62 කොටස

31 2 0
                                    

මගේ පුංචි සින්ඩි කෙල්ලට,

ඇත්තටම මන් මේක ලියන්නෙ හිතේ කියාගන්න බැරි දුකක් එක්ක. බොහෝදුරට මේක මගෙන් ඔයාට ලියවෙන පලවෙනි වගේම අන්තිම ලියමන වෙන්න පුලුවන්. මට මේ වෙලාවෙ වචන ගලපන්න තේරෙන්නෙ නෑ .ඉතින් මට කියන්න ගොඩක් දේවල් තියෙනව මගෙ මැණික. කොහෙන් පටන්ගන්නද කියල තේරෙන්නෑ මට. ඉස්සෙල්ලාම කියන්නම්...... මන් ඔයාට ගොඩක් ආදරෙයි. මන් හිතන්නෙ ඔයාව මුලින්ම දැක්ක දවසෙ ඉදන්ම මන් ඔයාට ආදරේ කරන්න ඇති... ඔයාට උනත් අපි හම්බවුන පලවෙනි දවස අමතක නැතුව ඇති කියල හිතනවා. මොකද එදා තමයි මන් දැකපු ලස්සනම කෙල්ල මගේ ඇස් ඉස්සරහට ආවෙ... ජීවිතේ කියන්නෙ අහම්බයක්. මන් ඒක දැන් පිලිගන්නවා... මොකද එදා ඔයා කලබලෙන් ඇවිල්ල මගේ ඇගේ හැප්පුනේ නැත්තන් අද මට මාවම නැති වෙලා තියෙන්න තිබ්බා... ඔයා දන්නව පලමු බැල්මෙන්ම අදරෙන් බැදෙනව කියන දේ  මන් කවදාවත් කොහෙත්ම විශ්වාස නොකරපු දෙයක්... ඒත් ඒ ලොකු බෝල වගේ ඇස් දෙක හරි අහිංසක විදිහට මන් දිහා බලපු පලවෙනි පාරම මන් ඒව එක්ක බැදුන... දැන් ඒවා නොදැක ඉන්න බැරි තරමට මන් ඒ අහිංසක ඇස් වලට ඇබ්බැහි වෙලා... ආයෙ හම්බනොවෙයි කියල හිතුවත් අහම්බෙන් වගේ ආයෙමත් ඔයා මගේ ඇස් ඉස්සරහට එද්දි මට කියාගන්න බැරි සතුටක් දැනුනා... හිතේ තිබ්බ පුංචි බලාපොරොත්තුව ඉශ්ව උනා වගේ දැනුනා.  ඉතින් මන් හරි ආදරෙයි මගෙ කෙල්ලට... ඒ එක වචනෙ කියාගන්න බැරුව මන් හරි අසරණ උනා... ඔයා පවුලෙ අය වෙනුවෙන් රැක්ක ප්‍රතිපත්තියට ගරු කරල මන් බලන් හිටියා... ඒක ඔයාගෙ වැරැද්දක් නෙවේ... ඒ බලාහිදීම තමයි මන් කරපු හොදම දේ....මන් ඔයා එක්ක බැදුන මගෙ සිසූ... ඔයාට මේකත් කියන්නම ඕනෙ, ඔය කම්මුල් දෙක ලැජ්ජාවට රතු පාට වෙද්දි මට මිරිකන්නමයි හිතෙන්නේ. ඔය ලස්සන හිනාව මට ගේන්නෙ සතුටක්. ඔයාව දකිද්දි හේතුවක් නැති උනත් හිත පිරෙන හැගීම මට වචන වලට පෙරලන්න තේරෙන්නෙ නෑ...

ඉතින් මට කියන්න ඕනෙ උනේ මන් මටත් වඩා ඔයාට ආදරෙයි කියලයි... මට එකකින් එක දේවල් නැතුවෙද්දි මන් අඩියෙන් අඩිය පල්ලෙහාටම වැටෙද්දි හිනාවෙලා මට නැගිටින්න අත් දුන්නෙ ඔයා... මේ අහන්නකෝ කියල කියපු හැම වෙලාවකම ඕ කියන්නකෝ කියල මන් කියන හැම විකාරයක්ම අහන් හිටිය ඔයා... ඒකට ගොඩක් පින් ඔයාට... මගෙ හිතට ආදරේ කියන කන්සෙප්ට් එක දැම්මෙ ඔයා... කට පුරා අයියේ.. කියල කෑගහල ලගට දුවන් ඇවිල්ල හුරතල් කතා කිය කිය කියවන් යද්දි ආදරේ හිතෙනව...  පොඩ්ඩක් ඉරිසියා හිතිල තොල් දෙක අනිප්පැත්ත පෙරලන් ගස්සන් යද්දි ඔයා හරි හුරතල්... මන් හරි ආසාවෙන් බලන් හිටිය ඔයාගෙ අතින් අල්ලන් මන් ආදරෙයි කියන්න... ඒත් මන් හින්ද ඔයා මෙච්චර දුක් වෙනව දකින්න මට තවත් බෑ රත්තරන්...  ඉතින් මන් ඈත්වෙනවා... ඔයාගෙ පරිස්සම වෙනුවෙන් ඈත් වෙන්නම්... ඔයාගෙ ඇස්වල කදුලු මට මහා ගොඩක් රිද්දනව. ඒ කදුලු වැටෙන්න මන් හින්දයි කියල දැනුනම තවත් රිදෙනවා. ඉතින් තවත් මන් හින්ද අඩන්න එපා. ආදරෙයි කියල කියන්නෙ නැතුවම මන් යන්න යනවා. මගෙන් පස්සෙ ඔයාට හොද ජීවිතයක් ලැබෙයි... ඔයාගෙන් දැනුන ඒ ලස්සන ආදරේම මන් හරි ලෝබයි මගෙ මැණික. ඒත් කවදහරි මට නොලැබුනත් ඔයා කොහේ හරි සතුටින් හිනාවෙලා ඉන්නව බලන්න තිබ්බ නම් මට ඇති කියල මන් හිත හදාගත්‍තා. මන් මේ කියන්නෙ හදවතින්මයි, මට ඔයා නොලැබුනත් ඔය කම්මුල් පිරිල යන ලස්සන හිනාව දිහා බලන් ඉන්න තිබ්බොත් මට ඇති. ඒත් මට දැන් ඒකත් නැති වෙන්නයි යන්නෙ... මට රිදෙනව මගෙ කෙල්ලේ... ඔයාට රිද්දල යන්න වෙනවට මේ පපුව පැලෙන්න තරම් රිදෙනවා...

cinderella Where stories live. Discover now