අක්කෙ ආ..."
පිටිපස්සෙ ශීට් එකෙ හිටිය නන්ගි කෙනෙක් තමන්ට අයිස්ක්‍රීම් එකක් දික් කරනවා දැක්ක ගමන් අතාරා ඒ පැත්ත බැලුවෙ දැන් මේ ටිකකට කලින් තමන්ට අයිස්ක්‍රීම් හම්බුනේ නැ කියල බස් එක ඇතුලෙ බෙරිහන් දීපු 9 වසරේ පොඩි එකී දිහායි..
"ඇයි දැන් අයිස්ක්‍රීම් නැ කියල කෑ ගැහුව නේද?"
"එහෙමද..ඔක වැඩිපුර එකක් ඔයා කන්න."
"එහෙමද" එක අහපු ලස්සන ..අනික එයා මොකටද තමන්ට එකක් තියාගෙන වැඩිපුර එකක් ඉල්ලුවෙ.අනික දැන් ඒ වැඩිපුර එක කන්න වෙලා තියෙන්නෙ තමන්ට කියල දැනෙද්දී අතාරගෙ ඇගේ මාලු නටනවා.මොකද මේ පොඩි එවුන් කරන වැඩවලින් එයා හොදට මට්ටු වෙලා හිටියෙ.
"හැදෙන්නෙම නැ නේද ?"
"නැ"
හරි ම ස්ථිර බවකින් වගේම ඕන කෙනෙක් ඇද ගන්න පුළුවන් හුරතල් විදිහට එ 9වසරෙ පොඩි එකී එහෙම කියද්දි අතාරා එතනින් එහාට මොනවත් ම කියන්න ගියෙ නැ.
කොච්චර වැඩිපුර අයිස්ක්‍රීම් එකක් වුනත් එකට වගකියන්න අතාරාගෙ මිතුරු කැළ රොක් උනේ කූඹි සීනිවලට ඇදෙනව වගේ.ඕන්නම් විනාඩියක් යන්න ඇති අයිස්ක්‍රීම් කප් එක හිස් වෙන්න.
"මේක පුදුම බඩජාරි කමක් "අතාරා එයාටම මුමුන ගත්තා ...මෙතන ඉන්නෙ දෙන්නයි. අනිත් අය හිටිය නම් මේ පොඩි උන් ඉස්සරහ රෙදිත් නැ.
බටහිර සංගීත අංශයෙන් සමස්ථ ලංකා ජ්‍යෙෂ්ඨ ප්‍රථම ස්ථානය දිනා ගෙන කට්ටියම බස් එකේ ම පාසලට යන ගමන් අතරමගදී පානදුර traffic එකට අහුවෙලා ඉන්න ගමන් ඔන්න ඉතින් සංගීතකාරයො එයාලගෙ ආතල් එක ගන්න පටන් ගත්තා .
"ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන්
මේ දැන් අල්ලපු මාළු
ලාබයි මෝදර මාලුඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන්
මේ දැන් අල්ලපු මාළු.
ලාබයි මෝදර මාලු.."9 වසරේ කට සද්දෙ ම එකී අනිත් උන්වත් අවුස්සගෙනම ඔන්න පටන් ගත්තා .ඊලග පද පේලිය කියන ගමන් ජනේලෙන් ඔලුව දාගෙන බයික් එකේ යන මනුස්සයෙක්ව එයාගේ ගායන සහකාරය කරගන්න හදනවා.
"සිලින් තුනයි වැල උඩහා ගෙදර..
මැගි නෝනට මේ දැන් වික්කේ..
සත දහයක් අඩු කරලා දෙන්නම්
ගන්නවාද බයික් මාමේ..."ජයග්‍රහණයේ සතුට එකීට කැමති විදිහට විදගන්න කියල ටීචර්ත් ඉස්සරහ ම බලාගෙන ගියා.අනිත් අය ඉතින් side support එකට හිටු කියලම අත්පොඩි ගහනවා.උන් නම් පොඩිකමට එහෙමයි කියමු.හැබැයි උන්ට නොදෙවෙනි වෙන්න ඒලෙවල් අක්කලත් හිටු කියලම නටනවා.
එ වුනාට අතාර නටන්න ගියෙ නැ.හැබැයි එයාගෙ යාලුවො දෙන්න සාරයි ,තාරුකී බස් එකේ කොකුවල එල්ලිලා පොඩි උන්ට ශෝ පෙන්නනවා.බස් එකේ ඉන්න වැඩිමල් එවුන් තුන්දෙනාගෙන් දෙන්නෙක් මෙහෙම විකාර නටන කොට අතාරා හිටියෙ මූන හංගගන්න තැනක් නැතුව.අතාරා ජනෙලෙ ගාවින් වාඩිවෙලා ඔහේ පර දිහා බලාගෙන ඉන්න කොට ජනෙලෙ සේයාවෙන් එයා දැක්ක පිටිපස්සෙ ශීට් එකෙ ඉදගෙන එයා දිහා බලන් ඉන්න මෙගාරා ව.
"නටන්නෙ නැද්ද"
මෙගාරා එයා දිහා බලන් ඉන්නව කියල දැක්ක අතාරා එහෙම අහල පිටිපස්ස හැරුනා.
"නැ.කම්මැලි "
මෙගාරාගෙ උත්තරෙට හිනාවක් දීලා අතාරා ආයෙම ඉස්සරහ බලාගත්තත් මෙගාරා එයා දිහා බලන් ඉන්න එක නම් නතර කරල තිබ්බෙ නැ.අතාරත් මෙගාරා දිහා බලන් ඉන්න එක නතර කරෙත් නැ.හැබැයි එහෙන්මම එයාට නින්දත් ගිහින්.
~මතු සම්බන්ධයි~
YOU ARE READING
අතුල්‍ය
Romance"හරි..උබටයි මටයි එකට ඉන්න බැරි නම් වෙන උන් එක්කත් උබට ඉන්න දෙන්නෙ නැ මම ..."