" ආආආආහ්!! ඉන්ඩ දෙනව මට. අල්ලන්න එපා...! කිව්වනේ! මන් පිට කෙනානෙ ඉතින්."
" අනේ ඉතින් මොකද්ද සිසූ."
" මට වැඩක් නෑ. යනව ඕන උඩැක්කියක් එක්ක මාව අල්ලගන්නෙ නැතුව. මල වදේ! "
" මන් මුකුත් කිව්වෙ නෑනෙ ඉතින්. "
" ඉතින් ! මට මොකෝ.. මන් කවුරුත් නෙවේනෙ. එයානෙ ඔයාගෙ එක්කෙනා. යන්න ඉතින් ගිහින් කැන්දන් එන්න. "
" මට කියල ඉදපන් ඉස්සෙල්ලාම මොකද්ද උනේ කියල. මොකද මේ යකා වැහිල මේකට."
" මුකුත් නෑ."
මට ඕන්නෑ මොකෙක්වත්. අහල පහල ඉන්න උන්ට එක එක කතා කියන්න අපෙ අම්මල ලමයි හදල නෑ. පුහ්! ආව මෙතන අස්වින් ඇයියේඒ ගාන්. හක්ක තලනව පුලුවන් උනා නම්. මදැයි කාලෙකට පස්සෙ කොල්ල බලන්න කියල ආව. මන් එද්දි අල්ලපු ගෙදර ඇන්ටිගෙ දූ පැටිය ගේ අස්සෙ. නිකන් නෙවේ අශ්වින් අයිය ලගින් ඉදගෙන කතාවක්. ඒක මට ප්රශ්නයක් නෑ කියමුකො. එයා යන්න හදද්දි මන් එනව දැක දැක බොරුවට කකුල පටලවන් අශ්වින් අයියගෙ ඇගට වැටින. ඇත්තමයි මට එන තරහක්ක්ක්ක්ක්...... අශ්වින් අයිය නම් ඈතට පැන්නෙ නිකන් කොවිඩ් නයින්ටීන් නෙවේ ටුවෙන්ටීන් ලගට ආව වගේ... ඒත් මට පෙනි පෙනිම මන් එනව දැක දැකම ඇගටත් වැටිල ඒ මදිවට, අශ්වින් අයියාහ්.. පිට ගෙදරකට එද්දි කතා කරලවත් එන්න දන්නැද්ද ඔයාගෙ යාලුව අඤේ. කිස්සිම මැනස් එකක් නැ හයියො ගෑව... මැන්ස් මන් පෙන්නනව එතන මගෙ අහිංසක කොල්ල හිටියෙ නැත්තන්. මැනස්! මේ මගේ අහිංසක ලස්සන මල් පැලේට කරදර කරන්න ආව චිංචිමානවිකාව... අශ්වින් අයිය ඇගේ ගෑවෙන්නෙවත් නැති විදිහට නැගිටල එයාවත් නැගිට්ටෙව්වම එයා එලියට ගියෙත් කැට් වෝක් එකටත් එහා ගිය වැනිල්ලකින් මගෙ ඇගේ හැප්පීගෙනමයි. ගැලවෙයිද මන්ද වනන වැනිල්ලට.. සැහ්! කිසි චාරයක් නෑ මුන්ට. ඇන්ටිත් ඔහොමද මන්ද ටිකක් විතර. හැබැයි ඔච්චරම අමාරුවක් නම් නෑ.
මන් අත් දෙක බැදන් සෙටියෙන් වාඩි උනේ තොල් දෙකත් අනිත්පැත්ත පෙරලන්. මට සම් සම් ටයිම්ස් වලට ඔටෝම වෙන සම් සම් දේවල් වලින් එකක් තමයි ඕකත්. අර අයිස්ක්රීම් එක බිම වැටුන පොඩි එකාගෙ කැරැක්ට එකෙන්ම අශ්වින් අයියට කට කන ලගටම ඇදල රවල මන් අහක බලාගත්තෙ ආයෙත් නැගිටල යෙනුක අයියයි චරිත් අයියයි මැද්දෙන් ගිහින් ඉදගෙන. එන්න එපා මන් ලගට.හපනව ආවොත්. මන් පිට එකා නම් ඒකි ගෙදර එකා වෙන්න ඕනෙනෙ. මටත් හොරෙන් කැමැත්තත් දීලද දන්නෑ ගෙම්බිට. කිස් එකක් දීල කුමාරිකාවක් කරන් කසාද බදින එකයි තියෙන්නෙ. රෙද්ද. මන් තමයි මෙතන මේකව ලොකු කරන් දගලන්නෙ. මන් ගැන කිසි ගානක් නෑ මේ ගස් සතාට. හුම්!! අශ්වින් අයිය සෑහෙන ගේමක් දුන්න අයියල එන්න කලින් මාව ශේප් කරගන්න. මන් සැලෙයිද මිතුරනි.. නෑ කොහෙත්ම නෑ. මන් ඉතින් එයාගෙ කවුරුත් නෙවේනෙ.
YOU ARE READING
cinderella
Fantasyමේක සින්ඩරෙල්ලගෙ කතාව නම් නෙවේ. සින්ඩරෙල්ල වගෙ ලස්සන සින්ඩි කියන දගකාර ගෑනු ලමයගෙ කතාව. පාරෙදි අහම්බෙන් ඇගේ හැප්පුන ඒ කන්නාඩි දාන ලස්සන පිරිමි ලමයගෙ හැමදේම උන ඒ කෙල්ලගෙ කතාව.