" සිසූ,ඔයා අශ්වින්ට මොකද්ද කරේ."
" ම-මන් මොකක්ද කරේ?"
" මීට අවුරුදු ගානකට කලින් හිටපු අශ්වින් අපිට නැතිවෙලා දැන් අවුරුදු හතරකටත් වැඩී.ඔයත් ඒක දන්නවනෙ."
" ම්ම්..."
" ඒත් ලගකදි ඉදන් ඌ සෑහෙන්න වෙනස් වෙලා බන්.මට ඉස්සර අර සතුටින් හිටපු කොල්ලව පේන්න අරන්.ඌ දැන් හැමවෙලේම හිනාවෙලා ඉන්නව.වෙනදට වඩා සතුටින් ඉන්නව.මට ඒක හොදට දැනෙනවා.ඒ.... ඔයා එයාට ලන්වෙච්ච දවසෙ ඉදන් කියල මට තේරෙන්ව."
" .............."
" සිසූ.....උබට පින් බන් මගෙ එකාව ආපහු ගෙනාවට."
" ම-මන්..."
" ඌව අතාරින්න එපා නංගි.ඌ අපිට නොකියන හුගාක් දේවල් ඔයාට කියනව කියලත් මන් දන්නව.ප්ලීස් බන්.අශ්වින්ව අතාරින්න එපා.වෙන විදිහකට නැත්ත යාලුවෙක් විදිහට,නංගි විදිහට හරි ඌ එක්ක ඉදහන්.මන් දන්නව ඔයා අපිට වගේම එයාටත් ආදරෙයි කියල."
" මන් ඒක කරනව අයියේ.මන් එයාට පොරොන්දු වෙලා ඉවරයි.මන් අතාරින්නෙ නෑ.කොහොම බැරි උනත් එයාගෙ යාලුව විදිහට හරි මන් එයා එක්ක ඉන්නව."
" දනුශ්ක!!වරෙන්කො රවුමක් දාල එන්න.සිසූ මේ පැත්තෙන් යන්න පුලුවන් නේ."
මන් කතා කරත් මගේ ඇස් වලට පෙනෙන නොපෙනෙන තුනී කදුලු තට්ටුවක් බැදිල ඉවරයි.දනුශ්ක අයිය මගෙ ඔලුව අතගාල යෙනුක අයියගෙ කෑගැහිල්ලට ඒ පැත්තට ගියා.එයා වෙන් මුකුත්ම් කියුවෙ නෑ.මට කියන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බෙත් නෑ.අයියල ඇවිදල එන්න ඕනෙ කියපු හින්ද මන් මේ හරියෙ තියෙන පොඩි කැලේ වගේ කෑල්ලට යන පාර එයාලට පෙන්නුව.කැලයක් කියුවට කැලයක්ම නෙවේ.ඒකට කියන්නෙ බෙලි කැලේ කියල.බෙලි ගස් යායක් වැවිල ලොකු වෙලා දැන් ඒ බෙලි ගස්වල අතු උඩින් තමයි යන්න තියෙන්නෙ.බිම ඒවගෙ මුල් උඩට ඇවිල්ල තැන් තැන් වල වතුර පිරිල තියෙන්නෙ.ඒක මාර ලස්සන තැනක්.එතමට ගියාම වෙනම ලෝකෙකට ගියා වගේ.අපරාදෙ කියන්නෙ දැන් ඒකෙ ඇතුලටම් යන්න බැරි වෙන්න අතු කපල දාල වහල.ඒත් මුල ටිකේ යන්න පුලුවන්.සෙනුල්‍යායි සෙනුරියිත් අයියල එක්ක රවුමක් දාල එන්නම් කියල ගියා.උන් එක්ක හින්ද බය් නැතුව කෙල්ලො දෙන්නව යැව්වහැකි.නෙතුලි මාත් එක්ක ඉන්නම් කියුව.කට්ටිය ගියාට පස්සෙ මායි නෙතුයි දොරත් වහල මගෙ කාමරේට ගියා.
YOU ARE READING
cinderella
Fantasyමේක සින්ඩරෙල්ලගෙ කතාව නම් නෙවේ. සින්ඩරෙල්ල වගෙ ලස්සන සින්ඩි කියන දගකාර ගෑනු ලමයගෙ කතාව. පාරෙදි අහම්බෙන් ඇගේ හැප්පුන ඒ කන්නාඩි දාන ලස්සන පිරිමි ලමයගෙ හැමදේම උන ඒ කෙල්ලගෙ කතාව.