82 කොටස

41 2 0
                                    

අපි ක්ලිනික් ගිහිල්ල චෙක් කරපු  වෙලාවක දැනගත්තා මයුමි අක්කගෙ අනාවැකිය ඇත්ත කියල. අනේහ්! මගෙ චූටි කෙල්ල. අශ්වින් අයියගෙ චූටික්කි. අනේ දෙයියනේ මට පිස්සු වගේ ඒක අහපු වෙලාවෙ ඉදන්. මට වඩා පිස්සු හැදිල වගේ ඉන්නෙ අශ්වින් අයිය. මාව සිය පාරකට වැඩිය ඉබින්න ඇති ඒ පැය ගානට. ඇයි එයා එච්චර අපිට ආදරේ. ඒක හරි මෝඩ ප්‍රශ්නයක් උනාට මන් අදටත් හිතන්නෙ ඇයි එයාට මාව දැකපු ගමන් ආදරේ හිතුනෙ කියල. එයාව මට ලැබුනේ දෛවයේ සරදමකින් උනාට තවදුරටත් ඒක සරදමක් නෙවේ. මොකද දැන් අපි අපියම අයිති වෙලා. ඒකත් හැමෝගෙන ආශිර්වාදය මැද අපි දෙන්න ආස කරපු විදිහට. දැන් අපේ පුංචි පවුලත් සම්පූර්ණ වෙන්නයි යන්නේ. ලගදීම ඒ ලස්සන රෝස මල අපි දෙන්නගෙ තුරුලට එයි. එදාට එයාට දැනෙන්න දෙන්නෙ ආදරේ විතරයි. ඉතින් ක්ලිනික් ගිහිල්ල අපි දෙන්න ගියේ නෙතූලගෙ ගෙදරට. මගෙ කෙල්ලො දෙන්නව බලන්න ඕනෙ මට. අශ්වින් අයිය එක්ක ගේමක් අල්ලන්නත් බැරු උනා මේ දවස් ටිකේ. කෑවෙ නෑ වගේ ඉතින්. කොල්ලව අවුස්සල එයාගෙ ආදරනීය බැනුම් සාගරේ කිමිදෙන්න ඕනෙ උනාට බැරි උනා. ඉතින් අපි දෙන්න කෙලින්ම ගියේ නෙතූගෙ ගෙදර. මගෙ චූටි ආශිනී කෙල්ල නැන්දා ආවා. මාස දෙකක් විතර චූටි කෙල්ලෙක්ව බලන්නයි අපි ගියේ. මටත් කලින් අශ්වින් අයිය යන්න ලෑස්තිය. නෙතූ නංගියි නංගිගෙ බබයි බලන්න හරී හදිස්සිය අයියට. එයා හරි ආසාවෙන් හිටියේ ආශිනීව බලන්න. එයාටත් යන්න බැරි උනානෙ කලින්. ඉතින් අපි ගිහිල්ල නෙතූවත් බලල චූටි කෙල්ලෙක්ව අතට ගත්තා. දෙයියනේ චූටි. මට නම් බලන් ඉන්න බෑ මෙයා දිහා. අශ්වින් අයියට නම් කොහොමවත් බෑ වගේ දගල දගල බලන් ඉන්නවා. ඉතින් ඒක දැකල නෙතූ හිනා වෙවීම හරි පරිස්සමට බබාව අශ්වින් අයියගෙ අතට දුන්නා. අම්මේ කොල්ලගෙ හිනාව. එයා වැටෙයිද දන්නෑ කියල බයෙන් බයෙන් උනත් හරහට වඩා ගත්තට පස්සෙ එයා හරි ලස්සන හිනාවකින් ආශිනී බබා දිහා බලන් හිටිය. මට මේ හිතාගන්න බැරුව ඉන්නෙ කොල්ලව ඉබින්නද කෙල්ලව ඉබින්නද කියල. එච්චරට ලස්සන හැගීමක් එයාගෙ මූනෙ තියෙන්නේ. තව ටික කාලෙකිනුත් මේ හිනාවම මේ මූනෙම තියෙයි නේද.අනේ!ඉතින් ආශිනීව එහෙම්මම මගේ අතටත් හෙමීට දුන්නෙ හරීම පරිස්සමට. අනේ එයා ශෝයි. මන් නෙතූ එක්ක වාඩි වෙලා චූටි ආශිනීවත් තියාගෙන කතාවක් දාන් හිටියා. කාලෙකින් හම්බවුනාම අපිට කියවන්න දේවල් ගොඩක්. ඒවට ඕපාදූප කියල කොහෙත්ම කියන්න බෑ. කිසි ඕපයක් නැතත් අපිට කතා කරන්න සෑහෙන දේවල් තිබ්බා. මගෙ කෙල්ලත් අම්ම කියන ඒව අහන්නෙ ඉන්නේ.ඉතින් අශ්වින් අයිය බියොන් එක්ක කොහෙදෝ ගියා.

cinderella Where stories live. Discover now