අතාරාට ළමයි හදන්න යන්න බෑ.එක්කො හැදෙයි නැත්තං ඔහොම්මම ඉදී .මෙගාරා කියන්නෙ කොහොමත් හදන්න බැරි ළමයෙක් කියල එයාට තේරිලා ගොඩක් කල්.හැබැයි ආදරෙන් කිව්වාම එයා සවන් දෙන ප්‍රතිශතය වැඩි කියල අතාරා දන්න නිසාම පුළුවන් තරම් හැමවෙලේම මෙගාරාව නිවෙන වචන කතා කරන්න අතාරා වග බලාගත්තා.නැත්තං කොයි වෙලෙත් ඇවිලිලා නෙ ඉන්නෙ.
මේ දවස් ටිකේ එච්චර ලොකුවට දෙන්න අතර කතාබහක් වුණේ නෑ.ලතාට නම් සතුටුයි .එයාට අනුව අතාරා හැමදේම තේරුම් අරන් පැත්තකට වුණේ අතාරාට හොදල මොළේ තියෙන නිසා කියල වුණත් අතාරාට හිතාගන්න බැරි මෙගාරාගෙ වෙනස් වීම .මෙගාරා වෙනදා වගේ කතා කරලා හිනා වෙලා හිටිය නම් ලතා කැලේ.මෙගාරාගෙ මේ වෙස් පෙරලිල්ලට හේතුව තාම එයා දන්නෙ නැ.ගිහින් අහන්නත් හිතයි ඇයි කතා කරන්නෙ නැත්තෙ කියල ..ඒ වුණාට ඊටපස්සෙ මෙගාරා හිතුවොත් එයා නැතුව අතාරාට බෑ කියල නම්බුව නැති වෙනවනෙ.ඉතින් අර පරම්පරා ගත ලොකුකම ඉස්සරහට දාගෙන මෙගාරා ම තමන් ගාවට එනකන් අතාරා බලන් හිටිය වුණාට එයා දන්නෙ නැ එයා එහෙම පැත්තකට වුණ එක බොහොම ලොකු වැරැද්දක් කියල .
ලෝක ළමා දිනෙත් එන්න එන්න ලං වෙනවා.තව මාස තුනකින් අවුරුද්දත් ඉවරයි.කාලය ඉක්මනට යනවා කාටවත් බැ නෙ පොඩ්ඩක් ඒක නවත්තන්න .දැන් ඉස්කෝලේ ළමයි ලෑස්ති වෙන්නෙ ලෝක ළමා දිනේට එයාලට ඕන විදිහට ඉන්න හම්බෙන ඒ දවසට ඉතින් කවුද අකමැති .
අතාරා ඇහේ කොනෙන් දැක්කා මෙගාරාත් එක එක අයිටම් වලට යනවා.ඒ වුණාට වෙනදා මෙගාරා එයාට දීපු ඒ අවධානය දැන් ටික ටික අඩුවෙනවා වගේ එයාට දැනෙනවා.දැන් නම් පොඩි කේන්තියක් හිත යට පුපුරු ගගහ තියෙනවා වුණාට අතාරා පෙන්නන්න ගියේ නෑ.
"ඔයාලා කොහෙද ළමයි වෙන්නෙ? දැන් අවුරුදු 18ක වැඩිහිටියො.."
ළමා දිනේ දවසේ ඉස්කෝලේ ළමයින්ට අයිස්ක්‍රීම් බෙදන වෙලාවෙ ළමයින්ට ඇවිල්ල පෝලිම් ගැහෙන්න කිව්වාම අර ඇගේ ඉන්න කුම්භාන්ඩයගේ පෙරේතකමට ඒලෙවල් උන් ටික පෝලිමේ මුලින් ඉන්නවා දැකල සිස්ටර් කියන අඩපාලි තමයි ඔය.
"ළමයින්ට විතරයි දෙන්නෙ.ආච්චිලා ටික මුලින් ම ඇවිල්ල ."
"අනෙ සිස්ටර් .."
YOU ARE READING
අතුල්‍ය
Romance"හරි..උබටයි මටයි එකට ඉන්න බැරි නම් වෙන උන් එක්කත් උබට ඉන්න දෙන්නෙ නැ මම ..."