4 කොටස

93 2 0
                                    

ක්ලාස ඉවර වෙලා බස් එකේ ඇවිත් අපේ බස් හෝල්ට් එකෙන් බැහැල පාරත් පැනල මං අපේ ගෙවල් පාර දිගේ ඇවිදගෙන ගියා.පාරෙ ඉදන් අපේ ගෙදරට විනාඩි දහයෙ දුර.හය කියන්න මහ කලුවර එලාවක් නෙවෙයිනෙ ඒ හින්ද මං තනියම ඇවිදගෙන ගියා.මේ පැත්තට වැහලද කොහෙද.සංවර්දිත රටේ පාරවල්නෙ මේව.පාරෙ වලවල්වල වතුර පිරිල.දෙපැත්තේ කානුත් උතුරල වතුර හරිම පැහැදිලි.මං මේ පාරෙ යද්දි කරන්න ආසම දේ තමයි මේ කානුවෙ ඉන්න මාලු දිහා බල බල යන එක.එයාලගෙ ඔලුවෙ තියෙන දිලිසෙන රවුමට මං හරි ආසයි.උන්ට කියන්නෙ නලහදයො කියල.ඒ ඔලුවෙ තියෙන රවුම හින්ද වෙන්න ඇති.තව ඉදල හිටල මගුරෙක්,ලූල් පැටියෙක්.චූටි කක්කුට්ටෙක් එහෙම ඕකෙ ඉන්නව.වෙලාවකට තාර පාරක දෙපැත්තේ තියෙන කානුවක මෙහෙම මාලු ඉන්න පුලුවන්ද කියලත් හිතෙනව.වතුර නැති කාලෙට අතුරුදන් වෙලා ආයෙ තියෙන කාලෙට මතුවෙනව.

මං පාරෙ මග දුරක් යද්දි අම්ම මගට ඇවිල්ල හිටිය.අම්මගෙ පිටිපස්සෙන් හිටගෙන හිටපු පොඩි කොට බලු පැටිය නැට්ටත් වනාගෙන කෑගහගෙන දුවගෙන ඇවිල්ල ඇගට පැන්න.මඩ නාල.මගෙ සුදු ගවුම ඉවරයි.
කමක් නෑ ආදරේටනෙ ඉතින්.මං පාත්වෙල ටෙඩීගෙ කම්මුල් දෙක දෙපැත්තට ඇදල ඔලුව අතගෑව.සමහර වෙලාවට මිනිස්සුන්ට වඩා ආදරේ ගැන මෙයාල දන්නව කියල හිතෙනවා.ඕන සතෙක් මාත් එකක් ටග්ගාල යාලු වෙනව.ඒ ඇයි කියන්නනම් මං දන්නෙ නෑ .සමහරවිට එයාලට තේරෙනව ඇති අපි එයාලට කරදරයක් කරන්නෙ නැ කියල.ගෙදර ගිහිල්ල දොර ඇරගෙන කාමරේට යද්දි දොරකොද පූස් ප්‍රතිමාවක් හිටගෙන ඉන්නව.
 
" මියෑව්!"

අපේ ගෙදරට ඇතුල්වෙද්දිම ඉස්සෙල්ලාම කරන්න ඕනෙ සත්තු හුරතල් කරන එක.නැත්තන් ඉතින් මැරෙන්න හදනව.ඒක ශෝක් හැබැයි.

" අනේ මගේ ජූඩ් පැටිය අක්ක එනකන් බලන් හිටියද සත්තරන්."

ජූඩ්. අපේ අයියට පූසට නමක් දාන්න කියුවම දාපු නම තම ඉතින් ඔය.උගෙ අයිතිකාරය වගේම පිස්සු පොරක් තමයි ඉතින් ජූඩත්.එයාවත් පොඩ්ඩක් හුරතක් කරලා ඇදුන් මාරුකරල නාගෙනම මන් ඇදට පැන්න. මාර සනීපයක් තියෙන්නෙ අනේ.ඇදට වැටිල තප්පර දහයයි ගියෙ ඉස්කෝලෙ දීපු හෝම්වර්ක් ලොට් එක ඔලුව පුරා දුවන්න ගත්තා.

cinderella Where stories live. Discover now