"රූමත් මුහුණකට ඇති මිහිරිම එළිය
සිහිලැල් සිනා රැළි හුණු කදුලැලිය"විරහාව කොතැනද කුඩලිගම කවියක් එතැනය.විරහව කියන්නෙ ආදරේට ලැබෙන නිර්වචනයක් .බැදීම් ගොඩක් කියන්නෙ විරහව එතන අනිවාර්යයයි.ගොඩක් අය විරහවට ආස නෑ.හැබැයි විරහව තමයි ඇත්තම ආදරේ.ආදරේදි කරන්නෙ බැදීමක් ඇති කරගන්න එක.ඒ බැදීම කොතරම් ශක්තිමත් හා අත් හල නොහැකි දෙයක්ද කියන්න විරහ අවස්ථාවෙ තේරෙනවා.ඒක නිසා ඕනවට වඩා මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න එපා.එතකොට අතෑරගන්න බෑ.
අතාරාට අනුව කුඩලිගම හොදට දෙතුන් දෙනෙක්ගෙන් බූට් කාපු මනුස්සයෙක් .එයාගෙ හැම කවියකම අනිත්‍ය බව පෙන්නන්න හදනවා.මොන පිස්සුද ආදරේ කරනකොට විරහවක් නෑ.අතාරා හිතුවෙ එහෙමයි.එහෙම හිතන එකෙත් වරදක් නෑ.මොකද එයාට පොඩි කාලෙ ඉදලා ගෙදරින් පෙන්නපු සීමාව තුල එයා හරි.ගෑණු ළමයින්ට සීමා දාලා සමාජය බලාපොරොත්තු වෙන්නෙ මේ දේ තමයි
ඒලෙවල් විෂය ක්ෂේත්රයට මේ වගේ විරාගයන් එකතු කරන්නෙ තරුණ හැගීම් යථාර්ථයක් මිස එහි කිසිදු පාපයක් නොවන බව පෙන්වීමටයි.
ඒලෙවල් පන්තිය කුඩලිගමයන්ගේ මේ විරහව තමාට ආදේශ කරගෙන හිතින් මවාගත් ලොවක තනි වෙලා.අතාරා තමන් මවාගන්න ලෝකේ හැම අස්සක් මුල්ලකම දකින්නෙ එක රුවයි.වෙන කිසි රුවක් මතකයට නොඑන තරමට ඒ රූපය හිතට කා වැදිලා ඉවරයි.මෙගාරා එයාගෙ හිත රිද්දුවොත් මොනවා වෙයිද? දෙන්නට වෙන් වෙන්න වුණොත් මොනවා වෙයිද? ඒ ඔක්කොම මැඩගෙන දෙන්නට ජීවිත ගමන එකට යන්න පුළුවන් වෙයිද වගේ සිතුවිලි ගොඩක් මේ කවිය හරහා අතාරාට ගලාගෙන ආවා.
මේ දවස් වල දෙන්නා දැක්ක තැන මරාගන්නවා.ඒක අතාරාට යි මෙගාරාටයි දෙන්නටම energy drink එක වගේ..දවසට එක පාරක් හරි මරාගත්තෙ නැත්තං දෙන්නටම දවසම මූසලයි.ඒ වගේම අතාරට නෝට් වෙලා තිබ්බේ මෙගාරා 12 වසරේ අයත් එක්ක ලගින් ආශ්‍රය කරනවා කියලා.ඒක හිතවත්කමක් වෙන්න පුළුවන්.නමුත් එයාලත් එක්ක ඕනවට වඩා මෙගාරා යනවට අතාර කැමති නෑ.ඕන ම දෙයක් ඕනවට වඩා ඕනෙ නැ.අනික අතාරා ඉන්නකොට මෙගාරා මොකටද වෙන අක්කලා එක්ක කතා කරන්නෙ .
YOU ARE READING
අතුල්‍ය
Romance"හරි..උබටයි මටයි එකට ඉන්න බැරි නම් වෙන උන් එක්කත් උබට ඉන්න දෙන්නෙ නැ මම ..."