27 වන පරිච්ඡේදය

90 8 3
                                    

අතාරා ඊටපස්සෙ ඒ සතියෙ ම ඉස්කෝලේ ගියෙ නැ.මෙගාරාට කියන්න පුළුවන් ඒ වුණාට අතාරා කොහොමද ඒවා ක්‍රියාත්මක කරන්නෙ.කතා කරන්නෙ නැතුව මූණ බලන්නෙ නැතුව මෙගාරාට ඉන්න පුළුවන් ඇති අතාරා කොහොමද ඉන්නෙ.දැනටමත් පිස්සු වගේ ඉතින් කොහෙද.

සතියෙ ම ඉස්කෝලේ යන්නෙ නැතුව ඉදල ගෙදර මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර නැ .අම්මගෙන් කනක් ඇහිලා ඉන්න නැ අතාරාට .

මොකද ඉස්කෝලේ යන්නෙ නැත්තෙ ??? දැන් අතාරාගෙ අම්මගේ උදේ පාන්දර උදාන වාක්‍ය ඒක.එහෙන් ඉස්කෝලේන් කෝල් එනවා.අතාරා අස් වෙන්න කියල බැලුවෙ ඉස්කෝලේන්...ඒත් ඒකට හරි හේතුවක් නැති නිසා කට වහන් ඉන්නවා.

"කොල්ලෙක්ගෙ ප්‍රශ්නයක් ද?"

"හයියෝ නෑ අම්මේ..මට ඒ ඉස්කෝලේ යන්න හිතෙන්නෙ නැ ..ඒකයි"

කොල්ලෙක්ගෙ නෙවේ කෙල්ලෙක්ගෙ ප්‍රශ්නයක් කියන්න ද ..රෙදි ටික අරන් ගෙදරින් එලියට බහිනවා හොදයි ඊට වඩා.

ඊලග සතියෙ ඉස්කෝලේ ගියත් ගියේ බදාදා ..ඒත් ඉස්කෝලේ එන්න ම කියල තර්ජනය කරලා තිබ්බ නිසා .සිකුරාදා අර කෑම්ප් එක තියෙනවා .අතාරා පුළුවන් තරම් නම කපාගන්න උත්සාහ කලත් කොහෙද මුන්ට අතාරා නැතුව වැඩ වෙන්නෙ නැ වගේ බෑමලු.අතාරාට තවත් මල..දැන් ඉන්නෙ වෙනදා ඉන්න අතාරා නෙවේ.ඉස්කෝලේ ආවා.ගියා.බාහිර දේවල් දිහා ඇහැක්වත් ඇරලා බලන්නෙ නැ .කට්ටියට මේ වෙනස නොතේරුනාම නෙවෙ.

හොදම වැඩේ කියන්නෙ කතා කරන්න එපා මූණ බලන්න එපා කිව්ව මනුස්සයා අතාරා දිහා හොරෙන් බලනවා.අතාරා එයා හොරෙන් බලනවා කියල හොදටම දැක්ක .මොකද මොන මගුල වුණත් අතාරාගෙ ඇස් තාම ඒ රූපෙ හොයනවා.දැන් මෙගාරා මේ කරන දේ තේරුම මොකක්ද ??? අතාරාට හිතාගන්න බැ ...ආයේ මුල ඉදන් යන්න අතාරාට බැ.ඒක නිසා මේක මෙතනින් නවත්තනව.අතාරා හිතාගත්තා .

කෑම්ප් වැඩේට එන කැම්පස් අයියලා අක්කලට සංග්‍රහ කරන්න මොනාහරි තෑගි දෙන්න කෑම්ප් යන කට්ටිය සල්ලි එකතු කරනවා.අතාරා නම් ඒ පැත්තෙ ගියේ නැ .අනිත් සෙට් එක නම් ඔලුව දාලා ඇවිල්ල තිබ්බා.

"උන් අච්චාරු විකුණනවා .යමන් ගන්න "

සල්ලි එකතු කරන්න කෑම්ප් යන අය අච්චාරු විකුණනවා .අතාරා ඉතින් කට්ටිය එක්ක එතනට යද්දි දුර ඉදන්ම දැක්කා මෙගාරා එතන ඉන්නවා කියල .හැරෙන්න බැරි තරමට ආපු දුර හොදටම වැඩී ඒක නිසා ඉස්සරහට ම යනවා.

අතුල්‍ය Where stories live. Discover now