17 වන පරිච්ඡේදය

74 10 2
                                    

දෙන්නගෙ කතාව අතරතුරේ ඉස්කෝලේ silent bell එක ගැහුවා විතරයි මුලු ඉස්කෝලේ ම මීයට පිම්බා වගේ හ්ම් සද්දයක් නැ.අතාරායි මෙගාරයි තේරුම් ගත්තා ඒ දෙන්න දැන් වෙන් වෙලා පන්තිවලට යන්න ඕන වෙලාව හරි කියල .අතාරා ඉතින් silent bell එක ඉවර වෙලා ගල් බංකුවෙන් නැගිටල යන ගමන් නිකමට උඩ එයාලගෙ පන්ති කොරිඩෝව දිහා බලාගෙන ගියා.මෙච්චර වෙලා එතන විශ්වි පැල් රැකලා කියල දැක්කාම දැන් ඉතින් ලැජ්ජාවෙ බැ.කොහොමද ඉස්කෝලේ ආවේ.මම ආයෙ කතා කරන්නෙ නෑ අතේ දුරින් ඉන්නෙ බ්ලා බ්ලා....දැන් ඉතින් ඒ ඔක්කොම ගගට කපපු ඉනි වෙලා ඉවරයි .ඒ කේන්තියමද මන්දා විශ්විගෙ මූණෙන් දිලිසි දිලිසි පේනවා.

පන්තියට ආපු ගමන් එතන වෙච්ච හැමදේම අතාරා විශ්විට අකුරක් නෑර කිව්වා.විශ්විට ලැජ්ජයි!!!හොදටම ලැජ්ජයි!!!තමන්ගෙ හොදම යාලුවා ගෑනු ළමයෙක් හින්දා වැනි වැනි ඉන්න ගමන් තමන්ටත් ලැජ්ජ කරන හැටි.දෙන්නගෙ කතාව අතරෙ විශ්විට අතාරගෙ හැකරයා වගේ කියවන කටට දෙකක් දෙන්න හිතුනා ආයේ ඒ හැගිම මැඩගෙන ඔක්කොම අහගෙන හිටිය .

"මොනාද උබ මෙගාරා එක්ක කියෙව්වෙ දාගෙන?"

ප්‍රිෆෙට් ඩියුටි කරලා පන්තියට තාරුකී තකහනියක් ඇවිත් තියෙන්නෙ ඒක අහන්න.තාරුකීට  දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ එයා අතාරාගෙන් කිසිම ගානක් නැතුව අහද්දි අතාරා නම් ටිකක් ගැස්සුනා .මුලු ලෝකෙටම ඒක වරදක් නෙවේ කියල අතාරා පෙන්නන්න හැදුවත් ඒක වරදක් කියල එයාගෙ හෘද සාක්ෂිය දන්න නිසා එයාට බයයි කවුරු හරි මේක දැනගනි කියල .මොකද එහෙම දැනගත්තොත් එතනින් එහාට කරන දේ එයා තාම තීරණය කරලා තිබ්බෙ නෑ.

"අසනීපෙ ගැන ඇහුවා බන් එච්චරයි .."

වචනයකට දෙකකට වඩා එක දුරදිග යවන්න අතාරා කැමති වුණේ නැති නිසා අනිත් හැම ප්‍රශ්නෙකටම හූමිටි තිබ්බා විතරයි .

පළවෙනි පීරියඩ් එකට ආපු පොලිටිකල් මිස් එයාගෙ පාර්ලිමේන්තු වැඩේ සිස්ටර් අගයපු හැටි ගැන ලොකු උදම් ඇනීමක් කරලා පස්සෙ පාර්ලිමේන්තුවේ භාණ්ඩාගාරයට මුදල් එකතු කරන්න මරු යෝජනාවකුත් කලා.ඒක යෝජනාවක් නෙවේ සිස්ටර්ගෙ අණක් එක නිසා ඒක කරන්න කැමති ද නැද්ද කියල අහලා වැඩක් නෑ ඒක කරන්න ඕනෙමයි.
ලගම එන primary ළමයින්ගේ prize giving ඩේ එකට ෆුඩ් ස්ටෝල් එකක් දාලා හොද ආදායමක් ගන්න පුළුවන් වෙයි කියල පාර්ලිමේන්තු ළමයි එකතුවෙලා මේක කරන්න කියල ටීචර් කිව්වා.අන්තිමට ,

අතුල්‍ය Where stories live. Discover now