15 කොටස

42 1 0
                                    

" අම්මේ....."

" ඇයි චූටී.මන් කාමරේ....එන්න.."

" අම්මේ...මේ.....මන් පොඩි ගමනක් ගිහින් එන්නම්ද?"

" කොහෙද? "

" අශ්වින් අයියගෙ ගෙදරට."

" ඇයි මේ හදිස්සියෙ."

" නෑ හදිස්සියක් නෑ.අද අශ්වින් අයියගෙ නංගිගෙ උපන්දිනේ.අදට එයාල නැතුවෙලා හරියටම අවුරුදු හතරක්."

" අනේ එහෙමද.ඒ දරුවත් පව් ඉතින්.මොනව කරන්නද."

" අද පන්සල් ගිහිල්ල පොඩි දානයක් දෙනවලු.ඊට පස්සෙ එයාලගෙ සොහොන ලගටත් ගිහිල්ල එන්න එනවද ඇහුව.මන් ඉතින් අහල කියන්නම් කියුව.යන්නම්ද...ඈ...."

" හරි කමක් නෑ ගිහින් එන්නකො.කට්ටියමනෙ යන්නෙ නේද."

" ඔව්.අයියලයි,ආච්චිඅම්ම‍යි එක්ක යන්නෙ.කමක් නෑනෙ එහෙනම්.මන් එනව කියන්නම් නේ....."

" හරි පරිස්සමට ගිහින් එන්නකො.ගිහින් මට කෝල් එකක් දෙන්න."

" හරේ...දෙන්නම්."

අද අශ්වින් අයියගෙ පවුලෙ අය නැතුවෙලා හරියටම අවුරුදු හතරක්.අශ්වින් අයිය කෝල් කරලම ඇහුව නංගි එනවද කියල.මන් කොහොමද අනේ ඒ අහින්සක ඉල්ලීමට බෑ කියන්නෙ හිත හදාගෙන.අම්ම මාව තේරුන් ගන්න හින්ද හොදයි.මේ හැමදේම මන් එයාලගෙ විශ්වාසෙ රකින් හින්දනෙ ඉතින්.අම්ම මට ඕන තැනක යන්න දෙනව පරිස්සන් නම්.එයා මට නීති දාන්නෙ නෑ.මන් වැරදි වැඩක් කරන්නෙ නෑ කියන්න එයා දන්නවනෙ.සුදු ඇදුමකුත් ඇදගෙන මන් අශ්වින් අයියගෙ ගෙදර යන්න පිටත් උනා.විනාඩි විස්සෙන් මන් ටවුන් එකේ.ටවුන් එකෙන් මාව ගන්න ශාක්‍ය අයිය ඇවිල්ල හිටිය.මගෙ කොල්ලො ටික හැමවෙලේම මාව පරිස්සන් කරනවනෙ ඉතින්.ශාක්‍ය අයියත් එක්ක මන් අශ්වින් අයියලගෙ ගෙදරට යද්දි කට්ටියම සුදු ඇදුමින් සැරසී ඉන්නව පන්සල් යන්න.අශ්වින් අයිය මාව දැකල ලොකූ හිනාවකුත් එක්ක මන් ලගට ආව.අනේ උදේම ඔය හිනාව දැක්කම දවසම සුබයි මට නම්.දනුශ්ක අයියයි,චරිත් අයියයි මල් කඩන්න ගිහින්.ආච්චිඅම්ම තව බඩු වගයක් ලෑස්ති කරනව.එයලගෙ පන්සලේ හාමුදුරුවන්ට හීල් දානෙ ආච්චිඅම්ම බාර අරන්.මන් අම්මටත් කෝල් එකක් දීල ගිහින් ආච්චිඅම්මට උදව් කරා ඒ අනිත් වැඩ ටික කරන්න.ආච්චිඅම්ම මේ දවස්වල අසනීපෙන්.නැත්තන් ලොකුවට කරන්න හිටියෙ දානෙ.මොනව කරන්නද.අශ්වින් අයිය කාටත් වැඩිය ආච්චිඅම්ම ගැන හිතවනෙ.අශ්වින් අයිය තමා කියුවෙ මේ පාර අපේ පන්සලට දානෙ දෙමු කියල.එයාලගෙ කියල දානෙට ඇවිල්ල උදව් කරන්නත් කවුරුත් නෑනෙ.අපි කට්ටිය තමයි එයාලගෙ පවුල දැන්. මන් ඒ ටික ඉවරකරල සාලෙට යද්දි අශ්වින් අයිය චරිත් අයියත් එක්ක කඩන් ආපු මල් ටික වට්ටියකට හදනව.අනේ මගෙ පොඩි උන් ටික හරිම හුරතල් දෙයියනේ.අශ්වින් අයිය කටත් උල කරගෙන මල් හදනව.ඒ මූන දැක්කම මිරිකන්න හිතෙනව.හා.හා...පන්සල් යන්න නේද තෝ ආවෙ.පාඩුවෙ හිටපන්....ඒත් එයා කියුට්.

cinderella Where stories live. Discover now