා. ඒලෙවල් ඒ තුනක් දාල කැම්පස් ආවත් මන් කැමති දේ කරන්න මගෙ පවුලෙ අය ඕන හැටියෙ ඉඩ දුන්නා... දැන් මන් ලග හැමතිස්සෙම ඉන්නෙ මගෙ අයියල තමයි... අශ්වින් අයිය ගිහිල්ලත් දැන් අවුරුද්දකටත් වැඩී. මන් තාමත් එයාගෙ මතකෙන් ජීවත් වෙනවා. දැන් මන් තරුපහේ හොටෙල් එකක ට්‍රේනින් වෙන ගමන් තමයි ඉන්නේ.... මගේ සතුට..... මගේ කෑම කාල රසවිදිල සතුටු වෙන මිනිස්සුන්ගෙ හිනාව මට හරිම සතුටක්. ඉතින් මගේ ජීවිතේ මන් කැමති විදිහට ගෙවිල යනව. ඒත් ලොකූ හිස් බවක් තියෙනවා.. ඒ හිස්තැන කවදාවත් පිරෙන්නෙ නෑ. ඉතින් ඒ හිඩස මන් එයත් එක්ක ගෙවපු ලස්සන මතක වලින් පුරෝගන්නවා... ඒත් මට තියෙන්නෙ එකම එක දුකයි. ඒ එයා ගැන ආරංචියක් දැනගන්න විදිහක් නැති එක. ගිහිල්ල ටික දවසකට පස්සෙ එයාව කන්ටැක් කරගන්න අපිට බැරි උනා.. අපේ බූරුවො ටික යන තැන කෙනෙක්ගෙ කන්ටැක් නම්බර් එකක්වත් ඉල්ලගෙන නෑ කියල දැනගත්තම දැනුන ආධ්‍යාත්මික සුවයට එයාලට මුකුත්ම නොකිය මන් ගියේ කුනුහරප නොකියන මේ හොද දැරිවිගෙ කටින් මොනව කියවෙයිද කියල ශුවර් නැති හින්ද .එදා ඉදන් අද වෙනකල් එයා හොදින්ද කියලවත් දැනගන්න විදිහක් මට තිබ්බෙ නෑ. ඉතින් එයාව පරිස්සම් කරන්න කියල හැමදාම බුදු පහන තියල ඉල්ලනව මිසක් මට කරන්න දෙයක් තිබ්බෙත් නෑ. පන්සල් යන හැම දවසකම මගේ එකම ප්‍රාර්ථනාව අශ්වින් අයියට එයාගෙ සතුට හොයල දෙන්න කියන එකයි... මගෙ කොල්ලව සතුටින් තියන්න මගෙ දෙවියනේ...

මේ දවස්වල නම් සෑහෙන සතුටින් ඉන්නෙ.. මගෙ සුදු තාත්‍තිය නිවාඩුවට ගෙදර ඇවිල්ලනෙ..  අනීව් මගෙ කෙම්ල ඇවිල්ල.. මන් ඉතින් හද පිරි සතුටින් ඒකි එක්ක රෝන්දෙ ගහල ගහල නෙතුලිලගෙ ගෙදර එලියෙ බිමින් ඉදගෙන වැටිල ඉන්නේ... නෙතූගෙ ගෙදර ගියා කියන්නෙ ඉතින් ආයෙ වෙනම එකක්... ගමේ ගියා වගේ තමයි එහෙ ගියා කියන්නේ... මේකි හද්ද ඩොටේ කියල නෝන්ඩි දැම්මට මොකද ගම නම් හරි ලස්සනයි.. ඒ අස්සෙ වෙල් යායවල් දිගේ ඇවිදල කකුලෙ කටුවක් ඇනගෙන ඒක ගන්න බැරුව දගලනවා. අනේ මගේ සුමුදු යටි පතුල!! අම්මේ..! කට්ටක් ඇවුනා...

cinderella Where stories live. Discover now