45 කොටස

31 2 0
                                    

මාසෙක නිවාඩුවකට පස්සෙ අපි ආපහු
එලියට බැස්ස. ඒ මාසෙ ආතල් එකේ හිටිය කිව්වොත් ඉතින් ඒක නම් බොරුවක්. අයියලත් එක්සෑම් හින්ද අපිත් ගෙදරට වෙලා පාඩන් කරා. පාඩම්ම විතරයි නෙවේ ඉතින්. නෙතුලි එක්ක දීර්ග චැට් දැම්ම.රෑට රෑට කෝල් කරල අශ්වින් අයියගෙ හිත පොඩ්ඩක් සතුටු කරා. එයාට සෞඛ්‍ය උපදෙස් දුන්න. අම්ම්ම්ම්.......... අහ් තව..... අශ්වින් අයියට බැන්න හරියට කන්නෙ නෑ කියල. ඔව් කන්නෙ බොන්නෙ නැතුව එක්සෑම් වැඩ කරන්න බැනෙ. ඔය ඔක්කොමත් කරල ජයග්‍රාහී ලෙස මගෙ කොල්ලො ටික එක්සෑම් ඉවර කරල ගෙදර ආව. දැන් එයාලට එයාලගෙම පාත් එකක් තියෙනව යන්න. මටත් මගෙ පාත් එක හදාගන්න ඕනෙ දැන් . මට ඕනෙ ජීවිතේ හදාගන්න ඕනෙ. ඒත් ඒ ජීවිතේ කොනක හරි අශ්වින් අයිය ඉන්න ඕනෙ කියල තාමත් මගෙ හිතේ තියෙනව. මොනව උනත් එයාව තනි කරන්නෙ නෑ මන්. ඒත් ඉතින් එයාට තාම කවුරුත් නෑනෙ නේද. ඉඩක් තියෙයිද. අවුරුදු දෙකක් යාලුවෙක් විදිහට ඉදල එකපාරට එහෙම දෙයක් කිව්වොත් එයා මාව අතාරීද කියල මට තාම බයයි. ඒ හින්ද ඒව අපි පස්සට දාමු. දැන් අයියල සෑහෙන ෆ්‍රී එකේ ඉන්නෙ. උන්ගෙ වැඩේ සෙල්ලන් කරන එකම තමයි. කොහෙද ඉතින් අපි දාගෙන පාඩන් කරන්න එපැයි. මාව ක්ලාස් එක ගාවදි බලන්න එන්නත් එයා අමතක කරන්නෙ නෑ. හැමදාම වගේ... අශ්වින් අයියගෙ සපෝට් එකට දවසින් දවස ශිෆ්ට් එකට මාරු වෙන කොල්ලො එකා දෙන්න එයා එක්ක එන්න එකම හේතුව සපෝට් එකම නෙවෙ. වැඩිමනක්ම ශාක්‍ය අයියගෙ පවනියි, යෙනුක අයියගෙ රිද්මියි ඉන්නෙත් මන් යන ක්ලාස් වලම වීම ප්‍රධාන හේතුවක්. ආදරේ හින්දනෙ මේ සේරම. 

ක්ලාස් ඉවර වෙලා නෙතුලි එනව කියපු හින්ද එයා එනකන් ගහක් යට හෙවනට වෙලා ෆෝන් එක බල බල හිටිය. ආදිත්‍ය එහෙම ඉදල හිටල හම්බවෙනව.මුලදි මිනිහ මට මූන දුන්නෙ නැති උනාට පස්සෙ මන්ම කතා කරල අපි අතරෙ තරහක් නෑ කියල මතක් කරල දීල ආව. මට කාවවත් තරහ කරන් ඉන්න ඕනෙ නෑ . අද අයියල ඉස්කෝලෙ යනව කිව්වෙ. ඉස්කෝලෙ පීටී මැඩම් වැඩ වගයකට මොනවද උදව් වගයක් ඕනෙ කියල කස්ටියටම එන්න පුලුවන්ද ඇහුවලු. වැඩකුත් නැති එකේ ඒකට හරි ගිය එක ලොකු දෙයක්. නැත්තන් අර බිස්නස් පස්න ඔලුවෙ දාන් දගලනව මිසක් වෙන දෙයක් නෑනෙ. අශ්වින් අයිය මොනව කරනවද දන්නෑ අනේ. ඔය ගෙන්නගන්නෙ පොඩි උන්ව ට්‍රේන් කරන්න නෙවේනෙ ඉතින් . මොනවහරි කර කර ඇති මැඩම් එක්ක. මැඩම් කියලත් ඉතින් හරි ලොකුයිනෙ මේ ගොල්ලන්ව. ඉස්සර ඉදන්ම මැඩම්ට ගොට්ට අල්ලල ඉදල වගේ මට පේන්නෙ. අශ්වින් අයියට කෝල් එකක් ගහල හැරෙද්දි ඈතින් නෙතූ එනව දැක්ක. ඒක හින්ද කෝල් එක කට් කරන්න හදද්දිම කෝල් එකත් ආන්සර් කරා. කමන්නෑ නෙතූනෙ.

cinderella Where stories live. Discover now