11 වන පරිච්ඡේදය

68 10 2
                                    

නින්ද යන්නෙ නැ .කන්න හිතෙන්නෙ නැ.පොතක් පතක් බලන්න බැ .අර හිනාව අතාරාගෙ වටේ හොල්මන් කරනවා.අතාරා ඒ හොල්මනට බය නැ .එයා ඒකට ආසයි.ඇදට වෙලා කොට්ටෙත් කකුල් දෙක අස්සෙ ගහගෙන එයා,එයාම මවාගත්ත ලෝකෙක තනි වෙලා ඒ ලෝකෙ ඔහේ ජීවත් වෙනවා.

අතාරාට ගොඩක් crush ඉදල තිබ්බට එයාට කවදාවත් මෙහෙම feeling එකක් දෙන්න කවුරුත් හිටියෙ නැ.කවුරුත් කැමති කවදාවත් ලැබිලා නැති දේවල් තමන්ට ලැබෙනවට.ඒ ලබාගන්න පුළුවන් හැබැයි නොලැබෙන දේවල්වල තියෙන අමුතු හැගීමෙන් අතාරාට දැන් මිදෙන්න බැ.එයාට මිදෙන්න අවශ්‍යත් නැ.ඒක හොද ද නරකද කියල එයා විනිශ්චය කරන්න ගියෙත් නැ.මොකද ලෝකෙට ඕන විදිහට ජීවත් වෙලා ලැබෙන බම්බුවක් නැ කියල හැමෝටම වඩා අතාරා දන්නවා.

ඊලග දවසෙ ඉස්කෝලේ යනවා කියන්නෙ ඉතින් වෙනම ම show එකක් .පාන්දර 5 ඉදන් අතාරා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා.5:08ට දත් මදින ගමන් කන්නාඩියෙන් පේන එයාගෙ මූණ ට මෙහෙම පෙම් පාටක් ගෙනාව එ ප්‍රාණියව මතක් වුණා ම එයා ඉබේම ඇබරෙනවා බලන්න ආසයි.

බැල්මක් කරපු දෙයක් !!එයා එයාට ම මුමුණ ගත්තෙ රතු වෙච්ච ලොකු කම්මුල් දෙක හෙමීට පිරිමදින ගමන් .

දැන් උදෙන්ම ඉස්කෝලේ යන එක අතාරාට පුරුද්දක් වෙලා.විශ්වි එන්න පරක්කුයි නම් එයාව දාලා ඉස්කෝලේ යන්න තරමට අතාරා දැන් ආත්මාර්ථකාමි වෙලා කිව්වොත් විශ්වි නිසා ඉවසනවා.විශ්වි මුලදි මේක ගැන සැක පල කරාට දැන් දැන් යාලුවට support එක දෙන්නෙ අතාරාගෙ ජීවිතෙත් අතාරා ගැන හොයන්න කෙනෙක් ඉන්න ඕනෙ කියන හැගීමටයි.

ඉස්කෝලේ ගේට්ටුවෙන් අතාරා අඩිය තියෙන්නෙ ම අර ඇස් දෙක හොයාගෙන .හැබැයි අතාරා පන්තියට ආවෙ හැමෝටම පුප්පගෙන.අතේ තිබ්බ බෑග් එක හයියෙන් මේසෙට අතැරිය නිසා කබඩ් එකේ මොනවද හොය හොය හිටිය ඈන් ගැස්සිලා ගියා.

"මොකො උබට අමු කැවිලද "

අතාරා ඈන් දිහාවත් බලන්නෙ නැතුව කොස්ස අරන් පඩිපෙළ අතුගාන්න ගියා.ඈන් දෙලොවක් අතර තනිවෙලා.තත්පර ගානක් ඇතුලත සිද්ධ වුණු මේ දෙය තේරුම් ගන්න තරම් එයාගෙ මොළය තාම මෝරලා නැ.

උපරිම විනාඩි 5කින් අතාරා පඩිපෙළ අතුගාන්න ඇති.එකත් ඕනව එපාට මුලු පළාතම දූවිලිවලින් නාවලා.එයාට දැන් එක තැන ඉන්න බෑ.මොනාමහරි කරන්න ඕනේ.පන්තියේ ළමයින්ට මේක දැන් සාකච්ඡා කරන්න ඕන ප්‍රශ්නයක් වෙලා.

පළවෙනි පීරියඩ් දෙක අද හිස් .ආගම මිස් බදිනවලු.ඉස්කෝලේ ටීචර්ලා ඔක්කොම හවසට යන්න ලෑස්ති වෙනවා .staff room එකෙ දැන් වෙනම සෙල්ලමක් යන්නෙ.ළමයි ත් ඉතින් මැජික් බලනව වගේ මේවා දිහා බලාගෙන ඉන්නවා මිසක් මෙතනින් එහාට මොනවද වෙන්න යන්නෙ කියන්න එයාල දන්න නිසා කටවහගෙන ඉන්නවා.

අතාරා තාමත් බුම්මගෙන.වචන දෙක තුනකට එහා කතා කරන්නෙ නැ .

"උබට ලෙඩක්ද වේ$%"

"ම්..."

හූමිටි තියනවා ඇරෙන්න අතාරා මොනවත් නොකරන්නෙ නොකියන්නෙ ඇයි කියන්න කවුරුත් දන්නෙ නැ .හැබැයි විශ්විට පොඩි ඉවක් හෙමීට දැනුන නිසා එයා කටවහගෙන පැත්තකට වුණේ අනිත් අයටත් අතාරාට කරදර කරන්න එපා කියල .

දෙවෙනි පීරියඩ් එකේ කට්ටිය කයියක් දාගෙන ඉන්නකොට මෙගාරා සී.අයි.ඩී එකෙන් පැන්න වගෙ එක පාරට පන්තියට ආව එකෙන් හැමෝගෙම අවධානය ගියේ මෙගාරාට .හැබැයි අතාරා නෙවෙයි ඒ පැත්ත බලන්නෙ.එයා ජනේලෙට එහා ඇස් දෙක යොමන්න ඉසව්වක් හොයනවා.

"මොකො මෙගාරා මෙ හති දාගෙන "

මෙගාරා දාඩිය පිහ දදා ආපු නිසා තාරුකී යුතුකමක් වශයෙන් එහෙම ඇහුවත් මෙගාරාගෙ ඇස් තිබ්බෙ දැන් එයා කතා කරන්න ම ඕන කෙනා ගාව.කවුරුත් දිහා නොබලා මෙගාරා පුටුවක් ඇදන් අතාරාගෙ එහා පැත්තෙන් වාඩි වෙලා බර සාකච්ඡාවකට වගේ හොදට හරි බරි ගැහිලා පුටුවේ වාඩි වුණා .කතාවට මුල පුරන්න කලින් සුපුරුදු විදිහට තමාගෙ සමීපතමයන් ප්‍රථම රාජකාරිය කරගන්න ගියා.

"අතාරා අක්කෙ.."

ඔබ ඇමතූ ග්‍රාහකයා මේ අවස්ථාවේ සම්බන්ධ කළ නොහැක .කරුනාකර පසුව අමතන්න ......




















~මතු සම්බන්ධයි~

Love you every minute , every second
I'm in love with you ,and now you know

අතුල්‍ය Where stories live. Discover now