22 කොටස

32 1 0
                                    

" හහ්! යකෝ ඒ විකාරෙ."

" මොකද්ද කිව්වෙ සිසූ."

" ඈ...මන්?නෑ නෑ මන් මුකුත් කිව්වෙ නෑ .මොනවහරි කියනව වගේ ඇහුනද."

" නැත්තන් කමක් නෑ ඉතින්."

යකෝ හිතින් බයින ඒව නොදැනිම කටින් කියවුනාම......නියමයි.අශ්වින් අයියල එන මගදි කෙල්ලො තුන්දෙනෙක් ඇවිල්ල ඉස්සරහින් හිටගෙන කතා කරන්න ගත්තා.අනේ ඇයි අක්කෙ වද දෙන්නෙ.මන් දැන් සෑහෙන වෙලාවක් තිස්සෙ ඔය මිනිහ එනකන් බලන් ඉන්නෙ.වාතයක් නොවී පලයන්කො බන්.උන් අශ්වින් අයියගෙ වගේ කැරකෙනව,හිනා වෙවී කියවනව,එකියක් අශ්වින් අයියගෙ අතකට තට්ටු දදා හිනාවෙනව.මුන්ව කනව මන්.ඇයි මන් මේ තරහ අරන්.මට ඉරිසියා නෑ.අපෝ පිස්සුද.මගේ ඇස්වල පොඩ් කටු අයිනව කටු අයින සීන් එකක් තියෙනව නම් තමයි.ඒත් ඊට වැඩිය මට කට්ටෙන් අරුන්ට ඇනගෙන ඇනගෙන යන්නම හිතෙනව.පුහ්! මට වැඩක් නෑ.එයා මගෙ කවුරුත් නෙවේනෙ ඉතින් ඇයි මන් පුපුරන්නෙ.මොකා එක්ක මගුල් නැටුවත් මට මොකද.අශ්වින් අයිය අපිව දැකල ඒ කතාව කර කරම අපි ඉන්න පැත්තට ආව.මන් නෙතුලිගෙ පිටිපස්සට වෙලා අත් දෙකත් බැදගෙන පුපුර පුපුර හිටියෙ.ඇයි එන්නෙ යන එකයි ඇත්තෙ.තොට පේන්න එන්නෙ නෑ මන් .මන් යනව යන්න.හුම්!

" අන්න කට්ටිය එනව.දනුශ්ක අයියෙ මේ මන් යන්නම් එහෙනම්."

" ඒ ඒ සිසූ ඉදපන්.නංගි."

මට වැඩක් නෑ.මන් යන්න කියල අනිත් පැත්ත හැරිල අඩි දෙකක් යද්දි නෙතුලි මන් දාන් හිටපු බූල ඇදල ගැලෙව්ව.මොන මගුලක්ද කරන්නෙ දීපන් ඕක.ඒ ඇදපු පාරට කොන්ඩ කෑලි ටික සේරම මූනෙ.මන් රවාගෙන නෙතුලිගෙන් බූල ගන්න දගලද්දි ඒකි මට පොඩ්ඩක් ඉදපන් කියල සැර කරේ දනුශ්ක අයියට පේන්නෙ නැති වෙන්න.ගෑනිට වැඩේ තේරිලා වගේ.මන් එහෙම්මම නැවතිල රවාගෙන බලන් හිටියෙ අපිට ටිකක් ඈතින් ඉදන් කියවන කෙල්ලො දිහා.මට ඉතින්........
මට මොකද මොකා එක්ක හිටියත්.මට පාන්‍ යැ.අරුන් දාගෙන කියවනව.කන් දීගෙන ඇති මලසමයන් කියන දේවල් ව...ල...ට.... නෑ ! ඒ-ඒ මොකද ඒ.අශ්වින් අයිය මන් දිහා බලන් ඉන්නවනෙ.අරුන් කියන දේ ගැන කිසි ගානක් නෑ වගේ මන් දිහා බලාගෙන ඉන්නවා.මේ මොකද අනේ.ඒකට නම් ලැජ්ජත් හිතුන.මට ඒ ටිකට ලග හිටපු එකීවත් අමතක උනානෙ.මන් ගල්ගැහිල බලන් හිටියෙ ඒ අව්වට දිලිසෙන කන්නාඩි අස්සෙන් මන් දිහා බලන් ඉන්න ලස්සන ඇස් දෙක දිහා.නෙතුලි මාව කොනිත්තපු පාර ගැස්සිලා ගිහිල්ල මන් ටග්ගාල කොන්ඩෙ හදාගත්තා.ටවුන් එක මැද්දෙ මෝහිනීගෙ නංගි වගේ.ඇහිපිල්ලන් නම් ගහනවද කොහෙද.මට මොකද.චරිත් අයිය මන් දිහා බලන් හිනා වෙලා අශ්වින් අයියගෙ පස්සට එකක් ගැහුවම තමයි ඒ මනුස්පය ගැස්සිලා අර කියවන එකී දිහා බලන්න අනිත් පැත්ත හැරුනෙ.ශික්.මොනා උනත් කොල්ලගෙ පස්සට නම් වැදුන සුපිරි පාරක්.

cinderella Where stories live. Discover now