" අවූ... මගෙ සූටියා.. එන්නකො මගෙ ලගට..... "
" අනේ මගෙ සූටි කොල්ල.... කෑවද බබා ඔයා... අම්ම කන්න දුන්න නේහ්... "
" අනේ සූකිරි බෝලේ... "
" මොකද බන් ඔය. උබට මාන්දමද?"
" නෙතූ !! ඔයා කොහෙද?! ....අ-අයියෙ!! "
අපතයෙක් වගේ සාලෙ මැද්දෙ වැටිල බඩ උඩින් ජූඩවත් තියාගෙන පොඩ්ඩක් හුරතල් කර කර ඉද්දි එක පාරට මෙයාල කොහෙන්ද කඩාපාත් උනේ. ඒ මදිවට අයියලත් ඇවිල්ල. සැක්ම තමයි. මන් ජූඩ්වත් බිමට දාල ටග්ගාල නැගිට්ට. අම්ම කොහෙ ගියාද කවුරු හරි ආවම ගෙට එන්නැතුව. චිකේ ලැජ්ජාව බලපල්ලකො ඉතින්. අශ්වින් අයිය හිනාවට නම් පොලව පලාගෙන භූගත් වෙන්න හිතෙනව. මගේ පිට ගෙදර පූස ඇවිල්ල මගේ ගෙදර පූසව අතගානව. ඔක්කොමත් හරි මන් කොටම කොට ශෝටට එකෙ වාටිය විතරක් පේන්න දිගට ටීශර්ට් එකක් ඇදල කොන්ඩෙත් ගුලියක් ගහගෙන ස්පින් පැනල හැමතැනින්ම. මට වෙච්ච මේ නවනින්ගිරාවට වගකියන්නෙ කවුද හද්දෙයියනේ. මේ ගස් බැල්ලිට තිබ්බෙ නැද්ද කලින් එනව කියල කියන්න. එහෙනම් මන් මෙහෙම අපත ලුක් එකකින් ඉන්නෙ නෑනේ. අනික ඇයි මෙහෙ ආවෙ. අද මන් යන්නනෙ හිටියෙ එහේ...මන් නැගිටල බෙල්ලත් කහ කහ කට්ටිය දිහා බලන් ඉද්දි අම්ම ඇතුලට ආව. කොහෙ යනවද මන්දන්නෑ.
" අම්මේ... කොහෙද ගියේ... "
" ඇයි මන් එලියෙ හිටියේ.. "
" කවුරුහරි ආවම එයාල එක්ක එන්න බැරිද අනේ. "
" අනේ... දන්නැති අයද මේ. හැමදා හම්බෙන යාලුවො ටිකනෙ. මන් මොනවහරි හදන් එන්නම්. පුතාල ඉදගන්න.. "
" හරි ඇන්ටී... "
" මොකෝ බන්. අවුල් ගිහින්ද."
" මන්? මන් මොකට අවුල් යන්නද අනේ. ඉදගන්නකො ඉස්සෙල්ල."
කට්ටියම ඉදගෙන මන් නෙතූ ඉදගත්ත තනි සෝෆ එක පිටිපස්සෙන් හිටගෙන හේත්තුවක් දාගත්තා. එතන තරන් කොහෙවත් කන්ෆටබල් නෑ කවුරුහරි ආපු වෙලාවට. මන් ලැජ්ජාවට පත් වෙලා ඉන්නෙ. අර බිම දපල හිටපු හැටි මතක් වෙද්දි මටම දරාගන්න බෑ. ඒ අස්සෙ ජූඩ් ඇවිල්ල කට්ටියගෙ කකුල්වල ඇතිල්ලීගෙන යනව. එහෙම්මම ගිහින් අශ්වින් අයියගෙ කකුල ලගදි එයාව උස්සල අරන් ඔඩොක්කුවෙන් තියාගත්තා. මගෙ පූසො දෙන්න යාලුවොනෙ ඉතින්. ජූඩ් හොදට වටයක් කැරකිලා නියපොතු වලින් අශ්වින් අයියගෙ කකුල පොඩ්ඩක් මසාජ් කරල එහෙම්මම ගුලි උනා. මුට තියෙන සැප යකූ.. මන් ඔඩොක්කුවෙ ඉන්න ලොන් ගුලිය දිහා බලන් ඉදල ඇස් දෙක උඩට යැව්වේ ඒ හීනි ඇස් දිහා බලන්න උනත් ඒවට දැනටමත් අහු වෙලා හිටපු මන් ඒ ඇස් අස්සෙම හිර උනේ එක තප්පරේකින්. එහෙම බලද්දි හිරිවැටිල යනවා වගේ. ටික වෙලාවක් එහෙම්මම ඇස් යා වෙලා නිහඩව කතා කරපු අපි දෙන්න ගැස්සිලා ගියේ මගෙ ඉස්සරහ හිටපු එකීට ආපු කැස්සට. මුට මොකද්ද එකපාරට උනේ. හිටපු ගමන් මොන සන්නිය තද වෙනවද මන්ද. අම්මටසිරි !! බොරු කැස්සක්. අපේ ගෙදර සාලෙ නේද මේ. හැක්! එහෙම්මම සෙටියෙ ගැට්ටෙන් ඉදගෙන නෙතුලි ලගට රූටල ගිහිල්ල ඒකි අස්සෙම ඉදගත්තම මට වැලමිටි පාරකුත් වැදුන. හරි හරි ඉතින් සොරි. අමතක උනා.. මන් අර පපී අයිස් දාල තොලත් කනපිට පෙරලල නෙතූ දිහා බලන් හිටිය.
YOU ARE READING
cinderella
Fantasyමේක සින්ඩරෙල්ලගෙ කතාව නම් නෙවේ. සින්ඩරෙල්ල වගෙ ලස්සන සින්ඩි කියන දගකාර ගෑනු ලමයගෙ කතාව. පාරෙදි අහම්බෙන් ඇගේ හැප්පුන ඒ කන්නාඩි දාන ලස්සන පිරිමි ලමයගෙ හැමදේම උන ඒ කෙල්ලගෙ කතාව.