77 කොටස

42 2 1
                                    

" අයියා!!! කෝ පොඩ්ඩා.... පේන්න නෑනේ.කෝ අපේ එක්කෙනත් නෑ....."

" අශ්වින් එක්ක හිටිය නංගී.... බලන්න..
තාරූ!! කෝ පුතා... "

" ආහ් මල්ලි එක්ක වත්‍ත පැත්තට ගියා මන් හිතන්නේ... අශ්වින් එක්ක් තමයි හිටියෙ."

" අනේ මේ මනුස්සයට කොච්චර කිව්වත් වැඩක් නෑ වෙලාවට වැඩක් කරන්න බෑනේ.... "

" බයින්න එපා අනේ... අපේ කොල්ල ඉන්න දුන්නෙ නෑ ගිහිල්ල එල්ලුනානේ...  ඒකයි උස්සන් ගියේ.."

" හරි හරි මන් බලන්නම්කෝ.."

ලා රෝස් පාට දිලිසෙන සාරියකුත් පටලන් පොටයි පොඩි එකාගෙ සපත්තු දෙකයි අතේ තියන් ජුවලරිස්වල සිලි බිලි සද්දෙත් එක්ක මන් වත්ත පැත්තට අඩිය ඉක්මන් කරේ යන්න තියෙන ගමනෙ අන්තිම කට්ටෙ ඉන්න හින්දා... පොඩි එකෙක් කිව්වොත් ඊට වඩා දෙයක් නෑ අපේ පොඩි එකාටත්... බබාලට පුදුම ආදරයක් තියෙන්නේ... ඉතින් මන් පොඩි කේන්තිය පැත්තකින් තියල වටේට ඇහැ යවද්දි මල් ගහක් ලග හිටගෙන අවුරුද්දක පොඩි කොල්ලෙකුත් වඩාගෙන හුරතල් කරකර මලක් කඩල අතේ තියන් කරකව කරකව අශ්වින් අයිය ෆුල් කිට ඇදල හිටගෙන ඉන්නවා... අපෙ අයියගෙ පොඩි පුතා... මන් දැන් නැන්ද කෙනෙක්.... මන් අපෙ තාත්තාගෙ නංගිට කියන්නෙත් නැන්ද නම් අයියගෙ පුතාට මාත් නැන්දනේ... ඉතින් අශ්වින් මාමගෙ අස්සෙමයි ඉන්නෙ ඔය දග මල්ල. ශාරධ්වත් වඩාගෙන හරි හුරතල් විදිහට කතා කර කර ඉද්දි මන් ලාවට හිනා වෙවී බලන් හිටියත් පරක්කුයි කියල මතක් වෙලා මන් කෑගැහුවා...

" අයියේ!!!! "

" ආආ!! ඕ!! ඇයි සිසූ..."

" ඇයි සිසූ නෙවේ අනේ දැන් අද බදින්නෙ ඔයාගෙ කවුද කියන්නකෝ මට ඉස්සෙල්ලාම..."

" හරි හරි ඉතින් එන්නම්... බලන්නකො අනේ ඔයාගෙ නැන්දිගෙන් හරි වදේ නේද මගෙ පුතේ... "

" අනේ මාමගෙයි බෑන පොඩ්ඩගෙයි හුරතලේ නවත්තල එන්න... අන්න අරෙහෙ මාව කන්න හදනවා දනුශ්ක අයිය...."

" හරි හරි යමූ.... අන්න ශාරුගෙ ශූස් දෙක නැන්දි ලග ගිහින් දාගන්නකෝ..."

" කෝ එන්න.... ඉක්මනට ගිහින් වාහනේ ගන්න... මට බෑ මගෙ යෙනුක අයියගෙ වෙඩින් එකට පරක්කු වෙලා යන්න.. අමුත්තො යන වෙලාවට අපි ගිහිල්ල හරි යන්නෙ නෑ අපි මනමාලයගෙ පවුලෙ අය... ඔයාට නම් ඉතින් කිසි ගානක් නෑනේ එයාල ගැන..."

cinderella Where stories live. Discover now