81 කොටස

54 2 0
                                    

" මොනවද ඕනෙ ඔයාට? "

" මුකුත් එපා..."

" එපා කියන්නේ.... මොනවහරි කන්න ලමයෝ... මගෙ පැටියව බඩගින්නෙ තියන්නද ඔයා හදන්නේ.."

" ඔය ඉතින් පැටියට ආදරේට මිසක් එයාගෙ අම්මට තියෙන ආදරේකට නෙවේනෙ කවන්න හදන්නේ... හුම්!"

" අනේ මැණික මොනවද ඔය කියන්නේ..."

" මට වෙරලු ඕනේ!"

" යන් මන් අරන් දෙන්නම් බබාගෙ අම්මට ඕනම දෙයක්."

දැන් ඉතින් පොඩි පොඩි වලි...ඒත් මන් තමයි වලිය අදින්නේ. අශ්වින් අයිය හරි ලස්සන ඒව විසදනවා. ඒත් ඒව හරි හුරතල් වලි... මට කන්න කියල තමයි ඔය කෑගහ ඒවගෙන් සීයට අනූ නවයයි දශම නවයක්ම කෑගාන්නේ.. තාත්තා කැරැක්ටර් එකට බැහැලනෙ එයා.. දැන් හරි කෙයාරින් වෙනදටත් වඩා. ඉතින් මාත් පොඩ්ඩක් බොරුවට කන්න බෑ වගේ ඇක්ට් එකක් දානවා. ඉතින් ඊට පස්සෙ පස්සෙන් එනව කුරු කුරු ගගා කෑම පිගානකුත් උස්සන්. මන් හරි ආසයි ඒකට. අශ්වින් අයිය මාවත් දාගෙන රවුමක් යන් කියල එලියට ආවා. එයා පාරෙ දකින දකින ජාති දිහා බල බල මගෙන් අහනව මොනවද ඕනෙ කියල. මන් ඉතින් ලොකු ලයින් දානවා... මොකද එයාට තාම මුකුත් ඕනෙ කියල මට පනිවිඩයක් ආවෙ නෑනේ... ආයෙ ඉතින් මගෙ පැටියට මොනව හරි ඕනෙ නම් අම්ම නොකා ඉන්නෙ නෑනෙ. ඒත් අශ්වින් අයිය හරි හොදයිනේ... බලෙන්ම කවනවා මට. මාස හතරක් හරි ලස්සනට ගෙවුන. ඉතින් මන් දැන් මහත් වෙලා දෙයියනේ... මහතයි කියන්නෙ බන්ඩිය වැඩී... ආහ්!  පේන තරමටම බඩ වැඩි වෙලා තියෙද්දි හරි අමුතුයි. ඒත් ආදරෙයි. ඒත් අශ්වින් අයියට නම් බලන් ඉන්න බැරි ලෙඩක් හැදිලා.. මාව මිරිකනවා ඉවරයක් නෑ. ඉතින් තනි අතින් ඩ්‍රයිව් කරන ගමන් මගේ අතිනුත් අල්ලන් හිටිගමන් බඩටත් හෙමීට තට්ටුවක් දාල කියවන්න ගන්නවා. මට වෙරලුත් අරන් දීල අපි දෙන්න ගියේ බීච් එකට. අපේ ගමන් සගය ඉතින් කලු කෙල්ල තමයි. මාවත් අතින් අල්ලන් වෙරලු මල්ල අනිත් අතින් අරන් අපි දෙන්න වැල්ලෙ ඇවිදන් ගියා.. හවස් වරුවෙ හින්ද ලොකූ අව්වකුත් නෑ ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. සෙරෙප්පුත් නැතුව වැලි උඩ ඇවිදිද්දි හරි සනීපයි. වෙරලු ගෙඩියක් කටේ දාගෙන කටේ පැත්තකට කරන් මන් මුහුද දිහා බලන් හිටිය. ඉතින් ඔන්න ඉන්න බෑ. අත් දෙකෙන්ම අල්ලල කම්මුල් දෙක මිරිකල උම්ම එකකුත් කම්මුලට දුන්න. ටිකක් සෙනගත් හිටිය.. මොකද අපි වෙනද යන බීච් සයිඩ් එක නෙවේනේ. වටේ හිටපු කීපදෙනෙක් බලල හිනාවුනත් එක්ක. මේ වගේ කොමලයක් දැකල නැතුව ඇති එයාලත්. ඉතින් මට ලැජ්ජ හිතුනා. එහෙම කියල ඉතින් අපිට නවතින්න උවමනාවකුත් නෑනේ...  ඉතින් අපි ඇවිදන් ගියා.

cinderella Where stories live. Discover now